(නිමල කොඩිතුවක්කු)
බන්ධනාගාර බුද්ධි අංශ විසින් වැලිකඩ බන්ධනාගාර රෝහලේ අද (12) සිදු කරනු ලැබූ හදිසි වැටලීමකදී එහි තිබී ජංගම දුරකථන 02ක් සහ සිම්පත් 02ක් සොයා ගෙන තිබේ.
අදාළ ජංගම දුරකථන සහ සිම්පත් සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ඞී එම් ස්වාමිනාදන් මහතාගේ සෘජු නියෝගයක් යටතේ මෙම වැටලීම සිදුකර තිබේ.
අදාළ වැටලීම සදහා බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ට අමතරව එම කටයුතු නිරීක්ෂණය සදහා බන්ධනාගාර අමාත්‍යාංශ නිලධාරීන් දෙදෙනකුද සහභාගී වී ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරණමඩු ප්‍රදේශයෙන් අති විශාල ඉන්ධන ටැංකි ගොඩගත් අපේ රටේ රජයේ බෝඩිම් වලට ඇතුල්වෙන ජංගම දුරකථන 02ක් මතුකර ගැනීම සුළු දෙයක්. සොයන්නාට සම්භවේ කියල අපේ වැඩිහිටියෝ කිවුවේ කට කහනවටද ???
ඔය දුරකථන දෙක අර අහිංසක දෙන්න ගේ වෙන්න ඇති. අලුත අපු නිසා දන්නේ නැතුව ගෙන්න ඇති
මේවා හම්බෙලා තියෙන්නේ සැප වාට්ටුවෙන්නේ...... අර ලොකු ලොකු පිරිස වැටිලා ඉන්න වාට්ටුව