දයාරත්න ඇඹෝගම
අනුරාධපුර මහ නගර සභාව මගින් පවත්වාගෙන යන නිසල නිම්නයේ ආදාහානාගාරයට අද (15) දින සිට සිල් තැබු බව අනුරාධපුර මහ නගර සභාවේ කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතා පැවසිය.
අදාහානගාරයේ සේවකයන් ගැස් ඉතිරි කර ගැනීම සඳහා මළ සිරුර අසම්පුර්ණ ලෙස අදාහනය කිරිම සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණ අවසන් වන තෙක් අදාහනාගරායට මෙසේ සිල් තැබීමට කටයුතු කළ බව නාගාරික කොමසාරිස්වරයා කීවේය.
ආදාහනාගාරයේදි මළ සිරුර සහ මිනි පෙට්ටි භාගයට පුලූස්සා ගැස් ඉතිරි කර ගැනිමේ ව්‍යාපාරයේ නියුතු වුවේ යැයි කියන සේවකයන් තිදෙනෙකුගේ සේවය අත් හිටවා තවත් සේවකයන් තිදෙනෙකු ස්ථාන මාරු කරන ලද බවත් අනුරාධපුර මහා නගර සභාවේ කොමාසාරිස් අජන්ත ගුණවර්ධන මහතා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයව රස්සාවෙන් අස් කරලා ස්ථාන මාරු කලාම හරිද? මළ මිනියක් පුළුස්සන්නේ දර කැල්ලක් නෙවෙයි. මෙවැනි පහත් වැඩක් කිරීම මිනියක් බාගෙට මැරුවා හා සමානයි මම දකින්නේ. වහාම ඔවුන් අත්අඩංගුවට ගත යුතුයි.
මම මේක ගොඩක් අගය කරනවා.
මේවගේ පහත් වැඩ කරන අයට කිසිම සමාවක් දෙන්න හොඳ නැහැ.. පුදුමයි මෙවැනි අසත්පුරුෂ මිනිස්සු මේ විදිහට ජීවත්වෙලා ඉන්නවා දැක්කමත් .. ඒ මාධ්‍ය කණ්ඩායමට ගොඩක් පින්, මේ පහත් වැඩේ සුලමුල හොයලා මුළු ලංකාවම දැනුවත් කළාට..
අප රටේ සිටින දේශපාලකයන්ට තිබෙන " කාලකණ්ණි ගතිගුණවලට" ඉතාම සමීප ගති ලක්ෂණ ඇති අයට උපරිම දඬුවම් දිය යුතුය.
ඉතුරු ගෑස් වලට මොකද? කරන්නේ ....
ඉතුරු ගෑස් වලට මොකද? කරන්නේ. වෙන මොනවා කරන්නද....ගොස්තරේ පුරොවගන්න කෑම උයාගෙන කනවා මිසක් !!!!!