(සටහන සහ ඡායාරූප - ශාන්ත රත්නායක)

යුද සමයේ සිදු වූ කිසිදු සිද්ධියක් සම්බන්දයෙන් ජත්‍යන්තර යේ නඩු පැවරීමට ජනපති, තමන් ඇතුළු රාජ්‍ය කිසි විටක ඉඩ නොදෙන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොල්පිතිගම දී අද 16 පැවසිය.
ජාතික රජයේ අරමුණ වන්නේ සෞඛ්‍ය ,අධ්‍යාපන ,අයිතීන් මෙන්ම සැමට සමාන නීති අයිතිවාසිකම් ලැබෙන රටක් බිහිකිම බවද අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පොල්පිතිගම ජාතික පාසලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාවේ දීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අගමැතිතුමා ඇතුළු රජයේ එකම අරමුණ... යුද්ධයේදී සිදුවූ සිදුවීම් යුද්ධයටම හමාරකොට ගෙදර දේවල් ගේ ඇතුලේ විසඳමු. එයයි දැන් වියයුත්තේ ... සාමය, සමාධානය, සමගිය තුළින් ආර්ථික, මානුෂික, සමාජීය, ස්ථිරසාර, සංවර්ධනයක් කරා පියමන් කිරීම හා අපේ මවුබිම බත බුලතින් සරු සාර රටක් ... පැරකුම් යුගයක් නැවතත් අරඹමු. ජාති, කුල, පාට, පක්ෂ පසෙකලා .. එක මවකගේ දරුවන් මෙන් යමු යමු වී නොපමා... සාමේ වඩා එකමුතුවී යහපාලනයක් කරා පියමන් කරමු ..
යුද්ධයේදී ඇති වූ සිද්ධීන්ට නඩු දාන්න දෙන්නේ නැති එක නම් අපට තේරෙනවා. හැබැයි, බැඳුම්කරයෙදී ඇති වූ සිද්ධීන්ට නඩු දාන්න දෙන්නේ නැති එක නම් අපිට තේරුම් ගන්න...බෑ....... ඒකත් හොඳටම තේරෙනවා අපිට.
එහෙම කරනවානම් ඉතාම හොදයි. මොකද? දේශපාලන මතවාද කුමක් වුවත් රටේ පැවති යුද්ධය අවසන් කළ පුද්ගලයන්ට රටේ සහ ජනතාවගේ ගෞරවය හිමිවිය යුතුයි. නමුත් රජය නියෝජනය කරන ඇතැම් අයගේ ප්‍රකාශවලින් මේ තීරණය අභියෝගයට ලක් නොවිය යුතුයි.
ඡන්දයක් ළඟ එන බව දැන දැනම හරිම සිංහල බෞද්ධ හෙළයෙක් කියන්න හදනවා.
එතකොට අර නඩු දැම්මාම සාක්කි දෙන්න බලන් ඉන්න ඇමතිවරයාට මොකද කරන්නේ?
රටේ අගමැතිතුමා පැහැදිලිව කියා සිටියේ මෙම අතුරුදහන් කිරීමේ පනත බලාත්මක වෙන්නේ 2017 අග සිට බවයි. එමනිසා මෙයට කලබල හෝ බිය විය යුත්තේ අනාගතයේදීත් මිනිසුන් අතුරුදහන් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කට්ටියයි. නමුත් ඒකාබද්ධ විපක්ෂය මෙන්ම සමහර සංඝරත්නය මෙයට විරුද්ධ වෙන්නේ ඔවුන් හට මිනිසුන් අතුරුදහන් කිරීමට අවශ්‍ය නිසාද?