(සමන් විජය බංඩාර)
මහනුවර යුගයේදී ලියවුණු සිරිලක රාජ පරම්පරාවේ අවසන් සෙල්ලිපිය ද ඇති සැලව රජ මහ විහාරය බාරකාරිත්වයේ ප්‍රශ්නයක් මුල් කර ගනිමින් දින කිහිපයක සිට ඉබි යතුරු යොදා වසා දමා ඇත.
මෙම විහාරය මෙලෙස වසා දැමුණේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බව කියැවේ.
පුංචි දඹුල්ල ලෙස හදුන්වන මෙම විහාරස්ථානයේ අයිතිය මල්වතු මහා විහාරය සතු වන අතර අරණායක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ අරණායකට නුදුරින් එම විහාරය පිහිටා ඇත.
දහම් පාසල කර ගෙන යෑමටත් මින් බාධා එල්ල වී ඇති අතර දහම් පාසල් තරඟ කීපයකට දරුවන්ට යෑමට ඇති නමුත් ඒ වෙනුවෙන් ලිපි ලේඛන ලබා ගැනිමටද නොහැකි වි ඇත.තවද දෛනික බුද්ධ පූජාවද තැබිමට නොහැකි වී ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පන්සල් වල භාරකාරයෝ කියන්නේ ඒවා බලා කියාගෙන ඉන්න පත්කළ අය මිස පන්සලට කැප කරපු බහිරවයෝ නෙවේ. ඉන්න බාරකාරයා හොඳ නැත්නම් වෙන කෙනෙකුට බාරදෙන්න. ඔය පන්සල්වල සංඝයා වහන්සේලා නැතිද? ඕක වහන්නම ඕනෙද? මේකෙන් පේනවා පන්සල් කොපමණ පිරිහිලාද කියලා...
ඉනේ යතුරු කැරැල්ල ගහගෙන අනුන්ට ඇලෙන්න ගැටෙන්න එපා කියන හාමුදුරුවරු ඉන්න තාක්කල් මෙසේම සිදුවේ. නුදුරු දිනකම අපේ රටට ධර්ම දේශනා වලට පැවිදි වූ විදේශ හාමුදුරුවරුන්ට එන්න වෙයි. අජාන් බ්‍රහ්ම මුනිවරයා ඉන් කෙනෙකි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උගත් උන්වහන්සේ සසරේ නිසරුබව දැක පැවිදිවුවෙකි. උන්වහන්සේට යතුරු නැත. නියමාකාරයෙන්ම බුද්ධ පුත්‍රයෙක් වන උන්වහන්සේගේ බණ අන්තර්ජාලයෙන් අසන්න.
තණ්හාව නිසා වෙන දේවල්නේද? අනේ බුදු හිමියනේ...
අතහරින්න, දන්දෙන්න, තණ්හාව නැතිකරගන්න කියා අපිට බන කියන හමුදුරුවරුන්ගෙන් බොහෝ දෙනෙක්ම අපිට වඩා තණ්හාධිකයි.
අලි පැටව් පන්සලේ ගේට්ටුව ලඟ දාලා යන දායක පිරිසක් ඉන්න කම් මේ තණ්හාව නැතිකරන්න බැහැ.