(උපාලි ආනන්ද)
අදාහනය කිරීම සදහා අනුරාධපුර නිසල නිම්නය පොදු සුසාන භූමියට බාර දෙන මළ සිරුරු අඩක් පුළුස්සා රාත‍්‍රි කාලයේ දී වළ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම සුසාන භූමියේ පාලකවරයා සහ සහයකයා ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් හර්ෂණ රත්නායක මහතා නියෝග කළේය.
මෘත ශරීරයකට අගෞරව කිරීමේ චෝදනාව මත ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 292 වගන්තිය ප‍්‍රකාරව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
මළ සිරුරු පිළිස්සීම සදහා යොදන ගෑස් ඉතිරි කර වංචා කිරීමේ අරමුණින් මොවුන් මෙලෙස කර ඇතැයි අනාවරණය වූ බවද පොලිසිය මෙහිදි පැවසීය.
පොලිසිය ආදාහන කටයුතු සඳහා සුසාන භූමියට බාර දෙන මළ සිරුරු අඩක් පුළුස්සා සූක්ෂම අයුරින් වළ දමන බවට අනුරාධපුර නාගරික කොමසාරිස් අජන්ත ගුනවර්ධණ මහතා පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවයි .
අඩක් පිළිස්සූ මළ සිරුරු කොටස් වළ දමා ඇති අයුරුත් සුනඛයින් විසින් ඇද දමා තිබූ කොටස් ද සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කීය.
එම ආදාහනාගාරයට මේ වන විට මුද්‍රා තබා විශේෂ පොලිස් ආරක්ෂාවක් සලසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවියෙන් ඔවුනට ලබාදුන් හොඳ දඬුවමක්... විනිසුරුතුමාට ස්තුතියි...
මළ මිනියෙන් ගෝස්තර පුරවා ගන්නේ හිවලුන්, බල්ලන් ආදී සතුන් මිස රෙද්දක් ඇඳගෙන සිටින කකුල් දෙකේ අමානුශිකයන් බව මා මීට පෙර දැන සිටියේ නැහැ ! මේ මිනී කාක්කන්ට මතක සිටින පරිදි උපරිම දඬුවම් දෙන්න .
පුදුම පවුකාර මිනිස්සු ඉන්න රටක් මේක.
රටේ නීතියට බය නැතිකම තමයි හැම සිද්ධියක්ම කියන්නේ.... මේවා කොහෙන් නතර වෙයිද ....?
රටේ නීතියට බය නැතිකම තමයි හැම සිද්ධියක්ම කියන්නේ.... කොහෙන් නතර වෙයිද මන්දා ...