(මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
තමන් තමාගේ දියණිය හා බෑණා සමග එකම මේසයක හිඳ සෑම රාත්රීයකදීම ආහාර ගත්තත් කිසිම දිනෙක ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු හෝ බැඳුම්කර තොරතුරු පිළිබඳව සාකච්ඡා කර නැතැයි මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (19) පැවසීය.
ජනාධිපති නීතීඥ රෝමේෂ් සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා තම දියණිය විවාහ වු පසු තමාට අයත් කොළඹ 07 ‘මල් පාරේ’ නිවස ඇයට දුන් බවත් එම නිවසේ තම දියණිය හා බෑණා සමඟ තමන් පදිංචිව සිටින බවත් පැවසීය.
සෑම දිනෙකම රාත්රීයේදීම තම දියණිය හා බෑණා සමඟ තමන් රාත්‍රී ආහාර ගන්නා බවත් ඒ අවස්ථාවේදී එදින සිදුවු සිද්ධීන් ඇතුළු විවිධ දේ ගැන සාකච්ඡා කළත් ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු හෝ බැඳුම්කර තොරතුරු පිළිබඳව කිසිම දිනෙක සාකච්ඡා කර නැති බවත් අර්ජුන් මහෙන්ද්‍රන් මහතා කොමිසම හමුවේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් ඉර හඳ වගේ විශ්වාසයි මෙය
එහෙනම් කියන්න ඇත්තේ උදේ කෑම මෙසේ වෙන්න ඇති. වැදගත් මිනිස්සුනම් කීයටවත් බෑනව මහ බැංකුවට සම්බන්ද කර ගන්නේ නෑ.. බලමු මොකද වෙන්නේ කියල.
මාමටයි බෑණටයි යන්න වෙයි වගේ අවුරුදු හත අටකට.
ඕවා කියන්න කොන්දේ බැඳපු චීනුන්ට. බොරු කීමත් කලාවකට කරන්නේ ඕනේ. මොවුන්ට තවත් නඩු ඇසීම අවශ්‍ය නැහැ.
මගේ මතකයට නැගෙනවා පැරණි නාට්‍යක නම "නරි බෑනා සහ හොරු හතලිහ ". මෙයාගේ බෑනට අගහරු ලෝකේ සම්බන්දයක් තියෙනවා එහෙන් තමා විස්තර බෑනට ලැබෙන්න ඇත්තේ.
නියම පවුල් ලංකාවේ ඉන්නේ.
හරියට හරි. අන්න එහෙම ඇත්තම කියන්න.
එකට කද්දී නොකිවුවට, කන්න ඉස්සෙල්ල එකට බොද්දි ඔක්කොම කියන්න ඇති එහෙනම්. එයාගෙන් වෙන අහල දැනගන්න දෙයක් නැහැ. ඔය කතාව විතරක් ඇති සියල්ලම හිතාගන්න. මම හිතුවේ මේ දෙගොල්ල අඩුම තරමේ වෙන වෙනම ජිවත් වෙනවා කියල. දැන් බලද්දී කාලා තියෙන්නෙත් එකම මෙසේනේ.
බලන්න.. මෙයා මොන තරම් අවංක කෙනෙක්ද කියලා.
මෙයා බබා.
අනේ මගේ කට !!! අපේ රට හින්දම හොඳයි. වෙනරටක වුණා නම් මෙලහකට හිරේ.
අනේ චුට්ටක්වත් පුංචි ඉගියක් වත් කළේම නැද්ද, අපිටනම් හරි පුදුමයි මේ වගේ අවිහිංසක කාරුණික මහත්මයෙක්ට මේවගේ බොරු චෝදනා කරනවට. මොනවා උනත් ඇත්ත කියපු එකට සමහරවිට ඔය මහත්මයට නිදහස්වෙන්නත් පුළුවන් වේවි.
මොහු මේ සම්පප්‍රලාප කියන්නේ සාක්ෂි දීමට පෙර දකුණු අත ඔසවලා දෙන දිවුරුම දීලා නේද ?
මට මතක නෑ, මම දන්නේ නෑ
රටක් වටිනා මාමා කෙනෙක්.
කියන්න බැරි වුණා නම් දැන් වත් කියන්නකෝ අනේ......හිතේ තියාගෙන ඉන්නේ නැතුව.
අවංකභාවය ගැන කතා කරලා වැඩක් නැත. පුදපු ගමන් බිලියන 59 කට ගැහුවා. ශ්‍රී ලංකා පුරවැසියකු නොවන පුද්ගලයකු ශ්‍රී ලංකා මහබැංකුවට පත්කරපු අගමැතිතුමාට වගකීමෙන් මිදිය හැකිද?
අවංක බාවය ගැන කතා කරලා වැඩක් නැත. ආපු ගමන් බිලියන 59 කට ගැහුවා. ශ්‍රී ලංකා පුරවැසියකු නොවන පුද්ගලයකු ශ්‍රී ලංකා මහබැංකුවට පත්කරපු අගමැතිතුමාට වගකීමෙන් මිදිය හැකිද?
අහිංසක මිනිසුන්ගේ සල්ලි හොරකපු හැමෝටම නීතියෙන් නැනත් සොබාදහමින් දඩුවම් ලැබෙනවා! සමහර අය අපි දන්නා උදවිය..මෙහෙම රටක ඉන්න සිදුවීම අපගේ දරුවන්ගේ අවාසනාව!
මම පුංචි කාලේ ඇසුවට පස්සේ අහපු ලස්සනම සුරංගනා කතාව.
එපමණද...? හැමෝම කෙටි උත්තරයකින් ගැලවෙනවා. සල්ලි බලේ...
රාජකාරිය දේවකාරියටත් වඩා සැලකිල්ලෙන් කරන, කිසිම ආකාරයකින් තමන්ගේ පවුලේ උදවියට වත් රාජකාරි කටයුතු ගැන නොකියන මෙවැනි අධිපති වරුන්, තමන්ට කෝටි ගණන් වටිනා ගෙවල් අරන්දෙන්නේ කවුද කියලවත් හොයල නොබලන මුදල් ඇමතිවරුන් පිරුණු අපේ රට මොන තරම් වාසනාවන්තද? මෙතුමා තනිකරම විදේශිකයෙක් වෙලත් අපේ රට ගැන උතුරා යන කැක්කුමකින් කටයුතු කරන බව දැනගෙන එතුමා ලංකාවට ආනයනය කල අයට අපේ ආචාරය!
එකට කෑවා කිව්වේ මාමා සහ බෑණා දෙන්නා එකතු වෙලා රට වනසපු එකටද?
ඕක මොකක්ද අනේ... අර රවීගේ බිරිඳ ගේ ගත්ත හැටි කිව්වේ නැති කොට... මේක අපේ රටට දැන් වෛරස් එකක් වෙලා වගෙයි... බයෙත් බැහැ..