(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගෙන් හරස් ප්‍රශ්ණ ඇසීම සඳහා වෙනත් අයගේ සාක්කි සහ ලේඛණ අධ්‍යනය කිරීමට කල් ලබා දෙන ලෙස බැඳුම්කර කොමිසමේ පැමිණිල්ල මෙහෙයවන වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අද (20) කොමිසමෙන් ඉල්ලා සිටියේය.
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ සාක්කි මෙහෙයවා අවසන් වීමෙන් අනතුරුව ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා එලෙස කොමිසමෙන් අවසර ඉල්ලා සිටියේය.
අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කොමිසම අමතමින් එම ඉල්ලීමට අවසරදීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නැතැයිද ලබන සතිය පුරා ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන නඩුවකට පෙනී සිටින නිසා එම සතියේදී තමන්ට මෙම කොමිසමේ පෙනී සිටීමේ හැකියාවක් නැතැයි කීය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලූ කොමිසම මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගෙන් හරස් ප්‍රශ්ණ ඇසීම හෙට (22) දක්වාද කොමිසමේ ඉතිරි සාක්කි විමසීම ලබන මස 02 වැනිදා දක්වාද කල් තැබුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑ තරම් කල් අරන් අරඹන්න පුතේ, උක් දණ්ඩ මිරිකනවා වගේ, ඔක්කොම පැණි බේරෙන්න. ඇත්ත දැනගන්න අපි කන්දෙක උල් කරගෙන බලාගෙන ඉන්නවා. ඔබට සියලු දෙවියන්ගේ පිහිටයි.
මේ හොරකම රටට හෙළිකර පුද්ගලයා දේශයේ වීරයෙක් වශයෙන් ඉතිහාස ගත විය යුතුයි .