(මනෝප්රිය ගුණසේකර)
සයිටම් විරෝධී පාගමනක් අතරතුර සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී එහි දේපල වලට හානි කළැයි සැකපිට රිමානඩ් බාරයේ සිටින වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් විරෝධතා ඇතොත් ලබන 2 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා අද (25) නියෝග කළේය.
එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මරදාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති හා නිතිපතිවරයාට ද විනිසුරුවරයා විසින් සිතාසි නිකුත් කරන ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලියන 600 ක් කාබාසිනියා කරපු උන්ට ඇප. නිදහස් අධ්‍යාපනය රැකගන්න දඟලන එකාට ඇප නෑ.
ඔන්න මම දැන් තමයි දැනගත්තේ නිදහස් අධ්‍යාපනයට මෙතුවක් කල් බාධා කරලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුටු, බැංකු, ජනේල් කියලා. මේ හාදයා ඒවා කඩලා බිඳලා දාලා නිදහස් අධ්‍යාපනය රැක ගන්න ලොකු වෙහෙසක් දරලා තියෙනවා බැලුවාම.
මොලේ නැති මහී වගේ අය ඉන්නවා. ඇමතිවරුන්ට කඩේ යන.. ඔය අමාත්‍යාංශයේ ඇති ඕනෑතරන් ඒ වගේ අය.
අපිට නම් ඉතින් හිනා යනවා... මේ අපේ රටේ වෛද්‍ය ශිෂ්‍යයෙක්ලු? අනුන්ට බෙහෙත් දීලා ලෙඩ සුව කරන්න කලින් තමුන්ගේ ඔලුවේ තියන ලෙඩේ සුව කර ගත්තොත් හොඳයි. මොහු වෛද්‍ය විද්‍යාව හදාරන්න කලින් පිටරට වෛද්‍ය විද්‍යාව හදාරන ශිෂ්‍යයෙකුගේ යහපත් පැවැත්ම ගැන හදාරා ඉගෙන ගත්තොත් මොහුට අඩු තරමේ මොහුගේ ජීවිතය වත් හරියට හදාගන්න පුළුවන් වෙයි.
අපිට නම් ඉතින් හිනා යනවා මේ අපේ රටේ වෛද්‍ය ශිෂ්‍යයෙක්ලු? අනුන්ට බෙහෙත් දීල ලෙඩ සුව කරන්න කලින් තමුන්ගේ ඔලුවේ තියන ලෙඩේ සුව කර ගත්තොත් හොඳයි. මොහු වෛද්‍ය විද්‍යාව හදාරන්න කලින් පිටරට වෛද්‍ය විද්‍යාව හදාරන ශිෂ්‍යයෙකු ගේ යහපත් පැවැත්ම ගැන හදාරා ඉගෙන ගත්තොත් මොහුට අඩු තරමේ මොහුගේ ජීවිතය වත් හරියට හදාගන්න පුළුවන් වෙයි???
මොහුව අංගොඩ යවා ප්‍රතිකාර කල උථුඉ.මුළු සමාජයටම පිලිලයන්.
නිදහස් අධ්‍යාපනයට බාධා කරපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුටු,බංකු එක්ක මෙයා පොර ඇල්ලුවා කියමු(තේරෙන විදිහනේ),තාම ඇතුලෙනෙ ඒකට හේතුව විදිහට දියවන්නාවෙ කට්ටිය අමාත්‍යාංශයට ලැබුණු වාහන, බලපත්‍ර එකට ලැබුණු වාහන තමන්ගෙ වගේ විකුණපු අවස්ථාත් තිබුනණේ.කෝ ඒ අයත් ඔක්කොම අද මෙයා එක්ක ඇප ගන්නවත් බැරුව ඇතුලෙ නේද?වරදට දඩුවම්
මේ අපේ රටේ,අපි ජීවත්වන රටේ ඔය දෙකම ඒ කියන්නෙ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයයි,රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපනයයි එකකින් එකට බාධාවක්,හිරිහැරයක් නැතිව පවතියි කියලා හිතනවද?