(මනෝප්‍රිය ගුණසේකර)
සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ නොතිබු තනතුරක් ඇති කොට එයට තම පෞද්ගලික ලේකම්වරයා බඳවා ගැනීම හා ඔහුට වාහන දීමනා ඇතුළු වෙනත් දීමනා ගෙවීමට අධ්‍යක්ෂක මණ්ඩලය පොළඹවන ලදැයි හිටපු ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න හා ඔහුගේ පෞද්ගලික ලේකම් පී.දයාවංශ යන මහත්වරුන්ට එරෙහි චෝදනා පත්‍ර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ඔවුන්ට බාර දෙන ලදී.
මෙම චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් අධිකරණය හමුවේ පැවසීම නිසා විත්තිකරුවන්ට එරෙහි නඩුව ලබන දෙසැම්බර් 4 වැනි දා සිට විභාග කිරිමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නෑ ඉතින් මේ දෙන්නටත් අර අනුෂ ලලිත් ආවා වගේ එලියට එයි ඇතුළට දැම්මත්....
කල් මැරීමක් .රජයේ දේපොළ මංකොල්ල කෑම දෙපැත්තම කරගෙනයනවා. මේ හොරුන්ගෙන් රට බේරාගන්නේ කව්ද ?