(ඩී. නයනදුල සෙන්දනායක)
මත්කුඩු සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ බුලත්සිංහල පොලිසියේ සිර මැදිරියක රඳවා සිටි සැකකරුවකු සිකුරාදා (22) රාත්රි 7.30 ත් 8.00ත් අතර කාලය තුළ සිර මැදිරියේ වැසිකිලිය ආසන්නයෙන් බිත්තිය කඩා කුහරයක් සාදාගෙන පලාගොස් ඇතැයි වාර්තා වේ.
සැකකරු මතුගම පොලිසියේ නීති බලගැන්වීමේ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන බුලත්සිංහල පොලිසියට බාරදී ඇති අතර ඔහු බුලත්සිංහල පොලිසිය බාරයේ සිටියදී මෙසේ පලාගොස් ඇත.
සැකකරු බැලීමට රාත්රියේ ඔහුගේ ඥාතින් පැමිණි අවස්ථාවේදී සැකකරු එහි නොසිටි බව පොලිසිය කියයි.
එම සැකකරු අද (23) ප්රදේශයේ විහාරාධිපති හිමි නමකගේ මාර්ගයෙන් නැවත පොලිසියට බාර වූ බව බුලත්සිංහල පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd