(ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය)
පහළොස් හැවිරිදි දැරියක් රාතී‍්‍ර සමාජ ශාලාවක සේවයේ යොදවාගෙන සිටියදී වැලිකඩ පොලිසිය විසින් සොයාගනු ලැබුවාය.
රාති‍්‍ර සමාජ ශාලාවේ අනෙකුත් නළඟනන් සමඟ මෙම දැරියද අඩ නිරුවතින් නැටීමට යොදවාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි වැලිකඩ පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. දුම්මලසූරිය පොලිස් වසමේ පදිංචි මෙම දැරිය තවමත් පාසල් යන සිසුවියක බවද පොලිසිය පවසයි.
රාතී‍්‍ර සමාජ ශාලාවේ නර්තන ඉදිරිපත් කිරීමට යොදාගත් බව කියන මෙම බාල වයස්කාර දැරිය ලිංගික අපයෝජනයන්ට ලක්වී ඇත්දැයි සොයා ගැනීමට ඇය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට රෝහල් ගත කර තිබෙන බව ද පොලිසිය සඳහන් කරයි.
ගමේ පදිංචි නිතර නිවසට යන එන දන්නා හඳුනන 18 හැවිරිදි තරුණියක් ඇයගේ යෙහෙළියකගේ විවාහ මංගල උත්සවයට යන නිසා තනියට කැඳවාගෙන යන බව පවසා තම දියණිය පසුගිය 16 වැනිදා කැඳවාගෙන ගියත් ඇය ආපසු නොපැමිණි බව පවසා මෙම දැරියගේ දෙමාපියන් දුම්මලසූරිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. එම්. ජයවීර මහතා සහ එම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා ශිරෝමි පි‍්‍රයදර්ශනී මහත්මිය පරීක්ෂණයක් පවත්වා හෙළිකරගත් තොරතුරු වැලිකඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩල මහතාට දැනුම්දී ඇත.
මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේදී දැරිය වැලිකඩ පොලිස් වසමේ රාතී‍්‍ර සමාජ ශාලාවක රඳවාගෙන සිටින බව හෙළිවී යැයි පොලිසිය කියයි. පසුව ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අස්මඩල මහතාගේ උපදෙස් හා මෙහෙයවීම යටතේ දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක් කුමාර් මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් එම රාති‍්‍ර සමාජ ශාලාවට ගොස් දැරිය සොයාගෙන ඇයගෙන් ප‍්‍රකාශයක් ලබාගෙන ඇය වැඩිදුර පරීක්ෂණ සඳහා දුම්මලසූරිය පොලිසියට භාරදී තිබේ.
විවාහ මංගල උත්සවයට කැඳවාගෙන යන බව කියා දැරිය නිවසින් කැඳවාගෙන ගිය 18 හැවිරිදි තරුණිය පසුව ඇය මෝටර් රථයක නංවාගෙන දුම්මලසූරියේ සිට වැලිකඩ රාති‍්‍ර සමාජ ශාලාව වෙත රැගෙන ගොස් තිබෙන බව පොලිසියෙ පවසයි.
බාල වයස්කාර දැරිය රවටා ඇය රාති‍්‍ර සමාජ ශාලාවේ සේවය සඳහා කැඳවාගෙන ගිය 18 හැවිරිදි තරුණිය හා දැරිය රැගෙන ගිය මෝටර් රථය රියැදුරාද අත්අඩංගුවට ගැනීම දුම්මලසූරිය පොලිසිය පුළුල් පරීක්ෂණයක් පවත්වාගෙන යයි.
දැරිය කැඳවාගෙන ගිය ඉකුත් 16 වැනිදා සිට 20 වැන්දා රාති‍්‍රය දක්වා තමා මෙම සමාජ ශාලාවේ රඳවාගෙන සිටි බවත් එහි සිටින අනෙක් නළඟනන් සමඟ තමාට ද අඩ නිරුවතින් නැටීමට සිදුවූ බවත් දැරිය පොලිසියට ප‍්‍රකාශ කර ඇත. රාති‍්‍ර සමාජ ශාලාවට පැමිණෙන අයට නර්තනයේ යෙදෙන කාන්තාවන්ට පැළඳීමට මල්මාලා විකිධෑමට තිබෙන බවත් එම මල්මාලා මිලදීගෙන කැමැති නර්තන ශිල්පිනියකට පැළඳිය හැකි බවත් ඒ අනුව තමන්ටද මල් මාලා පැළඳූ බවත් ඇය පොලිසියට පවසා ඇති බව පැවසේ.
රාති‍්‍ර සමාජ ශාලාවට පැමිණි මැදි වයසේ පසුවන පුද්ගලයකු බාලවයස්කාර දැරිය ලිංගික කි‍්‍රයා සඳහා මිලදී ගැනීමට එහි සේවකයකුගෙන් ඉල්ලා ඇති බවත් ඔහු තමාව එම මැදිවයසේ පුද්ගලයාට දීමට ගිය අවස්ථාවේ තරුණ තවත් සේවකයකු එයට ඉඩ නොදුන් බවත් ඇය පොලිසියට පවසා තිබෙන බව කියති.
පොලිසිය මෙම රාති‍්‍ර සමාජ ශාලාව ඊයේ (22) වටලා ගණිකා වෘත්තියේ නිරතව සිටි බව කියන රූමත් කාන්තාවන් පස් දෙනකුද බලපත‍්‍ර නොමැතිව විදේශීය මත්පැන් විකිධෑමේ චෝදනාවට තිදෙනකුද සේවකයන් දහ දෙනකුද අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.
බලපත‍්‍රයක් නොමැතිව මෙම රාති‍්‍ර සමාජ ශාලාව පවත්වාගෙන ගොස් ඇති බවපරීක්ෂණවලින් අනාවරණය වූ බවත් මෙහි අයිතිකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කරගෙන යන බවද පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
කාන්තා උප පොලිස් පරීක්ෂිකා රාජපක්ෂ, පොලිස් සැරයන්වරුන් වන මොහාන් (56798), බණ්ඩාර (30294) කොස්තාපල්වරුන්වන කුමාර (67574), දයාවංශ (68571). පීරිස් (68336), ජානක (68272), සරත් (37037), අසේල (75789) සහ කාන්තා කොස්තාපල් කසුනි (9868) යන මහත්ම මහත්මීහුද මෙම වැටලීමට හවුල්වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලකිරීමක් ඇතිවන්නේ මෙවන් සිද්ධීන් ඇසෙන විටයි.. බාලවයස්කාර දැරිවිය රවටාගෙන තරුණියට උපරිම දඬුවම් දෙන්න.. ඇප දෙන්නවත් එපා.. අහිංසක නොදන්නා මිනිසුන්ගේ නොදන්නා භාවයෙන් වාසි ගන්න හදන අය....
කාලෙකින් නයි නළඟන ගැන නිවුස් එකක් අවේ නෑනේ...
මෙහෙම එවුන් ඕව කරන්නේ තනියම නමෙයි කියන එක ඕන කෙනෙක් දන්නවා. කවුරුහරි ප්‍රධානියෙක්ගේ පිහිට නැතුව කරන්න බැහැ. මෙතෙන්දි කාට දඬුවම් ලැබුනත් මහත්වරුනි, ඔන්න බලන්න, මේ ස්ථානයේ හිමිකාරයාට කිසිම දඬුවමක් ලැබෙන්නේ නෑ නේද කියල?
මෙම සමාජ ශාලාවෙන් සහ සම්බන්ධ ආයතන වලින් ඕඅයිසී ට මාසෙට ලක්ෂ 5කට වඩා මුදලක් ලැබෙන බව මම වගකීමෙන් කියනවා.
පොලිසියට ස්තුතිය හිමිවේ. යහපාලනය වෙනුවෙන් රන්ජන් රාමනායක තුමනි මේ ගැන බලන්න.
නොනාවරුනි, මහත්වරුනි, මේ සිද්ධියට පොලිසියේ සම්බන්ධයක් ඇති. ටිකක් හොයලා බලන්නකෝ.
මේ සමාජ ශාලාවේ පසුපස එක්කෝ පොලිස් ලොක්කෙක් නැත්නම් ලොකු දේශපාලකයෙක් ඇති.
එහෙනම් අර කිව්වා වගේ 2500 දෝරෙ ගලනවා ඇති...
කොළඹ රාත්‍රී සමාජ ශාලා සියල්ල පොලිසිය මගින් පරීක්ෂා කළ යුතුයි. මේවායේ අයිතිකරුවන්ට ප්‍රසිද්ධියේ දඬුවම් කළ යුතුයි.
"ලෝකෙන් උතුම් රට ලංකාවයි - ලංකාවයි සිරි ලංකාවයි " ! මේවා මොනවද? උදේ ඉඳන් රෑ වෙනකම් ටීවී චැනල් වල වපුරන්නේ නිරුවත් රාගයයි. එළිමහන් සංගීත සංදර්ශන වලත් එහෙමයි. ස්මාර්ට් දුරකථන, නිල වෙබ් අඩවි මෙකි නොකී සියලුම දෑ වලත් අර කතාවමයි. මේවට වගකියන්න ඕනෑ අය මර නින්දේ රට විනාසයි.
ඇයි තවමත් නම් ගම් සඟවාගෙන ඉන්නේ?
මේ දැරියගේ දෙමව්පියන්ටත් මෙහි වගකීමෙන් ගැලවෙන්න බැහැ. දන්න අඳුනන පලියට පවුලේ වැඩිහිටියෙකු නොවන, තවත් තරුණියක සමඟ නොදන්නා මගුල් ගෙදරක ගැහැණු දරුවකු යවනවද? අනුන්ගේ තනියට තමාගේ බාල වයස්කාර දරුවෙකු යවලා තියෙන්නේ කිසිම හෙවිල්ලක්, බැලිල්ලක් නැතිව වග පේනවා.
ගිය ආණ්ඩුව කාළේ මෙවැනි වැඩ තම අනුගාමිකයන් කරලා අහු උනාම අරලිය ගහ මැදුරට එන්න කියල හොඳටම බඩට කන්න දෙනවා.... ආරංචි නඩු නැහැ....... මෙතුමටත් එහෙම කරන්න පුළුවන්නේ...
සරසි ඇත්ත, ඒත් තවමත් ගම්වල සිටිනවා අහිංසක නොදන්න මිනිස්සු මෙහෙම දේවල් වෙනවද කියලවත් අහලා නැති.. ඒ ගොල්ලන්ගේ සමාජය මෙච්චර සංකීර්ණ නෑ... ජරාවට පත් වෙලා නෑ.. ගමේ කවුරු කවුරුත් හොඳින් එකිනෙකාව හඳුනනවා.. ළමයින් කවුරුත් එකිනෙකා සමග හැදී වැඩෙන්නේ.. ඒ ගොල්ලන්ට මේ සමාජ ශාලා කියන දේ ඇහිලා තිබුණට ඒවා ආගන්තුකයි.. හීනෙන්වත් හිතන් නෑ මෙහෙම දෙයක් වේවි කියලා.. ඒ අහිංසක මිනිසුන්ගෙ අවිහිංසක නොදන්නා බවෙන් ප්‍රයෝජන අරන් තියෙනවා නොමිනිසුන් කොට්ඨාසයක්....