( ටී.කේ .ජී.කපිල )
කිලෝ ග්‍රෑම් එකක පමණ බරකින් යුත් රත්තරන් තොගයක් තම සිරුරේ සඟවා ගෙන නීතිවිරෝධීව ඉන්දියාවට රැගෙන යෑමට තැත් කළ පුද්ගලයකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
සැකකරු කොළඹ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි. ඉන්දියාවේ කොයිම්බතූර් බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. -193 දරන යානයට යෑමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි .
මෙම පුද්ගලයා තම සිරුරේ රත්තරන් බිස්කට් 04 ක් , රත්තරන් කැබලි 03 ක් , ස්වර්ණාභරණ 06 ක් සහ රිදී ආලේපිත රත්තරන් තහඩු දෙකක් ද සඟවා ගෙන සිටි බැව් රේගුව පවසයි .
ඒවායේ බර ග්‍රෑම් 904.77 ක් වූ අතර , එම රත්තරන් තොගයේ වටිනාකම රුපියල් 45,23,850 ක් බවද රේගුව ප්‍රකාශ කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලෝ නීති විරෝධී ලෙස භාණ්ඩ රැගෙන යන්නේ අවුහුනෝත් ගෙවන දඩ මුදල භාණ්ඩවල වටිනාකම අනුව සුළුහින්ද. කරන්න ඕනේ භාණ්ඩ වටිනාකම මෙන් අවමවශයෙන් තුන්ගුනයක්වත් , පාස්පෝට් එක අඩුමගානේ වසර තුනකටවත් අවලංගුකර , ඇඟිලි සලකුණු හා චායාරුප ගත කර ආගමන හා විගමන පාලකට දැනුම් දීමෙන් වෙනත් නම්වලින් නැවත පාස්පෝර්ට් ලබාගැනීම වැලැක්වීම. යම්කෙනෙක් ඉහත දඬුවම් වලට යටත් නොවේ නම් අධිකරණ ක්‍රියාවලිය අවසන් වනතුරු පාස්පෝර්ට් එක අවලංගුකර දැමීම වගේ දැඩි දඬුවම් පැවරීමයි. මාසෙකට කියක් මේවගේ දේවල් පුවත් මවනවාද? රටට වන පාඩුව ? හොරෙන් මෙහෙන් ගෙනියන්න පුළුවන් හින්ද රට තුල භාණ්ඩවල මිලගණන් ඉහළ යනඑක?
පහුගිය මහඡන්දෙට පෙර ලංකාවෙන් ශීසෙල් වෙතට ගුවන් ගතකල රත්තරන් ටොන් 05 ගැන මෙතෙක් විමසුමක් නැද්ද?