(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාත් රැකියා විරහිත උපාධිධාරීහු අද(26) උතුරු මැද පළාත් සභාව වටලා කඳවුරු බැඳගෙන සිටිති.
උතුරු මැද ගුරු පුරප්පාඩු සඳහා විභාගයට පෙනී නොසිටි, සුදුසුකම් නොලද වෙනත් පළාත්වල පිරිසකට අයථා අයුරින් පත්වීම් ලබාදීමට විරුද්ධව ඔවුහු මෙසේ සිය විරෝධය පළ කර සිටිති.
පළාත් සභාව අවට දැඩි පොලිස් රැකවල් යොදා ඇත.විරෝධතාකරුවෝ ගේට්ටු අවහිර කර විරෝධතාවයේ යෙදුණහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාධිධාරින්ට රැකියා නැද්ද..? ----- රැකියා විරහිත උපාධිධාරින් රැකියා ලබා දෙන ලෙස විටින් විට කරන උද්ඝෝෂණ දක්නට ලැබේ.. මේ අයට රැකියා නැද්ද..? සමස්තය බැලූ කල ඕනෑ තරම් රැකියා මෙරට තුළ තිබේ. නැත්තේ වෘත්තිය කිරීමට සුදුස්සන් නොමැතිවීමය. වෛද්‍ය ඉංජිනේරු හැරුණු විට අනෙක් විෂය පද්ධතිවල අයට රැකියා ලබා ගැනීම දුෂ්කර වී ඇත. ඒ නිසා මෙකී උපාධිධාරින් රාජ්‍ය සේවයට බැඳීමටම උත්සහ දරයි..වෙන විකල්ප නොමැති නිසා..පුද්ගලික හා අර්ධ රාජ්‍ය ආයතනවලද රැකියා විශාල ප්‍රමාණයක් තිබේ. මේ අතරින් පුද්ගලික අංශයේ විධායක මට්ටමේ වෘත්තීන් සඳහා මේ කිසිදු බහුතර උපාධිරියකුට යාමට අවස්ථාව නොලැබෙන්නේ ඇයි..ඔවුන් තුළ වැඩ කිරීමේ කුසලතාව පුහුණු නොකිරීමය. විශ්ව විද්‍යාල පද්ධතිය තුළ විද්‍යාර්ථියකු ලෙස සිටින විට මේ අය පුහුණු අවකාශ තිබුණත් ඒවට නොයයි..වැඩි හරියක් කරනුයේ වැඩකට නැති උත්ඝෝෂණ වර්ජන තුළ තමන්ගේ ජීවිත විනාශ කර ගැනීමය.. විකල්පය රාජ්‍ය අංශය පමණි.බලෙන් හෝ රැකියා ලබා ගැනීම. අද රාජ්‍ය අංශය පරිහානියට පත්ව ඇත්තේ නිර්මාණශීලී වැඩහුරු නැති, වැඩ කිරීමේ කුසලතාව නොමැති අය රාජ්‍ය සේවයට පත්වීම නිසාය.