පොලිස් දෙපාර්තමේන්තුවට සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවා ගැනීමේ සඳහා 2016 වසරේදී පැවැත්වූ විභාගයේ ප්‍රතිඵල අනුව ඉදිරියේදී සම්මූඛ පරීක්ෂණ පවත්වන බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා පැවසීය.
ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් කරගෙන යන බව ද කුරේ මහතා කීවේය.
ආධුනික සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවා ගැනීම සඳහා 2015 වසරේ ගැසට් නිවේදනය නිකුත් කර විභාග පවත්වා වසරකටත් අධික කාලයක් ගතවී ඇතත් මේ වන තෙක් සම්මූඛ පරීක්ෂණ නොපැවැත්වූ බව අයදුම්කරුවෝ චෝදනා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මෙහෙම ප්‍රමාද???? විභාග ලිව්ව අයට සාධාරණයක් කරන්න...
මගේ මල්ලිත් මේ විභාගේ ලිව්වා. මානසිකව වැටිලා ඉන්නේ දැන් ප්‍රතිපල නැතුව.
ගොඩක් කල් ගන්නේ නැතුව ඔය සම්මූඛ පරීක්ෂණය කරන්න පුජිත් මහත්තයෝ
ඉස්සෙල්ලම කියන්න තියෙන්නේ ලංකාදීප පුවත්පතට ස්තුතියි කියලා. පොලිස්පතිතුමනි අැයි එහෙම ප්‍රමාද වෙන්නේ? ඔබතුමා හොඳම සේවායෝජකයෙක් විදිහට තේරුණා නේද? දරුවන්ගේ අනාගතය එක්ක වගකීමෙන් වැඩ කරන්න හැමෝම. ඉක්මනින් බඳවාගැනීම් කරන්න.
මමත් එස්.පී යන්න ආසයි. කවද්ද අායෙත් බඳවා ගැනීම් කරන්නේ?