මාර්ග අනතුරු අවම කිරීමේ ක්‍රමවේදයක් ලෙස නවීන සීසීටීවී කැමරා පද්ධතියක් සවිකිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පියවර ගෙන තිබේ.
එමගින් රියදුරා, වාහනය හා වාහන අංකය පැහැදිලිව සටහන් වන නිසා අනතුරු අවම වනු ඇතැයි පැවසේ.
මෙවැනි වැඩපිළිවෙළක් නොමැති කමින් අධිකරණයේ විභාග වීමට නියමිත නඩු රාශියක් ඉවත දමා ඇතැයි ද වාර්තාවන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් දැනට තියන සීසීටීවී හොඳටම ඇති.
අති විශාල වියදමක් දැරිය යුතු කටයුත්තක් වෙන බව අමුතුවෙන් කිවයුතු නැත. මෙමගින් මාර්ග අනතුරු අඩු වෙයි කියා සහතිකයකුත් නැත. මා පදිංචි මෙරටේ මෙවැනි කැමරා සවිකර ඇත්තේ නගරවල වර්ණ සිග්නල් නීති කඩ කරන රියදුරන්ට එරෙහිව නඩු පැවරීමටය. හිරු එළියෙන් ක්‍රියාත්මක වන අධි තාක්ෂණ ස්වයංක්‍රීය රේඩා පද්ධති වසරකට සිය ගණනක් රට පුරාම රජය මහින් ඉදිකරනවා. එමගින් රජය යුරෝ මිලියන් ගණනක ආදායමක් උපයනවා. ශ්‍රී ලංකාවේ සීසීටීවී කැමරා සවි කරොත් රජයට අමතර ආදායමක් ලැබුනත්, ඒවා ගෙන්වා සවි කරන අයගේ හොද්ද බොරවෙන එක නම් සහතිකයි !!!
ඉතාමත්ම හොද තීරණයක් මේවා ක්‍රියාත්මක විය යුත්තේ සෑහෙන කලකට පෙර සිට නමුත් දැනටත් අප ප්‍රමාද වැඩිය. කෙසේ වෙතත් මෙමගින් රිය අනතුරු , හොර මැරකම් අවම කරගත හැක.
දියුණු වන රටක් හැටියට ගොඩක් කලොචිතායි. අනතුරු අවම වේවා විනීත රියදුරන් රටෙහි බිහි වේවා ..ස්තුති
සී.සී.ටීවී කැමරා පද්ධතියක් මාර්ග වලට එකතු කරන්න කලින් රියදුරු බලපත්‍ර ලබාදෙන ස්ථාන වල සවිකරන්න. ලාංකීය සමාජයම උජාරුවෙන් පාරම්බාන "ශේප් එකේ ගාණක් දීලා ලයිසන් එක ගත්තා" ප්‍රකාශයේ ප්‍රතිඵල තමයි මේ පෙන්නුම් කරමින් තිබෙන්නේ. අදක්ෂ රියදුරකු බිහිකිරීම යනු මිනීමරුවකු බිහිකිරීම හා සමානය. ඉවසීමක් නැති, සංයමයක් නැති රියදුරන් නිසා නැතිවන ජීවිත කෙතරම්ද? අද, ආලෝක සංඥා දෙකක් අතර පැ.කිමී. 100 වේගයෙන් ගමන් කරන්නයි උත්සාහ කරන්නේ. අහඹු ලෙස රියදුරන්ගෙන් මාර්ග නීති ගැන අසා බලන්න, දන්නේ කී දෙනෙක් පමණද? ලංකාවේ සියලුම දේ වගේ, අශ්වයාට පැන යන්නට දී, ඉස්තාලය වසා දැමීම තමා මෙතනත් සිදුවන්නේ.
මාර්ග අනතුරු හඳුනාගැනීම නොව වැලැක්වීම අරමුණ විය යුතුයි
සීසීටීවී සවි කරන එක හොඳයි. පොලිසියෙන් නීතිය හරියට ක්‍රියාත්මක විය යුතුයි.