(රොමේෂ් මධුෂංඛ)
කොටි සංවිධානයේ හිටපු සාමාජිකයකු වන දිලීපන් නොහොත් රාසයියා පාර්දීපන් නමැත්තාගේ 30වැනි ගුණ සැමරුම අද (26) යාපනය නල්ලූර් කෝවිල පිටුපස ඇති ස්ථානයකදී දේශපාලන නියෝජිත පිරිසකගේ සහ සාමාන්‍ය වැසියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවත්විණි.
යාපනය නල්ලූර් කොවිල පිටුපස පිහිටි දිලීපන්ගේ ස්මාර්කය තිබූ ස්ථානයේ ඔහුගේ ඡායාරූපයක් තබා දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා අමත්‍ය ආනන්දි ශෂිධරන් හා දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජිත පිරිසකගේ ප්‍රධානත්වයෙන් ගුණ සැමරුම ආරම්භ කෙරුණු අතර එම අවස්ථාවට යාපනය මෙන්ම කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවලින්ද සාමාන්‍ය වැසියෝ පැමිණියහ.
1987 සැප්තැම්බර් මස 15 වැනිදා දිලීපන් නොහාත් රාසයියා පාර්තීපන් යාපනය නල්ලූර් කොවිල පිටුපස මාරාන්තික උපවාසයකක් ආරම්භ කරනු ලැබුවේ ඉන්දීය සාම සාධක හමුදාව මෙරටින් ඉවත්වන තුරු සිය උපවාසය අත්නොහරින බව කියමිනි. එම උපවාසය අතරතුරදී ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්රභාකරන්ද පැමිණ උපවාසය නවත්වන ලෙසට ඉල්ලා සිටියද උපවාසය අත් නොහැරීමෙන් සැප්තැම්බර් 26 වැනිදා ඔහු මිය ගියේය.
මිය යන විටත් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඔහුට ලුතිනන් කර්නල් තනතුරක් ලබා දී ඇති අතර ත්රස්තවාදීන් විසින් එවකට ඔහු හැඳින්වූවේ ලුතිනන් කර්නල් දිලීපන් ලෙසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංහිඳියාවට හොඳයි. අපටනම් වැඩක් නෑ.
මට ජාති භේදයක් නැත. රෝහණ විජේවීරත් රටේ ත්‍රස්තවාදය පතුරුවා විශාල ජීවිත හානියක් සහ දේපල හානියක් කල ත්‍රස්ත නායකයෙකි. කොටි ත්‍රස්ත නායකයිනුත් රටේ දේපල සහ ජීවිත විනාශ කල ත්රස්තවාදීන් පිරිසකි. හැබැයි සියලු දෙනාම ශ්‍රී ලාංකික වැසියන්ය. සිංහල හෝ දෙමල අනුව මොවුන් සැමරීම හරි හෝ වැරදි වීමට විදියක් නැත. රටට වින කල සියලුම ත්රස්තවාදීන් ජාති බේදයකින් තොරව සැමරීම තහනම් කල යුතුයි.
ඔන්න සංහිදියාව. ත්‍රස්තවාදියාගේ ගුණ සැමරුම. ත්‍රස්තවාදය විනාස කල රණවිරුවෝ හිරගෙදර.
විජේවීර සහ අනිකුත් මිය ගිය ජේවීපී සාමාජිකයෝ සමරන්න දෙනවනම් මේක කරහම මොකද? දෙගොල්ලොම ත්රස්තවාදීන් නේද?
සංහිඳියාවට පින් සිද්ධ වෙන්න හෙට අනිද්දට ඔයිට වඩා දේවල් මේ රටේ සිද්ධ වෙයි. සිංහල බෞද්ධයන්ට ඇරෙන්ට අනෙක් හැමෝටම සංහිදියාවෙන් යහපතක් වෙයි.
ඔබට සතුටුයිද දැන්?
ඔබට සතුටුයිද දැන්?
ත්රස්තවාදීන්ගේ ගුණ සැමරුම් පැවැත්වීමට දැන් ඉඩදී තිබෙනවාද ? පොලිසියට මෙවැනි දේ නැවත්වීමට දැන් බලයක් නැද්ද ? මෙහෙම ගියොත්, ම්ලේච්ච ත්‍රස්ත කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ ගුණ සැමරුම් ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමටත් ඉඩ කඩ ඇති වෙන්න පුළුවන් !
අපි දෙමල වුනා නම් ඔහු අපිට කොපමණ විරුවෙක් වේවිද ?
දිලීපන් කොටියෙක් කියලා හංවඩු ගහන්නේ මොකෝ ? ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් අවියෙන් තොර සටනක් කරලා ඒ මනුස්සයා තමන්ගේ ජීවිතය දුන්නේ..මම නම් ගරු කරනවා