(බිමල් ශ්‍යාමන් ජයසිංහ / ශාන්ත කුලරත්න)
රංගන ශිල්පියකු වන දසුන් නිශාන් ද සිල්වා අද(25) සිය නවාතැන්පොළේ දී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
පන්නිපිටිය, පැලැන්වත්ත පිහිටි ඔහුගේ නවාතැනේ දී සිරුර සොයාගෙන ඇති අතර මරණයට හේතුව මෙතෙක් සොයාගෙන නැතැයි පොලිසිය කියයි.
තිමිර ගිර, පැහැසරා, කවුරුන්ද ඔබ මගේ වැනි ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායකවී ඇති ඔහු ජනප්‍රිය ගීත රැසක වීඩියෝ දර්ශන සඳහාද දායකත්වය ලබාදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙයියනේ මේ රටේ පිරිමින්ට මක් වෙලාද? මේ රටේ ඉන්න බැරිනම් වෙන රටකට හරි ගිහින් ජීවත් වෙන්න තිබුණනේ.
අනේ පව් ලස්සන කොල්ල , පුතේ ඔයාට නිවන් සුව පතනවා
හැමෝම නළු නිළියෝ වෙලා. අද කාලේ මැරෙන්නේ කවුද, එයා නළුවෙක් හෝ නිළියක්. නිවන් සුව පතනවා.
මෙවැනි මෝඩ ක්‍රියාවන් දැක ලස්සන තරුණ ජීවිත මේවා ආදර්ශයට නම් ගන්න එපා.
මොනවා උනත් ඇත්ත කියන්න ඕනනේ. “ගැණු කවුරුද? වරදේ නොබැඳෙන“ ..... “තරුණියන් හඬා වැටෙයි සඳ ඉල්ලා“..... “සීතාවන් නෑ මේ ලොව උපන්නේ“.......තවත් ගීතමය උදාහරණ දෙන්නම්. අනේ මේ අහිංසක කොල්ල හොඳට ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරපු කොල්ලෙක්නේ. මේ අහක යන ගැණියෙක් නිසා කරගත්තු දේ? මේ ගැණු මනුස්සය බොරුවට කඳුළු හැලුවට ලස්සනට තව එකෙකුට ආදරය කරයි. කොල්ල අඩි හයක් පොලොව යට. හදපු දෙමව්පියන්ට පපුවේ ගින්දර. කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලන්ටම කියන්නේ, යන අයෙකුට යන්න දෙන්න . එයාගේ අතේ නොවෙයි ඔබලාගේ ජීවිතේ තියෙන්නේ මොකද ඔබලා ඉපදුනේ එයත් එක්ක නෙවෙයි. මේ කොහේදී හරි හම්බ වෙච්ච කෙනෙක්ගේ අතේ කොහොමද ඔබලාගේ ජීවිතේ තියෙන්නේ . ඔබලාගේ ජීවිත ගමනේදී ළඟින්ම හිටියේ ඔබලාගේ දෙමව්පියෝ. දෙමව්පියෝ දරුවන්ට කිසි දිනක පිටුපාන්නේ නෑ.
අන්තිම අමන ක්‍රියාවක්. අම්මා තාත්තා කැනඩාවේ ඉංජිනේරුවරු දෙන්නෙක්. අඩු ගානේ එහේ ගිහිල්ල හරි ප්‍රශ්නේ විසඳගන්න තිබුන ණේ. ඒ දෙන්නට මොන දුකක්ද? තව මල්ලි කෙනෙකුත් මෙහෙ ඉන්නවා. පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක් වෙලා ඉඳල නළුවෙක් උනා. අන්තිමට එක්කොම දාල ගියා. අර කිව්වා වගේ අපේ තරුණ පරපුර මේවා ආදර්ශයට ගන්න නම් එපා ඔන්න.
පිළිකාව වගේ මෙතෙක් බෙහෙතක් හරියට නැති ලෙඩක් තමයි මෝඩකම කියයන්නේ.
මේවට ලියන්න වචන නෑ. කිසිම හේතුවක් නිසා මැරුන කෙනෙකුට කිසිදෙයක් කියන්න හොද නෑ. නමුත් මේවට කියන්න වෙන්නේ මෝඩ වැඩ කියල. තමුන්ව හදපු අම්මට තාත්තට සලකාගෙන ඉන්නේ නැතුව මේවගේ මෝඩ වැඩ ගොඩක් වැඩි වෙන්න රූපවාහිනිය සම්පූර්ණයෙන් වග කියන්න ඕන. අද විකාශනය වෙන කතා බලන්න නෙමේ තියෙන්නේ. මරාගන්න ඒවා.
මේ වගේ දේවල් පිටිපස්සේ තියෙන්නේ විශාදය. ඒ අයට හිතෙන්නේ තමන්ගේ ප්රශ්නය ආදර සබඳතා බිඳවැටීම කියල වෙන්න පුළුවන්. ඒත් ඇත්ත හේතු ඒවා නෙමෙයි. මීට වඩා අවංකව මේ ප්‍රශ්න කතා කරනවානම් මේ දේවල් වලක්වා ගත හැකියි.
මිනිසත් බව කොපමණ දුර්ලබද කියල ඉන්නකොට තේරෙන්නේ නැහැ මැරිලා කල්පගණන් වෙනත් ආත්ම භව වල දුක් විදිනකොටවත් තේරෙන්නේ නැහැ ඒක තේරෙන්නට මිනිසත්බව ලබලා හේතුපල ධර්මතාව ගැනත් නිස්සාර ජීවිතය ගැනත් අවබෝධ වෙන්නම ඕන ඔබට මතු සසරේ මෙවැනි අකල් මරණවලට ගොදුරු නොවී ජිවිතාබෝධය ලැබී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන උතුම් නිවනින් සැනසේවා සොයුර !!!!!!!!!
දසුන් අයියේ ඔයාට නිවන් සුව ලැබේවා ඒත් මේවගේ මෝඩ කමක් කරගත්තේ ඇයි? ඕනෑම පුද්ගලයෙක්ට ප්‍රශ්න එනවා. ඒවාට ශක්තිමත්ව මුණ දීම තම අපිට තියන එකම ධෛර්යය. මිනිස් ආත්මයක් ලබා ගැනීම අපහසුයි.
සසර භය නොහඳුනන මිත්‍යා දෘෂ්ටික අය, භවයේ සැරිසරන්නට මුලපුරති. ආනන්තරිය පාපකර්මයටත් වඩා දිගු ගමනක් ( කල්ප ගණනාවක්) යාමට සැරසෙති. නිර්වාණය ප්‍රාර්ථනා කිරීම විහිළුවකි. සම්මාසතිය ගැන නොදන්නා පුද්ගලයෝ භවගමන සකස්කර ගනිති. ලෝක ධර්මතාය පිලිබඳ අනවබෝධය මීට ප්‍රධාන හේතුවයි...
මරණයෙන් ජීවිත කෙළවර වන බව උගන්වන ආගම්වල අන්තර්ගතය අවිඥානික මනසට ඇතුල් වූ විට ප්‍රශ්න වලින් පලා යාමේ එක් දුර්වල ක්‍රම වේදයක් ලෙස බොහෝ විට තරුණ පරපුර දිවි තොර කර ගන්නවා. බෞද්ධ ඉගැන්වීම තුළ එය පර පණ නැසීමක් ලෙස කියා දුන්නත්, මම මාගේ..යන ආත්මාර්ථකාමී සිතුවිල්ල තමාගේ පණ තමාට අයිතියි කියන නිගමනයට ඒ මට උදව් කරනවා. මේ ඛේදවාචකය තුළ ජීවිතය කෙටි වුවත් සසර දික්වෙනවා. මේ සියලුම ධර්මතාවයන් බිඳ හෙළමින්, පුහු දුන් මිනිසත් බව ලොව පවතින තාක් මිනිස් ජීවිත බිළි ගැනීම නොනවත්වා ම ඉදිරියට යනවා.