(තරිඳු ජයවර්ධන, සිරාජ් හසීම් සහ සිතුම් චතුරංග)
යාපනයේ විද්‍යා දැරිය ඝාතනය කිරීම සම්බන්ධ නඩු තීන්දුවට එරෙහිව දින 14ක් අතුළත අභියාචනයක් යොමු කරන බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහින්ද ජයවර්ධන මහතා පැවසීය.
මෙම අපරාධය සිදු කර ඇත්තේ වෙනත් පුද්ගලයකු බවත්, දඬුවම් නියම වූ විත්තිකරුවන් ඊට සම්බන්ධ නැති බවත් නීතිඥ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
විද්‍යා ඝාතනය සිදුවීම ජනමාධ්‍යයද නිසියාකාරව කටයුතු නොකළ බව ද ඒ මහතා කීවේය.
නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර දඬුවම් නියම කිරීමට පෙර පෙර විත්තිකරුවෝ හත් දෙනාද විත්ති කූඩුවේ සිට තමන් මෙම අපරාධය සිදු නොකළ බව ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් නඩුවක අපරාධකරුවන්ට අභියාචනයක් ඉදිරිපත් කිරිමටවත් අවස්තාව ලබා නොදිය යුතුය.
අභියාචනයේ තීන්දුව ලැබෙනකල් මෙයාලාටත් බන්ධනාගාර රෝහල් ගතවී චීන කෑම ගෙන්නාගෙන කන්න බැරිද ?
කෑම ගන්න විතරක් නෙවෙයි ඕන විදිහට බලන්න යන්න ත් පුලුවන් වෙයි
පවු අහිංසක කොල්ලෝ ටික. නීතිඥ මහත්තය දන්නවා වගෙයි මේක කරේ කවුද කියලා. වැරදි කාරයෝ නිදහස් වෙලා සමාජයට වින කරන්නේ කළු කෝට් කට්ටියගේ වරදින්.
මෙම අපරාධය සිදු කර ඇත්තේ වෙනත් පුද්ගලයකු නම් වහාම ඒ පුද්ගලයා එම නීතිඥයා විසින් පෙන්විය යුතුයි.
කොන්ඩයා බේරුනේ ඩි එන් ඒ පරීක්ෂණ නොගැලපුණු නිසා. මේ අයගේ ඩි එන් ඒ පරීක්ෂණ ගලපුනේද නැත. සැබෑ අපරාදකරුවන් සොයන්න.
මේ වගේ ඇස් පනාපිට කරපු අපරාධයක් කරපු එවන් අපරාධකාරයන්ව නීතියෙන් බේරාගන්න නීත්තීඥයන් ඉදිරිපත්වීම මහා අපරාධයක් හා ඛේධවාචකයක්. මට මතකයි අර සමන් කුමාර නමැති අහිංසක දරුවාව කප්පමක් නිසා ඝාතනය කරපු වෙලාවේ මුළු රටේම් ඉන්න නීතිඥයෝ එකතුවෙලා තීරණය කළා එක්කෙනෙකුවත් චුදිතයන් වෙනුවෙන් පෙනී නොසිටීමට. මේ අහස පොලව නුඋහුලන අපරාධයටත් ගන්න තිබුනේ එවැනිම තීරණයක්.
මේ වෙනුවෙන් පෙරකදෝරුවෙක් ඉදිරිපත් වීමත් කණගාටුවට කරුණක්......
විත්තියේ නීතිඥ මහතා විත්ති කරුවන් ගේ නිදොස් බව වෙනුවෙන් ඔහුට කළ හැකි දේවල් උපරිමයෙන් කරාවී. එය ඔහුගේ යුතුකම වේ. රජයේ නීතිඥවරු විත්තිකරුවන්ට විරුද්ධව උපරිමයෙන් කටයුතු කරවී. ඇපීල් තීන්දුව ඉතාමත් ආදර්ශවත් මෙවැනි අපරාද අනාගතයේදී සිදුවීම වළක්වාලන තීන්දුවක් වේවි.
අභියාචන උසාවියේ තීරණයද පහළ උසාවියේ තීන්දුව සනාථ කරන එකක් ම වේවා!!! වැටුපට වැඩ කරන කළු කබා අඳින මහත්තයා එයාගේ රාජකාරිය කළාට, එයාගේ හදවතේ කොතැනක හෝ රිදීමක් ඇතිවෙන බව නම් පැහැදිලියි. පිරිමියෙක් ගැහැණියෙක් කිරීමත්, ගැහැණියෙක් පිරිමියෙක් කිරීමත් හැර වෙන ඕනෑම දෙයක් කිරීමට උපන් හපන්කම් තිබෙන බව අප මීට පෙරත් දැක තිබෙනවා නේද ?
එතකොට මේ ස්විස් කුමාර් කෝටි 2 ක් දෙන්න හැදුවේ විහිළුවටද? මේ අපරාධ කරුවන්ගේම ජංගම ෆෝන් වලින් මේවා වීඩියෝ කරපුවත් බොරුද? එතකොට අර පොලිස් ලොක්කා රිමාන්ඩ් වුණෙත් නිකම්ම වෙන්න ඇතිනේද? මේ අපරාධකරුවන්ගේ නිර්දෝශි භාවයේ තරම කියතොත් එකදු ද්‍රවිඩ නීතීඥ මහතෙක්වත් සොයාගන්න බැරිවෙලා වගේ... මේ ජයවර්ධන කෙනෙක් ඉදිරිපත් වෙලා තියෙන්නේ...
මේ අභියාචනයත් ඉක්මනින් අහල ඇපපිට ගෙදර යන්න දේවිද? ලලිත් වීරතුංග නඩුවවගේ.