(පුෂ්පකුමාර ජයරත්න)
තම ඉල්ලීම් බලධාරීන් විසින් ඉටු නොකිරීමෙන් කෝපයට පත් මධ්‍යම අධීවේගී මාර්ගයට ඉඩම් අහිමිවූ කුරුණෑගල ප්‍රදේශයේ ජනතාව අද(27) මධ්‍යම අධිවේගී මාර්ගයේ සැපයුම් මාර්ගය හේනමුල්ල ප්‍රදේශයෙන් කළුගල් වැටියක් යොදා අවහිර කළහ.
මේ හේතුවෙන් කුරුණෑගල මල්පිටියේ සිට ගැට්ටුවාන දක්වා වූ අධිවේගී මාර්ගයේ සැපයුම් මාර්ගය සම්පූර්ණයෙන්ම රථවාහන ධාවනය සඳහා අවහිර විය.
අධිවේගී මාර්ගය හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර අවදානම වැළැක්වීමට එය කණු මත ඉදිකිරීම, අහිමිවන ඉඩම් සඳහා ඉක්මනින් සාධාරණ වන්දි ලබාදීම යන ඉල්ලීම් ඉටුකරනතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට ඉඩ නොදෙන බව විරෝධතාකරුවෝ කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අවහිරකරුවන් අත්අඩංගුවට ගෙන දඬුවම් දිය යුතුයි. මේවා කරන්නේ කඩාකප්පල්කාරින්....
අධිවේග මාර්ග නිසා ස්වභාවික ජලය ගලායාම අවහිර වීමෙන් ගාල්ල, මාතර පැත්තේ වහින කාලෙට වෙන දේවල් මේ මහා මාර්ග නිලදාරීන් දන්නෙම නැත්ද? බැමි බැඳලා වැසි ජලය අවහිර කරන්නේ නැතිව කණු මත මේ ඉදිකිරීම් කිරීමට සහය දෙමු.
නුවරට මොකටද තව පාරවල්? ඔය තියෙන්නේ හොඳ පාරක්...ඒක මදිද?
මේවා කඩාකප්පල්කාරී ත්‍රස්තවාදී ක්රීයා ලෙස සලකන්න වෙනවා. යම් ප්‍රශ්නයක් අැත්නම් එ්ක කතා කරලා විසඳගන්න ක්‍රම තියෙනවා. අනික ඕන වෙලාවක ජනාධිපති එක්ක වුනත් කතා කරන්න පුලුවන්කම තියෙනවා. උසාවි තියෙනවා.ඒ තියෙද්දි ඇයි මේ නීතිය අතට ගන්නේ?
රාජපක්ෂ මැතිතුමණි. ඔබ සිටියානම් අද මේ විදිහට මිනිස්සු උද්ගෝෂණ කරන්නේ නෑ. ඔබේ වටිනාකම අපට හෙට තවත් දැනේවි.
මේ සිවිල් ත්රස්තවාදීන් අත්අඩංගුවට ගත යුතුයි. රජයේ සංවර්ධනය අඩපණ කිරීම මොවුන්ගේ අරමුණ විය යුතු බවක් පෙනී යයි.
මෙම ඉදිකිරීම් නිසා ඉඩම් වැසි ජලයෙන් යටවීමට ඇති අවකාශ නැතිකිරීමට. ජලය බැස යාම සඳහා එම මාර්ගය හරහා යම් ප්‍රමාණවත් නිර්මාණ සැලසුම් කර තිබේ දැයි බොහෝවිට මේ ගම්වාසීන් දනුම්වත්වී නොමැතිවා වියහැකියි. දෙවැනි කරුණ, මේ මාර්ගයට යටවන ඉඩම් සඳහා ඇත්ත වශයෙන්ම තක්සේරුව ප්‍රමාණවත් නැතිද යන්න ප්රශ්නයකි. පළමුවැනි කරුණට සම්බන්ධව ජලය බැස්සවීමට නිසි සැලසුම් තිබේ නම් ඒ ගැන බලධාරීන් ගම්මුන්ව දැනුම්වත් කිරීමයි හරි. මේ පාරිසරික හා තක්සේරු කියන කරුණු දෙකම සම්බන්ධයෙන් නිසි විසඳුම් ප්‍රකාශයට පත් කැර තිබේ නම් , එය නොපිළිගෙන බාධා කැරෙනවා නම් මෙතන ඇත්තේ වෙනත් ක්‍රියාදාමයක් බව පැහැදිලියි. ඉදිරියේදී රටේ ඇතිවන දේශපාලන බල අරගලයේ දී මෙය කෑගැසිය හැකි තවත් මාර්තෘකාවක් බවට පත් කර ගනීවි. එවන් පිළිවෙතකට අවකාශ සැලසීම තුලින් රටත් ජනතාවත් හැමදාම එකතැන පල් වීමත් හා රට ණය බරිත වීමත් දිළිඳු වීමත් නොවැලක්විය හැක. එවිට අප මතු පරම්පරාවලට තුන්වැනි ලෝකයටම වී හූල්ලමින් සිටිය හැකි වේ.