(ටෝනි කරුණානායක)
වේයන්ගොඩ කොරස ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ගෙල කපා තරුණයකු ඝාතනය කළැයි එම ප්‍රදේශයේම 49 හැවිරිදි පුද්ගලයකුට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (26) මරණ දඬුවම නියම කළේය.
මෙම ඝාතනය 1994 වසරේ නොවැම්බර් 13 වැනිදා සිදුව තිබිණි.විත්තිකරුට ගම්පහ මහාධිකරණයේදී මීට පෙර මරණ දඬුවම නියම කෙරුණ අතර පසුව විත්තිකරු ජූරි සභාවක් ඉදිරියේ නඩුව නැවත විභාග කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කළේය.
ඉන්පසු විත්තිකරු ඇප මත මුදා හැර හත් දෙනකුගෙන් යුත් ජූරි සභාවක් ඉදිරියේ නඩුව විභාගයට ගත් නමුත් සැකකරු මහාධිකරණය මගහැර සිටීම හේතුවෙන් එම නඩුව විත්තිකරු නොමැතිවම විභාගයට ගැනිණි.
සැකකරු විදේශගතව ඇති බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
විත්තිකරු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කෙරුණ අතර ඔහු මෙරටට පැමිණියහොත් අත්අඩංගුවට ගැනීමට ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් නියෝග කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලය අඩු කරගන්න බැරි ද . රටේ මිනීමරුවන් වැඩි වෙන්නේ නැද්ද මේ කාලය දිහා බැලුවම
ඇප කරුවන් සියල්ලම රිමාන්ඩ් කලයුතුය
අම්මපා, අපේ යුක්තිය පසිඳලීම කොයි තරම් අපූරුද කියනවා නම් මේවා දකින සෝමාලියාවේ ආණ්ඩුවත් ලැජ්ජාවෙන් ඇඹරෙයි. අපේ රටේ අධිකරණ ක්‍රියාවලිය ගැන ඒ මිනිහටම දුක හිතිලා ඉන්න රටකින් ආපහු ඇවිත් 'අනේ මාව එල්ලන්නකො' කියල අඬා වැටෙන්නත් ඉඩ තියෙනවා.
මරණ දඩුවම් නියම වුන පුද්ගලයන් අභියාචනයක් කරලා ඇප පිට නිදහස් කරන ලෝකයේ මේ රට හැර තවත් රටවල් තිබෙනවද ?