(ප්‍රසාද් රුක්මල්)
‘‘මේ රටේ අලුතින් බිහිවුණු කිසිම ආණ්ඩුවක් දවසින් දෙකෙන් පැය විසි හතරෙන් මාසෙන් දෙකෙන් ප්‍රතිඵල පෙන්වා නැහැ. ආණ්ඩුවක ප්‍රතිඵල පෙන්වන්න යම්කිසි කාල සීමාවක් ගතවෙනවා‘‘යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(27) බදුල්ලේ දී පැවසීය.
‘‘ආණ්ඩුවක් වශයෙන් කරන සංවර්ධන කාර්යයන් සාර්ථක ලෙස අප ඉදිරියට ගෙන යනවා. අපට අන්තර්ජාතික හොඳ හිත තිබෙනවා. ජාත්‍යන්තර විශ්වාසය අප කෙරෙහි තිබෙනවා. රටේ දේශපාලන ස්ථාවරයක් තිබෙනවා. රටේ ස්ථිර සාමයක් පවත්වාගෙන යාම සඳහා ජාතික සංහිඳියාව අවශ්‍යයි. ඒ සඳහා සියලු දෙනා සමගියෙන් එක්වී කටයුතු කළ යුතුයි.‘‘ යැයි ද ජනපති කීය.
බදුල්ල නගරයේ ඉදිකළ නව විදුලි සංඥා පද්ධතිය විවෘත කිරීම හා උපාධිධාරීන් 320ක රැකියා ප්‍රදානයට එක්වෙමින් ජනපති එසේ කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව විදුලි සංඥා විවෘත්ත කරන්නත් ජනාධිපති කෙනෙක් ගේ කාලය නාස්ති කරන ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය!!
ඇත්ත කතාව නම් ඔයාට මොකුත් කරන්න බෑ..
එහෙනම් මොන එකටද දින 100 කරනවා කියල ලොකු ලැයිස්තුවක් ඉදරිපත් කළේ? කිසිම ආණ්ඩුවක් ඉක්මන් ප්‍රතිඵල පෙන්නන්න බෑ කියලා කියන්න තිබුණනේ.
අපිට නම් ජනාධිපතිතුමනි, මේ ආණ්ඩුවේ ප්‍රතිඵල දැන්නම් හොඳටම පේනවා...
අවුරුදු 4 කින් රටේ තිබ්බ ලොකුම ප්රශ්නය වුණු යුද්ධය ඉවර කරපු, හයි වේ ගුවන්තොටුපළවල් වරායවල් මුළු රටේම මහා මාර්ග කාර්පට් කරපු ආර්ථික මධ්‍යස්ථාන, උතුරු නැගෙනහිර සංවර්ධනය ආදී විශාල වැඩ කොටසක් කරපු ආණ්ඩුවකුත් තිබ්බා. හැබැයි උදේ, හවස බැරිකම කියෙව්වේ නම් නැහැ. පුළුවන්නම් අලුතෙන් පටන් ගත්තු එක වැඩක් කියන්න...
මහින්දගේ ආණ්ඩුවට පුළුවන් වුනා නේද අවුරුදු 30ක් මේ රටට සාපයක් වෙලා තිබුණු යුද්දේ අවුරුදු කිහිපයකින්ම කම්මුතු කරලා රටටත්, ජනතාවටත් නිදහස ලබා දෙන්න. මේ ආණ්ඩුව තවම කෙකර ගානවා. හැබැයි විකුණන එක නම් පට ගාල කරනවා ඔක්කොමල එකතු වෙලා.
ඔබතුමා හරි. 1977 පත් වූ රජය නම් ඉක්මන් හොඳ ප්‍රතිඵල පෙන්නුවා. ඔබේ රජය හොඳින් වැඩ කරාවි කියා මා හිතනවා.
නමුත් ඔබතුමාද ඇමැතිවරයකුව සිටියදී පසුගිය රජය වසර 30 ක් පැවැති යුද්ධය රජය පටන් ගෙන පළමු වසර 4 තුළ නිමකරන අතර, ඒ අතරතුර රට පුරා මහා මාර්ග නැව් නාවත් වරායක් ගුවන් තොටුපළක් වැනි සංවර්ධන වැඩ නොකළා කියලා කියන්න පුළුවන්ද?.
බිහිවෙන්න කාලයක් ගතවෙනවා තමයි. බිහිවෙලා ටිකදවසක් යනකොට දරුවා මොංගල් කියලා කරන වැඩවලින් තේරෙනවා. කොච්චර කල් ගියත් මොන්ගල්ම තමයි.
ඒ බොරු ,ඔබතුමා ගත්ත කාර් එකෙන්ම අපි දැක්කා .
මහජාතිය සුළුජාතියගේ තත්වයට අැදලාදලා, රණවිරුවන් පාවාදීලා, පරාජිත දේශපාලකයන්ට ඇමතිකම් දීලා, මහසඟරුවනට කවදාවත් නැති ලෙස අපහාසයට ඉඩදීලා... එතකොට තවත් හොඳ හිත ලැබෙයි.
සිග්නල් ලයිට් එකක් විවෘත කරලා මෙතුමා හිටවන කවිත් කියනවා.
ඇත්ත, පැය 24 න් ප්‍රතිපල පෙන්වන්න බෑ, මාස දෙකෙන් පෙවන්නත් බෑ, අවුරුදු දෙක හමාරෙන් පෙන්වන්නත් බෑ, ජීවිත කාලය තුලම පෙන්වන්නත් බෑ, ක්‍රි.ව. 3000 දී පෙන්වන්නත් බෑ ... අපොයි මං ගණන්වලට දස්ස නැති හින්ද කියන්න දන්නේ එච්චරයි.
ආංඩු වලට සමහර වැඩ පෙන්නන්න නම් හුඟක් කලක් යනවා තමයි . "සමහර" දේවල් නම් ආලෝකයේ වේගයෙන් වෙනවා නමුත් ජනාදිපති තුමනි ඔබතුමා මතක තියාගන්න ජනතාවට නම් වැඩ පෙන්නන්න මහා කාලයක් යන්නේ නැහැ !
සන්ශෝධනය වියයුතුයි - අපගේ ආණ්ඩුව ඉක්මන් ප්‍රතිඵල පෙන්වා නෑ, ඒ අපේ බැරිකම.
ජනාධිපති තුමනි, අධිකරණ පද්ධතිය වේගවත් කිරීමට කාලයක් යනවාද? රාජ්‍ය සේවය ප්රතිසංසෝදනය කිරීමට කාලයක් යනවාද? වැඩට දක්ෂ තරුණ ඇමතිවරු පත් කරගන්න. ඉලක්ක දෙන්න ප්‍රගතිය බලන්න. මහින්දගේ අභියෝග හමුවේ පැවැත්ම රැකගැනීමට ආරක්ෂිත ක්‍රම යොදාගන්නවා මිසක් ශක්තිමත් දැක්මක් සමඟඉදිරියට ගමන් කිරීමක් දක්නට නොමැත.
"මේ රටේ අලුතින් බිහිවුණු කිසිම ආණ්ඩුවක් දවසින් දෙකෙන් පැය විසි හතරෙන් මාසෙන් දෙකෙන් ප්‍රතිඵල පෙන්වා නැහැ." - එක ඇත්ත .... එත් දැන් අවුරුදු දෙක හමාරක්ම ගියානේ....
එහෙනම් මොකටද දින 100න් අලුත් රටක්, අලුත් වෙනෙසක්, දෙනවා කියල මිනිස්සුන්ව නොමඟ යැව්වේ...
මේ කතාව අහලා මට මතක් උනේ මම බලපු චිත්‍රපටියක නමක් "වැඩ බැරි ටාසන් "
කිසිම ආණ්ඩුවක් මහබැංකුව කොල්ල කාවේ නැහැ කියල වෙන්න ඇති මේ කියන්නේ . මේ ආණ්ඩුව වැඩ කරන්න ප්‍රමාද කියන්නේ කොහොමද ? මහබැංකුවට වැඩේ දුන්නේ පළමු මාස 2 ඇතුළත. එක යටගහල ආයෙත් අවුරුද්දක් යනකොට දෙවෙනි වතාවටත් ගේම දෙනවා. මෙන්න යහපාලකයෝ. නියම ලිඡ්ඡවී පාලනය.
මේ අය වගේ අය ඉන්න නිසා රට ඉවරයි. පිංගුත්තරකම මදිවට බයිලා ගහනවා.