(රංජන් කස්තුරි)
රාජ්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීම සඳහා ඉකුත් 24 වැනි දා පැවති විවෘත තරග විභාගයේ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය අවලංගු කර ප්‍රශ්න පත්‍ර සම්පාදක මණ්ඩලය ද විභාග කටයුතුවලින් ඉවත් කරන්නැයි අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස්වරයාට නියෝග කර තිබේ.
බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයේ සඳහන් ප්‍රශ්න කිහිපයක් ඉකුත් ප්‍රශ්න පත්‍රවලින් ඒ අයුරින්ම උපුටාගත් බවට පැමිණිලි ලැබී තිබූණු අතර ඒ පිළිබඳ කළ පරීක්ෂණයකදී මේ බව තහවුරු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සය අාපු දවසේ ඉඳන් ඔය අධ්‍යාපනේටයි.. විභාග දෙපාර්තමේන්තුවටයි, විශ්ව විද්‍යාලවලටයි, මොනවා හරි වෙනවනේ? හතර කෙන්දරේවත් පාලු වෙච්ච කෙනෙක් වත්ද? නැතිනම් කොහොමද මේ තරම් කාබාසිනියා වැඩ වෙන්නේ?
රනිල්ගේ පස්සේ එල්ලී යන මේ වගේ ඇමතිවරු ලබා ගන්නේ පින් පඩි බව කවුරුත් දනිති. මේ නිවට කල්ලිය ඉවත් කළ යුතුමය.
ඕකට ඉතින් ඇමතිතුමාටවත්, රජයටවත් දෙහි කපල වැඩක් නැහැ! ප්‍රශ්න පත්තර හදන අයට ඒ වැඩේ හරියට කර ගන්න බැරි වුණාම, කොහේ හරි තියෙන පරණ ඒවා ටිකක් හොයාගෙන, දූවිලි ගසා දමා අලුත් ප්‍රශ්න හැටියට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මාසේ අන්තිමට පින් පඩි ලබාගන්න එක අපේ මේ "සකල සිරින් පිරි සිරි ලංකාවේ" සමහර අයගේ පුරුද්දක් නොවේද ?