(ඉන්දිකා රාමනායක)
ශි‍්‍ර ලංකාවේ 21 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් පත්කර සිටින වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාට ජනාධිපතිවරයා විසින් ලබා දී ඇත්තේ මාසයක සේවා දිගුවක් පමණක් බව නාවික හමුදා ආරංචි පවසයි.
ඉකුත් 22වැනිදා සින්නයියා මහතා අවුරුදු 55 සපිරූ අතර ඔහුට තවදුරටත් නාවික හමුදාපති වශයෙන් සේවය කිරීම සදහා ජනාධිපතිවරයා විසින් ලබා දී 2017.10.25 වැනි දින දක්වා මසක පමණ කාලයකි.
ඒ අනුව 21 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් සේවය කරන ට්‍රැවිස් සින්නයියා මහතා ලබන ඔක්තෝබර් 26 වැනි දා සිය ධුරයෙන් විශ්‍රාම යායුතුව ඇත.
එසේ ඔහු ඔස්තෝබර් මස 26 වැනිදා විශ්‍රාම යන්නේ නම් මාස දෙකක කාලයක් පමණක් නාවික හමුදාපති ධුරය හෙබවූ එකම නිලධාරියා වශයෙන් ඉතිහාස ගතවනු ඇත.
සින්නයියා මහතා නාවික හමුදාවේ සිටින දක්ෂතම නිලධාරීයකු වු අතර සටන් පැවති සමයේ එල් ටී ටී ඊ යට එරෙහි සිදුකළ සටන් වලදී ඔහු කැපී පෙනුණු නිලධාරියකු විය. කොටි සංවිධානයට ආයුධ රැගෙන ආ නෞකා 10ක් ජාත්‍යන්තර මුහුදේදීම විනාශ කිරීමට පෙරමුණ ගත්තේ ද ඒ මහතා ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාවික හමුදාවේ ටෙන්ඩරයකින් ගසාකෑමට උත්සාහ කරන දේශපාලකයින්ගේ හිතවතුන් පිරිසකට උදව් නොකිරීම මෙයාගේ කාලය දීර්ඝ නොකිරීමට හේතුව බව ආරංචියි.
ඔබතුමා අවංක නිලධාරි මහත්මා ගතිගුණ ඇති කෙනෙක්. අරකට අත්සන් කළා නම් ඔබතුමාත් හොරු ගොඩට එක්වී ඉතිහාසයේ කළු අකුරෙන් ලියැවෙනවා.
ඉතින් ඇයි, ඒ වගේ වටිනා කෙනෙක්ව තියාගන්නේ නැත්තේ? එතුමාට වයස 60 වෙනකම් වැඩ කරන්න පුළුවන්නේ.
රජයට අනුබද්ධ උසස් නිලධාරින් විශ්‍රාම යාමේ කාලය ඉකුත් වෙලා තිබියදීත් "සේවා දිගු" ලබා වසර ගණනක් තිස්සේ රටට සේවය කර තිබෙනවා. සමහරු හැරමිටියෙන් යන වයසේ උදවියයි ! ශි‍්‍ර ලංකාවේ 21 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් පත්කර සිටින දක්ෂ නායකයෙක් වන වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ සේවාව තවදුරටත් රටට අවශ්‍යයි. ජනාධිපතිතුමා මේ ගැන තව දුරටත් කල්පනාකාර ඔහුගේ සේවා කාලය දිගු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු....
කණගාටුදායක ආරංචියක්. ජනපතිතුමනි, රටට ආදරේ නම් බුද්ධිමත් තීරණයක් ගන්න.
යුද්දෙ කාලේ මෙයාගේ නම නම් මාධ්‍යවලින් දැක්කේ නැහැ. සරත් වීරසේකරගේ නම තමා ඒ කාලේ මුහුදු සටන් පුවත් වල බොහොම තිබුණේ...
ලෝකේ කොහේ වුණත් ලංකාවේ නම් එහෙම වෙන්නේ නැහැ .. ඔය සින්දුව තමයි හරියන්නේ. අනේ අපේ අවංක දේශපාලකයෝ...
දක්ෂතම නිළධාරියෙකුට මේ වගේ සලකන්නෙ උන්ගෙ ගොට්ටෙක් ඇතුළට දාගන්න වෙන්න ඇති.අපිත් ජීවිත පරදුවට තියල මේ වගේ ආණ්ඩුවක් හැදුවට මඩු වල්ගෙන් තලලත් මදි.
ලංකාවේ වැඩ කරන කොට 'දක්ෂ කම' 'අවංක කම' ගාව ගන්න එපා. එහෙම වුණොත් ඕක තමයි වෙන්නේ.
ලොක්කගේ බොරු සුරංගනා කතා පමණි. වැඩ රජතුමාටත් එහා..
මේ තීරණය මුළු මහත් ශ්‍රී ලංකාව මතම ගෑවුණු විශාලම කළු පැල්ලමක්...මෙය නොවේ මෙම රජය පත්කළ අපි බලාපොරොත්තු වුණේ. අපි දැන් අසරණ වෙලා වගේ හැඟීමක් සිතට දැනෙනවා.. වෙස් මුහුණු බැඳන් ආ කට්ටියකට රැවටිලා... !!!
දැන් මෙතුමාත් හොරු සමග හෙළුවෙන් වගේ... මොහු දක්ෂයෙක්... සේවය රටට ඕනේ...
අනේ කුහුඹියනේ, ඔබලාටත් රජෙක් ඉන්නේ... මොනවා කරන්නද, මේ රටේ මිනිස්සු හරිම අවාසනාවන්තයි.
සුදුස්සාට නියම තැනක් නැති රටක් මේක..
යහපාලන, කොමිස් දූෂිතයෝ යහපාලනය අමුඅමුවේ දූෂණය කරති. නුදුරු අනාගතයේදීම මෙම යහපාලනයින්ට මේ දූෂණ සඳහා වන්දි ගෙවීමට සිදුවනු ඇත.
අර මඩු වලිගේ කොහේද දන්නෑ හිටන්....
මෙය රජයක් වශයෙන් ඔවුන් ඉතිහාසයට එක්කරන බරපතලම වැරැද්දක් ලෙසයි මා දකින්නේ... මම දන්නා තරමින් වත්මන් නාවික හමුදාපතිතුමන් ඉතාමත් විනයගරුක සහ මනා දැනුමක් සහ දැක්මක් ඇති නායකයෙක්... රණවිරුවෙක් ... සැබෑ මනුස්සයෙක්.. ඔහුගෙන් අපරටට සහ නාවික හමුදාවට ගතහැකි හැකි දෑ බොහෝමයි... ජනපතිතුමනි, අගමැතිතුමනි ඔබ මේ අවස්ථාවෙහි නිවැරදි තිරණයක් අරගන්න.. කිසිවෙකු කියනා වදන් වලට නොරැවටෙන්න.. සත්‍ය සොයා බලා කටුයුතු කරන්න.. මෙම අවස්ථාව ගිලිහි යන්නට ඉඩ නොහරින්න... ඔහුගේ සේවය නාවික හමුදාවට තවත් වසරකට හෝ ලබා දෙන්න... මෙහි පසුබිම් කථාව මා නොදනිතත් මේ සටහන් කලේ මට දැනෙන සහ හැඟෙනා දේය...
දක්ෂයෙක්, රටට ආදරය ඇති කෙනෙක් නිසා දැන්ම විශ්‍රාම යවලා මේ මහත්තයාගේ සේවය රටට නැති කරන්න එපා.
සුදු නිල ඇඳුමේ කළු පැල්ලමක් ඇති කර නොගැනීම පිළිබඳව අපගේ ආචාරය !!!
මට ආරංචි හැටියට මෙතුමා නාවික හමුදාපති වෙන්නට කලින්... සමහර දිනවල දකුණු ඉන්දියාවේ සිට එන හොර මාළු බෝට්ටු 500 ක් පමණ ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුල්වෙලා අපේ මත්ස්‍ය සම්පත කොල්ල කෑවා. නමුත් මෙතුමා විසින් " එලන " ලද නාවික වැට නිසා දැන් දිනකට හොර බෝට්ටු 10 ක් පමණයිලු අපේ මුහුදු සීමාවට හොරෙන් ඇතුළුවෙන්නේ. මෙතුමාගේ දක්ෂකම්, හැකියාවන් සහ නිපුණතාවන් ගැන ඇත්තටම නාවික හමුදාවේ සිටින සියලු දෙනාම කතා කරනවා. තව දෙයක් " ඉලෙක්ට්‍රොනික සංග්රාම " පිළිබඳ හසල දැනුමක් ඇති විශිෂ්ටයෙක් ලෙස පිළිගැනෙන මෙතුමා ඉතාමත් අවංක, දූෂණයට එරෙහි පුද්ගලයෙක් වශයෙන් නාවික හමුදාවේ ගෞරවයට පාත්රවූ නිලධාරියෙකි. අපේම අවාසනාවට අපේ රටට අහිමිවෙන්නට යන මේ වටිනා " මහත්මයා " ට මෙතුමාගේ වටිනාකම දන්නා රටක් දෑත දිගුකරාවී. ප්‍රිය මහත්මයාණෙනි, එදා සිට මෙතෙක් කල් අපේ රට ආරක්ෂා කරන්නට කැපවීම ගැන ඔබතුමාට ස්තුතියි.