(නිමන්ති රණසිංහ)
හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා සම්බන්ධයෙන් එවකට අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කළ නිලධාරින් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (28) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ඉදිරියේ ප්‍රකාශ කළේය.
රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඞීන්ගේ අස්ථි කොටස් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සමරසේකර මහතා ගැන නීතිපති උපදෙස් අනුව මෙලෙස ප්‍රකාශ සටහන් කරගත් බව එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.
ඒ අනුව ඉකුත් අගෝස්තු මස 21 වැනිදා නිතිපතිවරයා ලබා දුන් උපදෙස් අනුව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවයේ නියතුව සිටි වෛද්‍යවරුන් හය දෙනෙකු, ඡායාරූප ශීල්පීන් දෙදෙනකු සහ රියැදුරන් දෙදෙනකු තම දෙපාර්මේන්තුව වෙත කැදවා ප්‍රකාශ සටහන් කරගනු ලැබූ බවත් එම ප්‍රකාශ සම්බන්ධ සම්පින්ඩන වාර්තා ඉකුත් 13 වැනිදා නැවත නිතිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබූ බවත් රහස් පොලීසිය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළ නඩුව අද අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වූ අතර, ඝාතනය සම්බන්ධයෙන් සාක්ෂි වසන්කර කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියට අදාළව වසරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඉකුත් මැයි මස 05 වැනිදා ඇප මත මුදාහැරුණු බස්නාහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී. එම්. අනුර සේනානායක මහතා සහ නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු පොලිස් පරීක්ෂක අංගොඩගේ සුමිත් චම්පික පෙරේරා මහතා අධිකරණය හමුවේ පෙනී සිටියහ.
සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරික්ෂණය ලබන නොවැම්බර් මස 08 වැනිදා තෙක් කල් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනන්ද සමරසේකර පේරාදෙණියේ වෛද්‍ය සිසුවෙක් ව සිටි කාලයේ ඉතාමත් අහිංසක නිහතමානී පුද්ගලයෙක් බව ඒ කාලයේ විශ්වවිද්‍යාලයේ සිටි අපි සැවොම දනිමු. නමුත් වෝහාර වෛද්‍ය විශේෂඥයෙකු වූ පසු ඔහු මෙසේ වූ බව රටටම නොරහසකි.
අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් පාලකයන්ගේ වුවමනාවන්ට අවනතව දූෂණයන්ට හවුල් වෙනවා කියන්නේ ඉතාම නින්දා සහගත ක්‍රියාවක්.. මරණකරුගේ අස්ථි කොටස් මොහුගේ භාරයෙන් අතුරුදන් වුණා කියනකොට මොහු කර තිබෙන දේ හිතාගන්න නීති විභාග සමත් වෙන්න ඕනේ නැහැ. මේ මිලේච්ඡ ඝාතනය සඟවන්න නොසෑහෙන්න මහන්සි ගත්තා .. බණ්ඩාරනායක ඝාතනයට හැර අද දක්වා රටේ සිදුවුණු කිසිම දේශපාලන ඝාතනයක මිනීමරුවෙක් හෝ ඒවා සැලසුම් කල පුද්ගලයෙක් හෝ කිසිම නීතියකින් කිසිම අධිකරණයකින් රට හමුවේ ඔප්පු කර දඬුවම් ලබා දීමට අපොහොසත් වී තිබෙනවා . විශේෂයෙන් අපි අධිකරණයේ ස්වාධීනත්වය මැනගන්නේ මේ තාජුදීන්ගේ ඝාතනයට ලැබෙන තීන්දුව මගිනි.. මන්ද මේ ඝාතනයට සම්බන්ධව පදනම් වී ඇති සියලුම සාක්ෂි, විද්‍යාත්මක කරුණු අනුව මෙම ඝාතනය අනෙක් සියලුම දේශපාලන ඝාතන වලට වුණා වගේ අවිනිශ්චිත ගිණුමට බැර වෙන්න කොහොමත් බෑ..