ලබන ජනවාරී මස සිට සියලූම ඇමතිවරුන් සෑම දිස්ත්‍රික්කයකම පැවැත්වෙන දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විම් සදහා සහභාගී විය යුතු බවත් තම අමාත්‍යාංශය මගින් අදාළ දිස්ත්‍රීක්කයේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳ එහිදී ප්‍රාදේශීය දේශපාලන නායකයින් මෙන්ම රාජ්‍ය නිලධාරින් දැනුවත් කළ යුතු බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ජනපති මේ බව සදහන් කළේ ජාතික ආර්ථීක සභාව දෙවන වරටත් අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන් ද ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහ බැංකු අධිපති ඇතුළු රාජ්‍ය නිළධාරිහු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් හිතුවේ "හාදයෝ ඔක්කොටම පැදුරු කොට්ට අරගෙන" ගෙදර යන්න කිව්වා කියලා. අනේ එහෙම නම් කියන්න හිතන්නවත් එපා.. මොකද එදාවේල බොහොම අමාරුවෙන් හොයාගන්න අහිංසක මේ දුප්පත් උන්දැලට යන එනමන් නැතිකරන්න එපා.
දැන් ඉතින් ඒ සහාභාගී වීම වෙනුවෙනුත් විශේෂ දීමනාවක් ගෙවන්න වෙයි ..
අපොයි අපොයි තව වියදමක් අපේ කරපිට. ඇමතිලා කී දෙනෙක්ද? ඒ සමග යන රාජ්‍ය නිලධාරීන්? ඔවුන්ට යන ගමන් වියදම්? කෑම බිම? ඉඳුම් හිටුම්? අනිකුත් දීමනා? ඊට නරකද සෑම අමාත්‍යාංශයකින්ම අතිරේක ලේකම් මට්ටමේ ඉහල පෙළේ එක් නිලධාරියෙකු පමණක් සහභාගි වීම? ඇමතිලාට වැඩිය ප්‍රායෝගික හා ප්‍රයෝජනවත් වැඩකොටසක් කරවාගන්න පුළුවන් වේවි.