(තරිඳු ජයවර්ධන)
රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් යැයි කියමින් විරෝධතාවක් පැවැත්වීමෙන් පසු බූස්ස රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින සරණාගතයින්ට එම මධ්‍යස්ථානයේ ප්‍රමාණවත් පහසුකම් නැතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන අධ්යක්ෂවරයා ඇතුළු කිහිප දෙනෙක් අද (28) බූස්ස කඳවුරට ගොස් ඔවුන් රඳවා සිටින ස්ථානය නිරීක්ෂණය කළහ.
එම මධ්‍යස්ථානය ඔවුන් රඳවා සිටීමට නුසුදුසු හෙයින් වහාම ඊට ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට අදාළ බලධාරීන්ට දැනුම් දෙන බවද මානව හිමිකම් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පොලිසිය,ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ විදේශ අමාත්‍යංශය ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් ලබන සඳුදා (02) මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවා තිබේ.
මේ අතර මෙම සරණාගතයින් පිරිසේ පාසල් ළමයින් හය දෙනකු පමණ සිටි බවත් ඔවුන් ඒ වන විටත් අධ්‍යාපනය ලබමින් සිටි බවත් බූස්ස රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන යාම නිසා ඔවුන්ගේ අධ්‍යාපනය ඇණ හිට ඇති බවත් ලංකා ගුරු සංගමය කියයි.
දරුවන්ගේ අධ්‍යාපනයට බාධා නොවන පරිදි ක්‍රියාමාර්ග ගන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවසීය.
සිසුන්ගේ අධ්‍යාපනය කඩවීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින් සිටින පවුල් වලටවත් සහනයක් දෙන්න. මේ නිසා ඒ ළමයින්ගේ අධ්‍යාපනයටත් පාඩු වෙනවා ඇති. පොඩි ළමයි බයෙන් ගැහි ගැහී ඇත්තේ. හරියට කෑමත් ලැබෙන්නේ නැතුව ඇති. රජය මුලික වී මේ ළමයින්ට අවශ්‍ය එන්නත් වහාම ලබා දෙන්න.
ඔබ මුස්ලිම් පවුලක ඉපදී යමෙකු ඔබේ ගම් ගිනි තැබුවොත් ඔබ ඔබේ පවුලේ ආරක්ෂාවට හැකි තැනකට පලා නොයන්නේද? සහෝදර සිංහලයිනි, තමා උපමා කොට සිතන්න. ත්රස්තවාදීන් හා සරණාගතයින් අතර වෙනස හඳුනාගන්න. සියල්ල අහිමි වූ මිනිසුන්ට පහරදී පව් පුරවා ගන්න එපා. අසරණ වූ මොහොතේ පිහිට වෙමු. නුදුරේදීම බටහිර රටවල් විසින් මොවුන් බාරගනියි.
සරණාගතයන්ගේ හිමිකම් ගැන කතා කරන මේ මානව හිමිකම් නිලදාරින්ට සහ හොර සමාජ වාදීන්ට සිංහලයාගේ අනාගතය සහ ඔවුන්ගේ නැතිවෙන අයිතිවාසිකම් නොපෙනෙන්නේ ඩොලර්වලට ඔවුන්ගේ ඇස පොට්ට වී ඇති නිසාද.?
හිමිවරුන් කල ක්‍රියාව හරි
පසුගියදා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකදී ඉන්දීය ආරක්ෂක අංශ විධිමත්ව පැවසූවේ ආරාබියේ ඇතැම් අන්තවාදීන්ගේ අරමුදල් රෝහින්ග්‍යා මුස්ලිම් අන්තවාදීන් අතට පත්වන බවයි. තවද රෝහින්ග්‍යා ප්‍රදේශයේ ජීවත් වූ හින්දු ජාතිකයින් 45 දෙනෙකුගේ මල සිරුරු සමූහ මිනී වලකින් හමු වී ඇති බවයි. දැනට ඉන්දීය දේශ සීමාවේ සිටින 40,000 ක් පමණ වන රෝහින්ග්‍යා පිරිස් වෙත ඉන්දීය පුරවැසිභාවය ලබාදීමට එරෙහිව එරට ආරක්ෂක අංශය ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු දැක්වීය. තවද ඊට සම්බන්ධ බංග්ලාදේශ බලගතු ත්‍රස්ත නායකයෙක් වන රහමන් ඇතුළු තිදෙනෙක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත. මියන්මාරයේ මුස්ලිම්වරුන්ට සිදුවන අපරාධවලට යමෙක් උද්ඝෝෂණය කරනවා නම් ඒ අය පකිස්ථානයේ සහ ඊජිප්තුවේ ක්‍රිස්තියානින්ට එරෙහි ඝාතන පිළිබඳවත්, බංග්ලාදේශයේ චිතගොන් බෞද්ධයින්ට එරෙහි ඝාතන පිළිබඳවත් සාකච්ඡා කළ යුතුය.
ජයරත්න සමග මම මියන්මාරයට යනවා. එහෙන් එන අයට මෙහෙ උදව් කරන අය ඉන්නවා. මෙහෙන් යන අපිට ආගම තියෙනවා. පන්සල් තියනවා. අපිට ගහන්නේ නැහැ. අපිට එම රට අල්ලගන්න වුවමනාවක් නැහැ. එහෙන් මෙහාට එන අයටත් මෙහේ හොඳටම හොඳයි. නැගෙනහිර ඉතාම සුදුසුයි. එකම සංස්කෘතිය, එකම ආගම, එකම රටක් වෙනවා. එතකොට දැනට ඇති තොරතුරු අනුව ප්‍රදේශයේ නැගෙනහිර විශාල පිරිසක් පැමිණ ඇත. ඔවුන් සඳහා ගමක් ඉදිකෙරෙමින් ඇත.
අපේ රටත් මහා පුදුමාකාර රටක් [සමහරක් මිනිස්සු] ... එ්ක ආගමක් ඉස්සරහට දාගෙන ඒක ආරක්ෂා කරන්න කියලා අනිත් ආගමිකයන්, ජාතිකයන් තලා පෙලන්න නෙමෙයි බුදු හාමුදුරුවෝ ඉගැන්නුවේ.. අපේ රටේ මිනිස්සු මොන තරම් පිරිසක් විදේශ රටවලට යනවද? ගිහින් ඒ රටවල පදිංචි වෙනවද? කොච්චර සිංහලයෝ පිට රට ඉන්නවද ඔය වගේ සරණාගතයන් ලෙසින්.. ඒ මිනිස්සු ඒ රටවල හොඳට රස්සාවල් කරගෙන හොඳින් නිදහසේ ඉන්නවද...? එතකොට අපේ පන්සල් ඒ රටවල කොච්චර බිහිකරලා තියෙනවද ...? කෝ ඒ රටවල් වලින් මේ වගේ විරෝධතා? කිසිදෙයක් නැහැ.. සැබෑ නිදහස කියන්නේ එ්කටයි.. ඇයි මේ අහිංසකයන්ට වද දෙන්නේ? ඒ මිනිස්සු ඒ රටේ ඉන්න බැරුව වෙන රටකට පලායද්දී අපේම මිනිස්සු බලහත්කාරෙන් අල්ලාගෙන ඇවිත් තියාගෙන වද දෙන්නේ ඇයි? මේ පුවත් ලෝකෙට ගියාම ලෝකේ මිනිස්සු හිතන්නේ ලංකාවේ මිනිස්සු අහිකුණ්ටිකයෝ කියලයි.. වනචාරින් කියලයි ..
ඔවුන් රටින් පිටුවහල් කිරීමට හේතුව වූයේ කුමන ප්‍රශ්නයක්ද? සිතා බලන්න. මේ රට බෞද්ධයින්ට වගේම යම් දිනක අප රටේ බෞද්ධ ජනතාවටත් ප්‍රශ්නයක් ඇති වුවහොත් අප ගන්නා තීරණය කුමක්ද?
ඩොලර් ලැබෙනවා නම් රටට හෙන ගැහුවත් මොකද, අනික ඩොලර් ලබාදෙන රටවල් මේ අයට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් දේශපාලන රැකවරණ කියලා ඒ රටවලට අරගෙනත් යනවා. ඔය ඕන තරම් ගිහිල්ලත් ඉන්න අය අපේ රට මොන තරම් පාවල දෙනවද?
ඉතා මෑතකදී වයස 21ක රෝහින්යා තරුණියක් සිංහල පොලිස් නිලධාරියෙක් විසින් අසනීපයකට කළුබෝවිල රෝහලේ නැවතී සිටියදී පැහැරගෙන ගොස් දුෂණ කර ඇති බවද ලංකාවේ මාධ්‍ය මගින් මම දැන දැනගතිමි. සරණාගතයින් පිළිබඳව ජාත්‍යන්තර ක්‍රමවේදයක් ඇත. රටක නීතිය රස්තියාදුකාරයින් විසින් අතට නොගත යුතුය. මෙය මෙලෙස සිදුවිය යුතුද? ත්‍රස්තවාදියෙකුට වුණත් ජීවත් වීමේ අයිතියක් ඇත. මෙම රෝහින්යා සරණාගතයින් ත්රස්තවාදීන් කියා නීතියෙන් ඔප්පු කර නොමැත. යමෙකු ත්‍රස්තවාදියෙකු ලෙස හැසිරුණත් ප්රජාතන්ත්රවාදී රටක් සහ එහි ජනතාව වශයෙන් අප හට ත්රස්තවාදීන් ලෙස හැසිරිය නොහැක. මෙවැනි අසංවර නූගත් වනචාරි දේ නිසා සිංහල බෞද්ධ ජනතාව ජාත්‍යන්තරේ කොන්වී පිළිකුල් වෙනු ඇත. බටහිර රටකට යන්න දැනටමත් සිංහල බෞද්ධ ජනතාව වෙත එම රටවලින් වීසා පවා නිකුත් කොකරන බව කවුරුත් දන්නා රහසකි.
ඇයි මුස්ලිම් රටවල් මුස්ලිම් මිනිසුන් බාරගන්නේ නැත්තේ? ඔවුන්ට මැද පෙරදිග පුරවැසිභාවය දෙන්න පුළුවන්නේ...
මෙම සරණාගතයින් ටිකට වෙන රටකට යනකම් කරදර නොකර ඉන්න..... අන්තවාදීන් නිසා අපි එදා ඉඳලම ජාතියක් වශයෙන් පිරිහුණා. රටක් වශයෙන් අපහාසයට ලක් උනා. මුළු ලොවම ගරු කොට සැලකූ බුදු දහම පවා අද අන්තවාදී ආගමක් බවට පත් කරමින් යනවා.
අරණායක, ශාලාව ප්‍රදේශ වල අවතැන් වූ ජනතාව තවමත් කුඩාරම් වල දිවි ගෙවයි. කුණු කදු අස්සේ ජනතාවද බියෙන් කල් ගෙවයි. ඔවුන්ට වැසිකිලි පහසුකම පවා හරිහැටි නොමැත. නමුත් ඔවුන්ව මානව හිමිකම් නිලධාරීන්ට සහ දෙලොවාටම නැති බොරු සංහිදිය කාරයන්ට නොපෙනේ. ඔවුන් මුස්ලිම් අන්තවාදීන් වුවා නම් කදුළු පෙර පෙර ඔවුන්ට උපකාර කරන මෙන් ඉල්ලා සිටි. මේ වගේ සිංහල ජාතියක් විනාශ වී යන තරමටම හොඳයි. නමුත් මේ රටේ ඉදිරියට බිහි වෙන පරම්පරාවට බියෙන් සැකෙන් තොරව... තමාව කොයි වෙලේ ඝාතනය කරයිද යන බියෙන් තොරව මිලේච්ඡතාවයෙන් තොරව, ලිංගික වහලියන් බවට පත් නොවී කාන්තාවට නිදහසේ ජිවත් විය හැකි රටක් ඉතුරු විය යුතුය. මුස්ලිම් අන්තවාදය සම්ප්‍රදායික මුස්ලිම් සමාජය ගිලගෙන හමාරය. මුස්ලිම් ප්‍රදේශ වලට අන්‍ය ජාතීන්ට යා නොහැක. නිලධාරීන්ට රාජකාරී කිරීමට යා නොහැක. කුඩා ගැහැණු ළමුන් ඔවුනට විවාහ කර ගැනීම සඳහා ඉල්ලයි. මෙරට තුල සිංහල බොදුනුවන් නැතිව ගියත් මේ පින් බිමේ අනාගත උරුමකරුවන්ට නිදහසේ ජිවත් වීමේ අයිතිය තහවුරු කිරීමට ඉස්ලාමිය අන්තවාදය පැරදවිය යුතුය.
ඔබල ඔය කථාකරන එක් අයෙකු හෝ සරණාගත බවට අයදුම් කරන ආකාරය දන්නෙහිද? ඔබලා අදුරේ අත්පතගාන්න එපා .නොදන්නා දේ කතාකරනත් එපා. රටක සරණාගත බව අයදුම් කලයුත්තේ දේශසීමාවට පැමිණීමෙන් පසුවයි.....එදිනම පොලිසියට, ආගමන විගමන දෙපාර්තමේන්තුවට බරවී තමන් සරණාගතයෙකු බවත් තමන් අසවල් රටේයි බවත් ඔප්පු කලයුතුයි...එසේ නැත්නම් ඔවුන් කල්ලතෝනි..... ඔබලාට වැටහෙන්නේ නැද්ද? ආසියාවේ මේ තරම් ධන්වත් රටවල් තිබියදී ලංකාවට පමිණියේ මන්ද කියා. අපේ රටේ මිනිසුන්ට වතුර නැහැ බොන්න.... සමහර පාසල් වලට වැසිකිලි නැහැ .ආරෝග්‍යශාලා වලට බෙහෙත් නැහැ . අපි මහා ලොකු සල්ලි කාරයෝද .අනුකම්පා කල යුත්තේ ,පින් කලයුත්තේ .සුදුස්සන්ට. හොයල බලන්න බුරුමෙට .මේ අයගියොත් ඔය විදියටම තමා ,බුරුම හමුදාව පහරදුන්නා .
කන්න දීපු අත හපා කාල ලැබුණු අත්දැකීම් නිසා වන විරෝධය අසාධාරණ යයි කීම අමාරුයි.පොඩි ළමයින් පවු .ඔය රොකට් මෝටර් යවන, බෙලි කපන මෝඩ රැලක් හින්ද වෙන විනාශය මුස්ලිම් වරුන්ට මයි.ඔවුන් කවදාවත් එයට විරුද්ධව හඬක් නගන්න උත්සහකරන්නේ නැහැ ?
මුස්ලිම් හෝ සිංහල නොවන සරණගාතයන් හෝ මේ වෙලාවේ විපතට පත් මිනිසුන් ගැන සිතන, එහෙත් තමාගේ ඉඩමේ වට ඉන්නක් වෙනස් වුනත් ගහ මරාගෙන උසාවි නැතිනම් පොලිසි යන සිංහල උපාසක මහත් වරුනි මේ ය මුලින්ම එන්නේ සරණාඝතයින් ලෙසින්. මෙහි පැමිණි සිංහල අපේ මිනිස් කම නිසා පදිංචිය ස්ථිර වූ පසු අසිංහල දේශපාලකයන් හා එකතු වී සිංහලයාව මේ රටේ අසරණ බවට පත් කරන එක වරදියි. අද මේ සිංහල ජාතිවාදීන් කියන අපි සියලුම කරදර වලට මුහුණ දෙමින් කටයුතු කරන්නේ සටන් කරන්නේ ඔබෙත් අපෙත් අනාගත සිංහලයන් වෙනුවෙන්. ඔවුන් බෝ වුනේ ඔබේ වුවමනාවට හෝ ජොලියට කල ක්‍රියා නිසා විය හැක. නමුත් ඔවුන් සිංහලයන් වශයෙන් තම මව් බිමේ ජිවත් විය යුතුය. මේ වර්ගයාගේ අසරණ කම ගැන කතා කරන ඔබ අද නැගෙනහිර පුංචි අරාබියක් බවට පත්වී ඇති හැටි බලන්න. එදා සිංහල රජකාලේ කාත්තන් නමැති හම්බයගේ නැව මුහුදු බත්වූ නිසා එදා සිංහල රජුගේ අනුකම්පාවෙන් මෙහි පදිංචි වූවන්ගේ අද තත්වය කුමක්ද?. අද එහි සිංහලයන්ට ඉඩ නැත.
අනුකම්පා කරල කවදහරි අපිට සරනාගතයෝ වෙලා මෙ රටින් යන්නවෙයි
ඔබ බෞද්ධයෙක් නම් වෙන්න බැහැ
රෝහින්යා ළමයි වෙනුවෙන් යහපතක් කරන්න හදන්නේ ලංකාවේ ස්ථීර පදිංචිය ඇති ළමයින්ට ඉස්කෝල නැති එක පෙනෙන්නේ නැද්ද? මුන්ට ඉන්න දුන්නොත් ඔය විදිහටම තව ලංකාවට එනවා සිංහල ජාතිය නැති වෙන වැඩක් මේක....
කවුරු මොනව කිව්වත්, මේ මුස්ලිම් ජාතිකයන් රටට ලොකු තර්ජනයක්. මේ සිද්දියේ මානව හිමිකම් ගැන සොයා බලන උන් දැනගන්න ඕන ඒ රටෙන් මුන්ව එලව්වෙ නොබෙල් තෑග්ගට තේරුන නායිකාවක්. ඇය එහෙම කලේ ඒ රටර ආදරය කරන නිසයි. අපේ රටේ නායකයෝ දුර්වලයි. කෝ අපේ නාවික හමුදවෙ වැඩ. මුන්ව අල්ලගන්න බෑරි උනේ ඈයි? මේ ළමයි පාසල් වලට ඇතුල් කලේ කොහොමද? ඒකට උදවු කළේ කවුද? මේවා හොයල බලන්න බැරි පොලිසිය නිදිද? යස් සර් මහත්තය හොයල බලන්න මුන්ව හන්ගගෙන තියාගත්තෙ කවුද කියල. මොකද යස් සර් මහත්තය හරි දක්ෂයි බෞද්ධ ස්වාමින් වහන්සේලා අත්ඩංගුවට ගන්න. ජනමාධ්‍ය වලිනුත් පොටෝ එක්කම නම ගම එක්කම දාන්නකො කවුද මේ මානව හිමිකම් ක්‍රියා කාරින් කියල අපට බලාගන්න. මොකද ඒහෙම නොකරන්නෙ ඔයාලත් NGO වලින් මුදල් ලබා ගන්නවද?
ආගන්තුක සත්කාර ලෝකය අංක 1 ..........
තමාට මෙන් තම අසල්වැසියාට ප්‍රේමකරන්න. යහතින් නපුර පරාජය කරන්න. නුඹේ සතුරාට බඩගිනි වුවහොත් කන්ට දෙන්න... ජේසුස් වහන්සේ කී සේක. කැරලි කරන අය සොයා ධර්මය නිසි ලෙස ඉගැන්වීමේ කාලය පැමිණ ඇත.
ඇමෙරිකාව අනෙක් රටවල් වල මානව හිමිකම් ගැන කතා කරනවා. ඒ වුණාට ඇමෙරිකාව අනෙක් රටවල මිනිසුන්ට ඇමෙරිකාවට එන්න දෙන්නේ නැහැ. මේ ලඟදී ඇමෙරිකාවට මෙක්සිකෝවෙන් ආපු මිනිස්සු වගයක් ඇමෙරිකාවේදී වාහනයක් ඇතුලේ හිරවෙලා සෑහෙන මිනිස්සු ගොඩක් මැරුණා. මේ සිදුවීම වෙද්දී මම හිටියේ ඇමෙරිකාවේ. ඇමෙරිකාවට අමාරුනම් ඇමෙරිකාව මේ සරණාගතයන්ට රැකවරණ දෙන්න ඕනෑ අපිට කියන්නේ නැතුව. මේ හාමුදුරුවරු සරණාගතයන්ට ගහපු එකත් වැරදියි.
අපේ රටේ ළමයි කීදෙනෙකුට තවම පාසල් නැතිව ඉන්නවද කියලා ඔය ගුරු සංගමේ ජෝශප් මහත්තයා දන්නවද? සරණාගතයෝ කියන්නේ මෙහෙ පදිංචි කරලා පාසල් යවන්න ඕන අය නෙවෙයි. ප්‍රශ්නේ ඉවර වෙනකම් ඉන්න දුන්න නම් ඇති...
ආාගන්තුක සත්කාර ?? ආරාබියේ හොදට බලාගතහැකි.. අංක 1 අරාබිය.. නේද..
බුදු දහමේ නිවටකම් කොතැනකවත් සඳහන් කර නැත. මේ කරන්නේ නිවට කම් වේ.
මම නම් කියන්නේ මේ අසරණ සරණාගතයින්ව වහාම හොඳ බටහිර ජර්මනිය වගේ රටකට පිටත්කරලා යවන්න කියලා...