(නිමන්ති රණසිංහ)
නීති විරෝධී ගංජා ව්‍යාපාරිකයකු අත්අඩංගුවට නොගෙන නීති මගින් කටයුතු නොකිරීමට අල්ලස් ගත් බව කියන අලුත්ගම සුරාබදු ස්ථානයේ සුරාබදු නියාමකවරයකු ලබන 12 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ මහතා අද (28) නියෝග කළේය.
කේ එච් අනුර ක්‍රිෂාන්ද සිල්වා නම් එම නියාමකවරයා රුපියල් 50000ක අල්ලසක් ඉල්ලා ඉන් 20000ක් ලබා ගෙන ඇති අතර ඉතිරි මුදල් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියාමක කියන්නේ මේ දෙපාර්තමේන්තුවේ පහළම සේවකයෙක්. එයාගේ පගාව 50000 නම් ඉහළ කට්ටියගේ වැඩ කොහොමද කියලා හිතාගන්න පුළුවන්. නමුත් ඊට වඩා ඉතාම භයානක දෙයක් සිදුවී තියෙනවා දැන්. දරුවන් පැහැරගෙන ගොස් කප්පම් ගන්න සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නම් ගම් ඇතුව හෙළිදරව් වෙලා තියෙනවා. අලුත් කොමසාරිස් ජනරාල් තුමියට පළමු රාජකාරිය අන්න ඒ ත්රස්තවාදීන් ටික මෙල්ල කිරීමයි.