(හර්ෂණ තුෂාර සිල්වා)
මසුන් මැරීම සදහා ඩයිනමයිට් ඇතුළු වෙනත් පුපුරණ ද්‍රව්‍ය භාවිත කරන ධීවරයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නාවික හමුදා හා පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ඩයිනමයිට් ඇතුළු විනාශකාරී පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් මසුන් මැරීම වැඩි වී ඇතැයි ද ඒ හේතුවෙන් මත්ස්‍ය සම්පත විනාශ වීමේ දැඩි අවදානමක් ඇතැයි ද ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා පවසයි.
නැගෙනහිර පළාත ඇතුළු මුහුදුබඩ ප්‍රදේශ කිහිපයක ඩයිනමයිට් සහ වෙනත් පුපුරණ ද්‍රව්‍ය භාවිත කරමින් මසුන් මැරීම ඉහළ ගොස් ඇතැයි ද අනාවරණය වී තිබේ.
ඩයනමයිට් යොදා මසුන් මැරිම මගින් මත්ස්‍ය සම්පතට මෙන්ම කොරල් පර, මුහුදු පැළෑටි, මත්ස්‍ය බිත්තර, සහ පැටවු මෙන්ම විශාල වන මසුන් මරණයට පත් වන්නේ යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
එමෙන්ම ඩයිනමයිට් යොදා මරා දමන මසුන් පාරිභෝජනයට නුසුදුසු බව ද ඒවා ඉක්මනින්ම නරක් වන බව ද එම අමාත්‍යාංශය තවදුරටත් පෙන්වාදෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියේ සියලුම ආශිර්වාද සහිතව ගාලු මුහුදු තීරයේ රාත්‍රී කාලයේ මේ ඩයනමයිට් දමා මසුන් මැරීමේ ව්‍යාපාරය ජයටම කරගෙන යනවා.. කිසිම බාධාවක් නෑ.
පයාගල සහ ඒ අවට ප්‍රදේශවලත් ඩයනමයිට් දමා මසුන් මැරීමේ ව්‍යාපාරය ජයටම කරගෙන යනවා. කිසිම බාධාවක් නෑ.
මේවා හැමදාම කියනවා විතරයි , කරන දෙයක් නැහැ , රට වටේම මුහුද ඒ වුනාට පිටරට නැව් වලින් ලංකාවට මාළු විකුනනවා. පාලනය කරන ආයතන නිදි , පඩි විතරයි ඕනේ ,ඔවුන් පඩි ගන්නවා අපි බදු ගෙවනවා... ඒ මදිවට මාලු ගිනි ගණන් .