(උපාලි ආනන්ද)
ස්නායූ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු කොන්දේ අමාරුවකට නොසැලකිලිමත් ලෙස ශල්‍යකර්මයක් සිදුකිරීම නිසා ශරීරයේ ඉන්ද්‍රියන් අක්රීයත්වයට පත්ව ඇතැයි චෝදනා කරමින් රුපියල් ලක්ෂ සියයක වන්දියක් ඉල්ලා රෝගියකු අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පවරා ඇති නඩුවට 2018 වසරේ පෙබරවාරි 16 වැනි දාට සළකා බලන ලෙස අනුරාධපුර වැඩබලන දිසා විනිසුරු මාලනී රනේපුර මහත්මිය අද (2) නියෝග කළේය.
තඹුත්තේගම ඉපිල්වත්ත පදිංචි ජූඩ් රනිල් ලෙනාඩ් මහතා නීතිඥ සුරංග මොහොටිටි මහතා මගින් අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පවරා ඇති මෙම නඩුවේ විත්තිකරු ලෙස නම් කර සිටිනුයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායූ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව නඩු 10ක් 15ක් විතර ආවොත්, සයිටම් ගැන අමතක කරයි ...
ලංකාවේ ඉස්පිරිතාල ගවගාල් වගෙයි, ඔපරේෂන් කාමර අපිරිසිදුයි.... දොස්තරලාට විතරක් බැනලා වැඩක් නෑ.....සේවකයෝ දේශපාලන හෙන්චයියලා වැඩකරන්නේ නෑ..... උපකරණ නෑ බෙහෙත් නෑ.....
මදැයි, මෙහෙම වෙච්ච රෝගියෙකුට තව මාස ගාණක් බලන් ඉන්න වෙනවා. නඩුව ගන්නවද? නැද්ද? සලකා බලන්න පස්සෙත් අවුරුදු ගාණක් ඉන්න වෙනවා. සාධාරණය ඉෂ්ට වෙන්න රෝගියෙකුට කරන සාධාරණයක්ද මෙය?
මගේ ඥාති දියණියකගේ මොලයේ ශල්‍යකර්මයක් අති ප්‍රසිද්ධ රජයේ අර්ධ පෞද්ගලික මහ රෝහලකින් කර ගැනීම නිසා ඇය අවුරුදු 7 ක් තිස්සේ දර කොටයක් වැනිව ඇඳක වැතිරී ඉන්නවා. මෙවැනි රෝගීන් අනන්තවත් ඇති.
මේවගේ නඩු වලින් මේ රටේ අගතියට පත් පාර්ශව වලට දිනන්න තියන සම්භාවිතාවය ඉතාම අඩුයි. මම දන්නා තරමට එහෙම නඩු එකයි දිනුවේ ඒකටත් විශාල කාලයක් ගියා. එහෙම වුනෙත් පැමිණිලි පාර්ශවය අතිප්රබල සමාජ මට්ටමක හිටිය අය වුන හින්ද