IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ලාස්වේගාස්හි ප්‍රසංගයක වෙඩි තැබීමක් - 50ක් මරුට


ඇමරිකාවේ ලාස් වේගාස්හි එළිමහන් ස්ථානයක පැවැත්වුණු සංගීත ප්‍රසංගයක සිදුවූ වෙඩි තැබීමකින් 50දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

විශාල පිරිසක් ප්‍රසංගය නැරඹීම සඳහා රැස් වී සිටි බවත් අසල පිහිටි හෝටලයේ 32 වැනි මහලේ සිට ප්‍රේක්ෂකයන්ට වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බවත් පොලිසිය පවසයි.

ප්‍රහාරය සඳහා තුවක්කු කරුවන් දෙදෙනකු හෝ තිදෙනකු සහභාගී වන්නට ඇතැයි පොලිසිය සැක කරයි. 

ජනප්‍රිය ඇමරිකානු ගායකයෙකු වන ජේසන් ඇල්ඩීන් වේදිකාවේ ගීතයක් ගයමින් සිටි අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුවි ඇති අතර බියෙන් තැතිගත් දහස් ගනනක් පිරිස හිස් ලූ ලූ අත පලා ගිය බව වාර්තා වේ.

ලාස්වේගාස් රෝහලට තුවාල කරුවන් 200 දෙනකු ඇතුලත් කළ බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.

(085)

 



අදහස් (7)

ලාස්වේගාස්හි ප්‍රසංගයක වෙඩි තැබීමක් - 50ක් මරුට

nishantha Monday, 02 October 2017 12:18 PM

අන්තිමට තියෙන පින්තුරේ පෙනෙන හෝටලයේ ඉදල තමා තුවක්කු කරු වෙඩි තිබ්බේ. මම වැඩ කරන්නේ අල්ලපු හෝටලයේ. එක අයෙක් පමණි වෙඩි තැබුවේ. ඔහුව ඝාතනය කරා. මියගිය සියලු දෙනාට නිවන් සුව පතමු

:       0       0

Thusha Monday, 02 October 2017 12:53 PM

50 දෙනෙක් මියගොස් ,406 දෙනෙක් රෝහල් ගත කරපු බවක් තමයි දැන් දැනගන්නට ලැබුනේ... හරිම ඛේදනීයයි.!

:       0       0

minipe Monday, 02 October 2017 04:35 PM

මේ අවාසනාවන්ත සිදුවීමට ප්‍රධාන හේතුව, ඕනෑම කෙනෙකුට ගිනි අවි මිලදී ගැනීමේ ඇති නිදහසයි. ගිනි අවියක් මිලදී ගැනීම, පාන් ගෙඩියක්, මස් කිලෝ එක්කක් ගන්නවා වගේ ලෙහෙසිකාරියකි.දැනට බලයේ සිටින දේශපාලන පක්ෂය වන"රිබලිකන් පක්ෂයේ බලපෑම නිසා ගිනි අවි සීමාවක් රටේ නැත. ජාතික ගිනිඅවි සම්මේලනය, විශාල වශයෙන්, මුදලින් ආධාර කරනුයේ රිපබ්ලිකන් පක්ෂයටයි.

:       0       0

susantha Monday, 02 October 2017 05:19 PM

ඔන්න ඕක නිසා තමයි ලංකාවට කිසිම මුස්ලිම් සරණාගතයෙක් එපා කියන්නේ.තේරුනාද?

:       0       1

gayanTuesday, 03 October 2017 09:46 AM

අපේ රටේ ඉන්න ළිං ගෙම්බන්ට ඕක තේරෙන්නේ නැහැ මචෝ ..... ඔන්න ඔහේ ඉල්ලා ගෙන කන්න අරින්න තියෙන්නේ.....

:       0       0

jayath Tuesday, 03 October 2017 12:53 AM

පසුව පලවූ වාර්තාවකට අනුව වෙඩි තැබූ ත්‍රස්තවාදියා ඇමෙරිකානු පොලීසිය විසින් වෙඩිතබා මරාදමනු ලබා ඇති අතර මීට එක්සත් ජාතීන්ගේ මානව කොමිසම විසින් දැඩි විරෝධයක් දක්වා ඇති අතර ඇතැම්විට මෙය ඇමෙරිකාවට එරෙහිව සම්බාදක පැනවීමේ තත්වයක් දක්වා වර්ධනය විය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වාදෙති !

:       0       1

saman Tuesday, 03 October 2017 03:31 AM

"තුවක්කු කරුවන්" මොවුන් ත්‍රස්තවාදීන් නෙමෙයිද? මට අමතක උනා මුස්ලිම් උනොත් විතරයිනේ ත්‍රස්තවාදීන්.... නේද? මහත්තයෝ ඒ වගේම මේක වෙලා මෙච්චර දවස් ගිහිල්ලත් ප්‍රසිද්ධ වුනේ නෑනේ... මට අමතක උනා ඕක කලේ මුස්ලිම් කට්ටිය නෙමෙයිනේ එකනේ.......

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2386 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site