පොලිස් නිලධාරින් 20 කට ස්ථාන මාරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුට ඇතුලූ පොලිස් නිලධාරීන් 20 දෙනකුට වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා ද ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 07 July 2017
එජාප මන්ත්‍රීන්ගේ රට සවාරි අගමැති අනුමැතියෙන් පමණයි තම අවසරයකින් තොරව මේ වසර ඇතුළත කිසිදු විදෙස් ගමනක් සඳහා සහභාගී නොවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට දන්වා ඇත. 07 July 2017
දේශීය ආදායම් සේවකයෝ සංකේත වර්ජනයක යෝජිත දේශීය ආදායම් පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවකයෝ අද(7) සංකේත වැඩ වර්ජනයක නිරත වෙති. 07 July 2017
අනතුරින් පසු මෝටර් රථයේ ගින්නක් මොරටුව නගරාසන්නයේදී, මෝටර් රථයක් ගසක සහ අධිබලැති විදුලි කණුවක ගැටී ගිනි ගනිද්දී එම රථයේ සිටි තරුණයන් දෙදෙනකු බේරාගැනීමට මොරටුව ගිනි නිවන ඒකකයේ නිලධාරීහු සමත් වූහ. 07 July 2017
ගමනාගමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ඩී.ඩබ්ලිව්.එස්.නාරංගොඩ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. 06 July 2017
‘නව ව්‍යවස්ථාවක් ගේනවානම් සංඝරත්නය දැනුම්වත් කරනවා‘ - ජනපති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ දළ කෙටුම්පතක් හෝ සම්පාදනය කරන්නේනම් ඒ පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කරමින් උන්වහන්සේලාගේ ද අදහස් සහ යෝජනා ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. 06 July 2017
ජගත් සංවිධානයේ නියෝජිත එමර්සන් සඳුදා ලංකාවට මානව අයිතිවාසිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් මහතා පස් දින නිල සංචාරයක් සඳහා ලබන සඳුඳා (10) දිවයිනට පැමිණීමට නියමිතය. 06 July 2017
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගනුදෙනු හය මසකට අත්හිටුවයි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගනුදෙනු අද (6) පස්වරු 4.30 සිට මාස හයකට අත්හිටවු බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 06 July 2017
ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශයට පැවරීම ගැන පෙත්සමක් මුදල් අමාත්‍යාංශය යටතේ පැවති සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශය යටතට පැවරීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍යවරයකු වන බන්දුල ගුණවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (6) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී. 06 July 2017
උමාඔය කැණීම් නතර කරයි උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්රමයේ උමග ආශ්රිත සියලු කැණීම් තාවකාලිකව නතර කරන අතර උමං මාර්ගයේ ඇති විදුම් යන්ත්‍රය ඉදිරි දින දහය ඇතුළත එම ස්ථානයෙන් ඉවත් කිරිමට පියවර ගන්නා බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා පැවසීය. 06 July 2017
ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (06 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් සිම්බාබ්වේට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. 06 July 2017
’නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ නෑ’ - රතන හිමි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට කිසිසේත් එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද (6) ප්‍රකාශ කළහ. 06 July 2017
’බෞද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කිරිමට ඉඩ දෙන්න නෑ ’ - අගමැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සම්පාදන මණ්ඩලයේ මෙහෙයුම් කමිටු සභාපති ලෙස කටයුතු කරන තාක් බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කිරිමට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය. 06 July 2017
තොරතුරු සන්නිවේදන විෂය අනිවාර්ය කිරීමට යයි තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂයය පාසල් විෂය මාලාවේ අනිවාර්ය විෂයයක් බවට පත්කරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. 06 July 2017
ඊ.ටී.එෆ්. පරිගණක ජාලයම අක්‍රීයයි සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් (ඊ.ටී.එෆ්.) මණ්ඩලයේ සමස්ත පරිගණක ජාලයම අක්‍රීය වී තිබීම නිසා සාමාජිකයන්ට අදාළ සියලු කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත. ඒ අනුව අයදුම්පත් බාරගැනීම, චෙක්පත් නිකුත් කිරීම, සාමාජික තොරතුරු දැනගැනීම ඇතුලු සියලු කටයුතු අත්හිටුවා තිබේ. 06 July 2017
හොර ඩොලර් ව්‍යාපාරයක් පොලිසියට හසුවෙයි ව්‍යාජ ඩොලර් 100 යේ කොළ ඩොලර් බවට පත් කිරීම සදහා රැගෙන යමින් සිටියදී පේරාදෙණිය තානායම අසලදී සුඛෝපබෝගී මෝටර් රථ දෙකක් සමග සැකකරුවන් පස් දෙනෙකු පේරාදෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 06 July 2017
සයිටම් අභියාචනයට මැදිහත්වීමට වෛද්‍ය සංගමයට අවසර සයිටම් ආයතනයට අදාළව අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලය ගොනු කළ අභියාචනා පෙත්සමට මැදිහත්වීමට අවසර දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ ඉල්ලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(6) අවසර ලබාදුන්නේය. 06 July 2017
උමා ඔය ව්‍යාපෘතිය ගැන සොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කිරීමට ජනාධිපති හා අගමැති තීරණය කර ඇතැයි වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. 06 July 2017
අල්ලස් ගත්තැයි කොස්තාපල් රිමාන්ඩ් රුපියල් 30000ක අල්ලසක් ලබාගත් බව කියන කොල්ලුපිටිය පොලිසියේ කොස්තාපල්වරයකු හෙට (7) දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය. 06 July 2017
විදෙස් දුම්වැටි තොගයක් කටුනායකින් අල්ලයි නීති වීරෝධීව ශ්‍රී ලංකාවට ගෙන එමින් තිබූ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් අද (6) කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්න මහතා පවසයි. 06 July 2017
ලක්ෂ 15 ක කේරල ගංජා පෑලියගොඩින් අල්ලයි පෑලියගොඩ කළු පාලම අසල ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් තිබු ලක්ෂ 15 ක් වටිනා කේරල ගංජා කිලෝ 11 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් පෑලියගොඩ පොලිසිය මගින් අද (6) අත්අඩංගුවට ගනු ලැබුහ. 06 July 2017
මරුවා ටිපරයෙන් එයි කොට්ටාව බොරැල්ල දෙපානම මාර්ගයේ යතුරුපැදියකින් ගමන් ගත් කාය වර්ධන උපදේශකවරයකු (38) නවතා තිබු කන්ටේනරයක ගැටී ඇද වැටීමෙන් ධාවනය වු ට්‍රිපර් රථයකට යට වී මිය ගිය බව පොලිසිය කියයි. 06 July 2017
අහුන්ගල්ල මාදැල් වරාය උණුසුම් වෙයි අහුන්ගල්ල මාදැල් වරායේ ධීවර පිරිසකට අයත් මාදැල් වාඩිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉවත් කිරීමට යෑමත් සමග එහි උණුසුම් තත්ත්වයක් ඇතිවී ඇත. 06 July 2017
ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති වරද පිළිගනී සිය වත්කම් බැරකම් ප්‍රකාශ නොකළැයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද(5) වරද පිළිගත්තේය. 06 July 2017
ඉන්දීය ධීවරයින් 8ක් අත්අඩංගුවට ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් වේග ප්‍රහාරක යාත්‍රා 2 කින් තහනම් පන්න ක්‍රමයක් මගින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු සහ යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගෙන ඇත. 06 July 2017
සාගරිකා දුම්රියට යතුරුපැදිකරුවකු බිලි මාතර සිට මරදාන දක්වා ධාවනය වෙමින් තිබූ සාගරිකා ශීඝ්‍රගාමී දුම්රියට අම්බලන්ගොඩ, වේනමුල්ල ප්‍රදේශයේ දී යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගිය බව පොලිසිය කියයි. 06 July 2017
ඩෙංගු නිසා පාසල් නිල ඇඳුමේ වෙනසක් පාසල් සිසුන් ඩෙංගු උණ රෝගයෙන් බේරා ගැනීම සඳහා පාසල් නිල ඇඳුම වෙනස් කරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 05 July 2017
අනතුරක් වළක්වා නොගත්තැයි සැරයන් අත්අඩංගුවට යතුරු පැදියකින් ගමන් කරමින් සිටිය දී පානදුර නවතා තිබූ මෝටර් රථයක සහ යතුරු පැදියක ගැටුණු පානදුර හිටපු මන්ත්‍රීවරයකු වන විමලනායක බාලචන්ද්‍ර මහතා මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 05 July 2017
ආපදාවකදී ජනතාව රැඳවීමට මධ්‍යස්ථාන 100 ක් හදිසි ආපදා අවස්ථාවක දී විපතට පත්වන ජනතාව රැඳවීම සඳහා රටපුරා රැදවුම් මධ්‍යස්ථාන 100ක් ඉදි කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 05 July 2017
ත්‍රෛනිකායික ප්‍රකාශය ගැන නැවත සිතන්නැයි දෙමළ සන්ධානය ඉල්ලයි නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ ප්‍රකාශය ගැන ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ තීරණය කුමක්දැයි වහාම රටට ප්‍රකාශ කරන ලෙස දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහාත අද(05) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. 05 July 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026