චන්ද්‍රසේන ගමගේ සහ පද්මසිරි ගාර්දියවසම්
 
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල  ඉන්දියාවට පවරා දීමට   රජය තීරණය කර ඇතැයි කියමින්   ලබන 06 වැනි දා පැවැත්වීමට යන උද්ඝෝෂණයක්  සම්බන්ධයෙන් හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කළේය.
 
විරෝධතාකරුවන් මාගම්පුර වරාය පරිශ්‍රයට ඇතුල් වීම ,මත්තල ගුවන්තොටුපළට ඇතුල් වීම,හම්බන්තොට පිහිටි ඉන්දියානු කොන්සල් කාර්යාලයට ඇතුල් වීම තහනම් කර ඇති අතර  ජන ජීවිතයට පීඩාකාරී ලෙස මාර්ග අවහිර නොකරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
 
මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී සනත් අමරසිංහ සහ හම්බන්තොට පොලිස් සථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියන්ත අබේසිංහ  යන මහත්වරුන් අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.