(ටෝනි කරුණානායක)
පූගොඩ මල්වානේ සුවිසල් නිවසක් ඉදිකර රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වූ නඩුවේ අධිචෝදනා පත්‍රයේ ලේඛන සහ සාක්ෂි සටහන් වල කොටසක් තමන්ට තවමත් ලැබී නැතැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (04) අධිකරණයට දැනුම් දුන්නේය.
පූගොඩ මල්වාන මාපිටිගම අක්කර 17ක ඉඩමක් මිලට ගෙන එහි සුවිලස් නිවසක් හා නාන තටාකයක් ඉදිකර රජයේ මුදල් අවභාවිත කිරීම මත මුදල් විශුද්ධිකරණ පනත යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා තිරු නඩේෂන් යන අයට එරෙහි නඩුව අද (04) ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී මේ බව දැනුම් දුන්නේය.
බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා ඒ බව අධිකරණයට දැනුම් දුන් අතර තිරුකුමාරන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සාලිය පිරීස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයාගේ අධිචෝදනා පත්‍රයේ සිංහල ලේඛන සහ සාක්ෂි සටහන් ඉංග්‍රීසි භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන් පරිවර්තනය කර ලබා දෙන ලෙසයි.
නඩුව මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා මෙම ඉල්ලීම දෙකට එකඟ වූ අතර ඒ අනුව නඩුව නොවැම්බර් 23 වැනි දා කැඳවීමට තීන්දු කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යං නඩු දිනය මාස දෙකක් තුනක් ඉදිරියට කල්දදා 2020 වෙනකම් යමු
අපි හිතුවා මෙවැනි නඩු අධිවේගී මාර්ගවල යන වාහන වල ස්පීඩ් එකෙන් ගිහින් ඉක්මනට ඉවරවේ කියල. බලාගෙන යනකොට මේ නඩු යන්නේ මගේ මාමගේ බර කරත්තයටත් වඩා හෙමින් නේ. මේවා කවදා ඉවර වෙයිද කියල දන්නේ උඩ ඉන්න දෙවියන් පමණයි !!! මේවාට ටර්බෝ ( turbo ) සවිකරන්න බැරිද, වේගයෙන් යන්න ?
බැසිල් කියන්නේ කොමිස් වලට අල්ලස් වලට ඉඩ කඩම් වලට ඉතාමත් කෑදර පුද්ගලයෙක් ජනවාරි 8 මොවුනට කණකොක හඬපු දවසයි ... එදවස උදාකරදුන් ජනතාවට පින් ..
ඉතිරි කොටස විජේදාස රාජපක්ෂවත් අරන් ගියාද ? කල් මරන්න නියම වැඩ ....ඉතිරි කොටස හොයා ගන්න තෙක් නඩුව 2018 දෙසම්බර් වලට කල්දමන ලදී.