හැකි නම් බොදුබලේ, සිංහලේ, මහසොහොන් බළකාය ඇතුළු ජාතිවාදී අන්තවාදී සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නැයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න මහතා පැවසීය.
ඔහු එලෙස කීවේ අද කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමිනි.
රොහිනග්‍යා සරණාගතයන් රැඳී සිටි නිවස ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූයේ කාන්තා අපයෝජන සිදුවීමක් වසන් කිරීමේ කුමන්ත්රණයක ප්‍රතිඵලයක් ලෙස යැයි ද අජිත් ප්‍රසන්න මහතා කීවේය.
‘එම පුද්ගලයන් රඳවා තබන ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල් වරයෙක් උපක්රමිකව සරණාගත කාන්තාවක් ලැගුම්හලකට ගිනිහින් දූෂණය කරනවා. ඒ පිළිබඳ ගංගොඩවිල උසාවියේ නඩුවක් විභාග වෙනවා. මේ නඩුව යළි කැඳවන්න නියමිත ඔක්තෝබර් 26 වැනිදාය. මේ ස්ත්‍රී දුෂණ වරදට අවුරුදු 10කට 15කට හිරේ යන්න වෙනවා. රොහින්ග්‍යා සරණාගතයන් ත්රස්තවාදීන් කියා හුවා දක්වලා උද්ඝෝෂණයක් කරලා ඒ අය පිටුවහල් කරන්න කටයුතු කළා නම් අර සාක්කි නැතිව යනවා කියා කුමන්ත්‍රණයක් කරනවා. අපි නීතිපතිට කියනව ඔය ඇත්තටම අල්ලලා ඉන්නේ හාල්මැස්සෝ.
බොදුබල සේනා සංවිධානය කියන නෝර්වේ බලල් අතක් වන අන්තවාදී සංවිධානය මුස්ලිම් හා සිංහල ජනතාව අතර දැවැන්ත බෙදීමක් ඇති කළා. එහෙම කරපු බොදුබලේ හාමුදුරුවන්ව එවකට ආණ්ඩුවට අත්අඩංගුවට ගන්න බැරිවුණේ ආණ්ඩුවේ ඇමැතිවරයකු නිසයි. මේ සිදුවීම පිටුපසත් ඒ ඇමැති සිටිනවා. ‘
රට වෙනුවෙන් දැවැන්ත යුතුමක් ඉටු කළ ආරක්ෂක අංශයක නායකයකු ඉදිරියේ දේශපාලනයට එන බව ද අජිත් ප්‍රසන්න මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවදුරටත් මොහුව පරීක්ෂා කර බලන්න.
ලංකාවේ නමත් කෑවා. ලාංකිකයන් වශයෙන් අපි ලැජ්ජා විය යුතුයි. සරණ පතා අාපු මිනිසුන්ට මෙහෙම සැලකීම පිළිබඳව.
100%ක් නිවැරදියි.
තහනම් කරලා මදි, කරපු සාපරාධී ක්‍රියාවලට මෙයාලව හිරේ විලංගුවේ දාන්න ඕනා.
එතකොට අන්තවාදී සංවිධාන තියෙන්නේ මේ ටික පමණද.
මුස්ලිම් අන්තවාදී සංවිධාන පේන්නේ නැද්ද ඔබතුමාට ? උතුරු නැගෙනහිර පුරාවස්තු විනාශ කරන එක, කැලේ කපන එක පෙන්නේ නැද්ද ?
ලෝකයේ බොහොමයක් රටවල් මුස්ලිම් අන්තවාදී සංවිධාන තහනම් කරද්දී , අපේ රටේ මේ වගේ අමුතු පුද්ගලයන්ට තවම ඒක තේරෙන්නේ නෑ. ඔබතුමා අද මේ මුස්ලිම් අන්තවාදීන්ගේ ගොදුරු බවට පත්වුණු ඇමරිකාව, ප්‍රංශය ,ජර්මනිය, එංගලන්තය දිහා බලන්න. ඒ රටවල් වලත් සිය රට මුස්ලිම් අන්තවාදීන්ගේන් බේරගන්න විවිධ වූ සංවිධාන බිහිවෙලා තියනවා. රාජ්‍ය අනුග්‍රහය පවා ලැබෙනවා. එත් අපේ රට.? මේ විපත් ගැන කතා කරනවිට අපි අන්තවාදී, ජාතිවාදී ....
අපේ උන් අපිටම වළකපනවා. අනික් ආගම්වල උන් ජාතිවල උන් අන්තවාදය ජාතිවාදය වපුරනවා ඒවාට විරුද්දව කතා කරපු අයව තහනම් කරන්න කියනවා. කවුරු කලත් අන්තවාදය.... මේවා තහනම්කරන්න මේවට දඩුවම් කරන්න පටන් ගන්න ඕන මුල ඉඳල අගට මිසක් අග ඉඳලමුලට නොවේ. හැමදාම අසදරණයට ලෝකේ හැම ජාතියකම මිනිස්සු එකතු උණා අරගල කලා. අපි සිංහල ජාතිය ඇත්ටටම වෙනස් අපි කලේ අපේ උන්වම එදා ඉඳලඅද වෙනකල් පෞද්ගලික ලබා තනතුරු වලට පාවල දෙන එක. අද කාලබීල හිටපල්ලා ඒත් මතක තිය ගන්නල තමුන්ගේ මුණුබුරන්ට ලංකාව නැටි වෙනවා කියල. එකට අනික් කිසිම ජාතියකට බැනල වෙඩක් නෑ බෙල්ලට තොන්ඩුව දාගන්නේ අපිමයි.
මේ මහත්මයා කියන පරිදි කාන්තාවක් දුෂණය කොට ඇත්නම් ඔහුට උපරිම දඩුවම් ලබා දිය යුතුය. නමුත් ගැටලුව වන්නේ ඔහුට මෙය යට ගහන්න වුවමනා නම් ඔහු කිසි විටකත් සංහිදියාව ගැනම දේශනා කරන ආණ්ඩුවක් යටතේ මෙවැන්නක් කිරීමට සිතන්නේ ඇයි? නිතැතින්ම එය එලියට එන බව නොදනිද? අනෙක් අතට කොස්තාපල් වරයෙකුට මෙතරම් බලයක් තිබේද? ලොව පුරා සෑම රටක්ම මුස්ලිම් අන්තවාදී සංවිධාන වලට රාජ්‍ය අනුග්‍රහය යටතේ වැට බදින විට මෙරටත් අන්තවාදී මුස්ලිම් සංවිධාන සහ පක්ෂ පවතින විට මොහු නිහඩ කිරීමට හදනේ එයට විරුද්ධ හඩය. රෝහින්‍ය වරුන්ගේ දුෂණය වූ දැරිවිය ගැන කතා කරන මොහු නැගෙනහර ප්‍රදේශයේ කුඩා දැරිවියන් දුෂණය කරන එක ගැන කතා නොකරයි. වැඩිම ළමා මව්වරු සිටිනේ එම ප්‍රදේශ වලය. කුඩු ව්‍යාපාර, කැලෑ කැපීම්, වද බෙහෙත් ගෙන්වීම වැනි පුවත් පත් වලින් පල වූ අපරාධ වලටද සම්බධ වූ බවට සාක්ෂි තිබියදී ඇයි ඔබට මේවා නොපෙනේ නේ. සවුදි අරාබියේදී රිසානා දැරිය ඝාතනය කරන විට එයට විරුද්ධව කතා කලේද සිංහලයා පමණි සාමයේ ආගම අදහන මෙරට මුස්ලිම් ජාතිකයන් වචනයක් කිවේ නැත. සල්ලි වලට තම දරුවන් පවා විකුණන්නට ඔබ වන්නෙකුට හැකිය. ඔබට මුදල් ලැබේ නම් රණවිරුවන් යුධ අපරාධ කල බවද කියනු ඇත.
මම නම් මෙවන් සංවිධානයන් දකින්නේ පාතාලයන් ලෙසටයි ..නියම ශ්‍රමනයන් නම් අත් අඩංගුවට නඩු හබවලට කඳුළු ගෑස් වලට සමාජ අවමන්වලට භාජනය වෙන්නේ නෑ...
මොහු අපක්ෂපාතී අයෙක් නෙවෙයි.....මේ කියන කවුරැ ආවත් ජනතාවට යහපතක් වන්නේ නෑ.....
ඔබත් රණ බිමේ සිටියාණන් ඒ ගෞරවය රැකගෙන ජරා දේශසපාලනයට කඩේ යන්න එපා.
මේවා මේ මිනිහ කියන්නේ සල්ලි වලට යට වෙලා....
ජාතිවාදී අන්තවාදී සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නැයි කියන එකේ වරද මොකද්ද? මෙතන කියන්නේ සියලු අන්තවාදී සංවිධාන ගැනයි.
"හෙළ බොදු රණහඬ"
දොරේ අප්පා ගෙන් පටන් ගත්ත අපරාද අපරාද නොවේද ? අපරාද කළේ අපි විතරද දෙගොල්ලොම කරා... කවුරැවත් ජය ගත්තේ නැහැ..... අහිංසක ජනතාව මැරුණා අබ්බගාත උණා මහත්මාගාන්ධි අනුගමනය කරා නම් විසදුම් ගන්න තිබුණ සමාජ අසාධාරණයට දෙමල ජනතාව මෙන්ම සිංහල දුප්පත් ජනතාවද ගොදුරුවිය...
අපේ සිංහල මිනිස්සු අහුවන බොදු බලේට මොවුන් සල්ලි අරන් ජාතිවාදය අවිස්සුවා.මුස්ලිම් මිනිස්සු බය වුණා.ආණ්ඩුව පෙරලුනා.බටහිර රටවල් වලට උවමන වුන දේ සිදුවුණා .
ඔබගේ තීරණය හොදයි. ඔබ තරම් වැදගත් බුද්ධිමතෙක්. බුද්ධාගම රටේ තහනම් කරන්න.සිංහලයන් රටින් පළවාහරින්න. අයි.එස්.අයි හා අල්කයිඩා සංවිධාන ලංකාවේ නීතිගතකරන්න. ඔබ සැමට සාමකාමී අනාගතයක්.
එතකොට බොදු බලේ හදපු මෙයා කියන දියසෙන් කුමාරයාව හිරේ දාන්න ඕනේ නැද්ද.
ඔය කතාවෙ යථාර්ථයක් තියෙනවා. ජාතිය බේරාගන්නා මුවාවෙන් බොදු බලේ, සිංහල රාවය, මහසෙන් බලකාය වැනි ජාතිවාදය, ක්‍රෝධය සහ වෛරය වපුරන සංවිධානවල උදවිය යැපෙන්නේ අනුන්ගේ සල්ලි වලින්. මොවුන්ට රස්සාවල් නැහැ. ඒ අය හොඳට දන්නවා "ජාතිවාදය" ලංකාවේ හොඳට අලෙවි වන භාණ්ඩයක් කියලා. ඉතින් රටේ නැති ප්‍රශ්නත් ඇති කරලා මිනිස්සුන්ගේ හැඟීම් කුපිත කරවනවා. "ජෙල්" එකක් දාපු කාන්තා යට ඇඳුම් මොවුන්ගේ නිර්මාණයක්. ශ්‍රී පාදය අභියස "මාෂා අල්ලාහ්" කියල ලියලා ඒක ප්‍රශ්නයක් කරේ සාලිය සහ මහසොන් බලකාය. ඉතින් මෙවැනි නොයෙකුත් උපක්‍රම මගින් තමන්ගේ අභිලාෂයන් ඉටුකර ගැනීමයි මොවුන් කරේ තවදුරටත් කරන්නේත්. පොදු ව්‍යවහාරේදී කියන විදිහට "සිංහලයා මෝඩයා" කියනඑක මෙවැනි නරුමයින්ට මුදල් එවන හරක්ගෙන් ඔප්පු වෙනවා. මොකද, ඒ එවන සල්ලිවලින් මොවුන් කරන්නේ මොනවාද කියල සජීවී වීඩියෝවලින් සනාථ වෙනවා. ආණ්ඩු කරනවුන්ට මෙවැනි කාලකන්නි සහ ජාතිවාදී සංවිධාන කාලෙන් කාලෙට තමන්ට අවශ්‍ය වන නිසා ඔවුන් තහනම් කරන්නේ නැහැ. මේ අන්තවාදී සංවිධානවලට අවශ්‍ය සහයෝගය නිතැතින්ම ලබාදෙන්නේ දේශපාලුවන් විසින්ම බව රහසක් නොවේ.
මේවා ඇති උනේ හේතු ඇතිව....මේ සිංහළ බෞද්ධ රටේ අපිටත් හලාල් කවන්න යෙදුවාම කොටි යාපනයෙන් එළවපු සරණාගතයෙක් ඊළගට මන්නාම් දිස්තික්කය මුස්ලිම්කරනය කර, අම්පාර නැගෙනහිර දාගබ් කඩමින් පන්සල් ඉඩම් බළහත්කාරයෙන් අල්ලමින් රටතුළ කුඩු ගෙන්වා බෙදා හරිමින් රේගුව පොලීසිය අල්ලසට නතු කර ගනිමින් ඒ මුදල් යොදවා සිංහළයින් ගේ ඉඩකඩම් තුට්ටුදෙකට මිළදී ගනිමින් එක්තරා කණ්ඩායමක් මේ බෞද්ධ රටේ කරගෙන යන ජාතිවාදී වර්ග වාදී වැඩ පිළිවෙළ ගැන අජිත්ට චෝදනාවක් ඇත්තේම නැද්ද? ජනතාව කුපිතව සිටී, මෙයට දැන් නෑ වගේ සිටින ඇමති චම්පික, චීවරධාරී රතන. වැනි තමන්ගේ දේශපාලන බළය වෙනුවෙන් බෞද්ධ ජනතාව ගොනාට ඇන්දවු අය බරපතළ ලෙස වගකිව යුතුය.ඊට අමතරව තම දේශපාලන සුඛවිහරණ සදාකල් යැයි සිතමින් ඉහතින් සඳහන් වැරදි කරනවුන්ට නිසි දඩුවම් දීමට කටයුතු නොකර සිංහළයින්ටම වරද පටවන අවගති ඇති නායකයෝද මේ කණ්ඩායමට එකතු විය යුතුය.
ඔයා පහුගිය කාලවල මේ කියන සංවිධාන එක්ක එකට බැහැල වැඩ කරා නේද.? ඇයි දැන් මේවගේ විරෝධීව ප්‍රකාශ නිකුත් කරන්නේ?. මේ සංවිධාන වැඩ කරන්නේ මෙයාලගේ දේශපාලන ගමනක් යන්න නොවේ. මේ රට ජාතිය ආගම ඉතිහාසය මේ නුපන් මතු පරපුරකට ඉතුරු කිරීම සඳහා. අර පසුගිය කාල වල අවුරුදු 14..15 ගැහැණු ළමයන් විවාහ කරගන්න පෙළපාලි ගිය සංවිධාන ඔයාට පෙනුනේ නැද්ද..? සිංහලයා මෝඩය කියන්න මේකට තමා. ජාති 2..3 එකතු වෙලා සිංහල එකම ජාතිය විනාශ කරනවා මුන්ට පෙන්නේ නැහැ. සිංහලයාගේ වෙනස මේක තමා..
කව්ද මෙයා? මොකක්ද ඔය සංසදය? කොහෙන් හරි NGO එකකින් ඩොලර් ගිලලා අටවාගත්තු සංවිධාන. රණවිරුවන්ගේ නමත් කනවා..
හැමතැනම ජාතිවාදයට නටු වෙලා. අපි කතා කරන්නේ අපි අපේ රට ජතිය අගම ගැන එහෙත් අපි ජාතිවාදියෝ නෙවෙයි....
ඔබ තුමාට ගොඩක් ස්තූතියි.....ඇත්ත සිද්ධිය ජනතාවට පහදා දෙන්න.....සමහර අපේ සහෝදරයන්ට කට උත්තර නැත....
ඔක්කොටම ඉස්සෙල්ලා වෛද්‍ය සංගමය තහනම් කල යුතුයි.
බොදුබලේ-සිංහලේ, දෙමලේ මුස්ලිම්ලේ ඔය ඔක්කොම ජාතිවාදී ආගම්වාදී සංවිධාන ලක්බිමෙන් අතුගා දැමිය යුතුයී!
ඔය මුස්ලිම්වරුන්ට ලංකාවේ නවතින්න ගහන ගැටයක් ද දන්නේ නැ. හරියට හොයලා බලන්න වෙනවා. කා ගැනවත් දැන්නම් විශ්වාසයක් නැ.
හලෝ දෙමළ සංවිධාන, හම්බ සංවිධාන අතු ගා දැම්මාම ඉබේම බොදුබල සේනාව අහෝසි වේවි. බොදුබල සේනාව බිහිකළේ දෙමල ජාතිවාදයයි. මුස්ලිම් ජාතිවාදයයි. සියයට 75ක් සිටින සිංහල රටේ සිංහලයාට ඔවුන්ගේ අයිතිවාසිකම් වලට සටන් කරන්න වෙලා තිබෙනවා. ඒ සිංහල කම නැති සිංහලයින් නිසායි.
"දෙම ලේ" සහ "මරක්ක ලේ" තිබුනට කමක් නැහැ නේද? මේජර මහත්තයෝ?...හාද?...
දේශපාලනයට ආපු ඔහේලගෙ බොස් කරන දේවල් පෙනෙනවානේද? දෙමල මුස්ලිම් ඡන්ද ටික ගන්න සිංහලයා පාවාදීම සිංහල ජාතියේම ලෙඩක්. අනේ දේශපාලනයට ඇවිත් නැවත අපේ රට පාවාදෙන්න ගියොත් සිංහලයාට ඔබ විරුවෙක් කියලා අමතක වේවි.
හෙනම ගහයිනේ මේ කරන වැඩවලට...
ඔක්කොටම ඉස්සෙල්ල මොහු ඉන්න සංවිධානය තහනම් කරල ඉන්න ඕන....
කව්ද හරි, කව්ද වැරදි කියල හිතාගන්න අමාරු. මේකෙන් වෙන්නේ ජාතිය ගැන හිතන මිනිස්සු ටිකත් අතරමන් වෙන එක !
ජාතිවාදය අවුස්සන ඕනෑම සංවිධානයක් තහනම් කල යුතුය. මේවා පටන්ගන්න නම් ලෙහෙසියි. එ්ත් ඉවරවෙන තැන කොතැනද කියා කාටවත් කියන්න බැහැ.