දඹුලු ලෙන් විහාරය වසා දමයි ඵෙතිහාසික රංගිරි දඹුලු ලෙන් විහාර සංකීර්ණය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමටත් එම ලෙන් විහාරයේ සංරක්ෂණ කටයුතු වහාම ආරම්භ කිරීමටත් පුරාවිද්‍යා උපදේශක මණ්ඩලය ඊයේ(10) ඒකමතිකව තීන්දුවකට එළැඹ තිබේ. 10 July 2017
මෙවර උසස් පෙළ අයදුම්කරුවන් ලක්ෂ තුනක් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2017 විභාගය සඳහා අයදුම්කර තිබෙන අපේක්ෂකයින්ගේ අයදුම්පත්‍ර මේ වනවිට තැපැල්කර යවා තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පැවසීය. 10 July 2017
ජයිකා ආයතනයෙන් කෝටි 6000 ක ණයක් ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (ජයිකා) රුපියල් කෝටි 6000ක ණයක් ලබාදීමට එකඟතාවය පළ කර ඇත. 10 July 2017
‘මං නිසා වර්ජනය කරන්න එපා‘ - මහැදුරු කාලෝ තමා නිසා හෝ තමාගේ තනතුර නිසා අසරණ ලෙඩුන්ව අමාරුවේ දැමීමට වැඩවර්ජනයකට නොයන්නැයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අද(10) ඉල්ලා සිටියේය. 10 July 2017
යකඩ කපන්න අනුමැතිය නොදුන් බව ගෝඨා කියයි කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ටොන් 600 ක වටිනා යන්ත්‍ර සුත්‍ර අබලි යකඩ වශයෙන් කපා ඉවත් කිරීමට තමන් කිසි අවස්ථාවක අනුමැතිය නොදුන් බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10) බරපතල වංචා දුෂණ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ දිව්රුම් ප්‍රකාශයක් මගින් දැනුම් දුන් බව කොමිසම කියයි. 10 July 2017
සිම්බාබ්වේට 3-2 ක තරගාවලි ජයක් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයෙන් කඩුලු 3ක ජයක් ලැබීමට සිම්බාබ්වේ පිල සමත්විය. 10 July 2017
පේදුරුතුඩුව පොලිසියේ දෙන්නා බලය ඉක්මවලා - මාධ්‍ය ප්‍රකාශක පේදුරුතුඩුවේදී පොලිසිය බලය පමණට වඩා යොදවා ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 10 July 2017
වාස් ගුණවර්ධනට එරෙහි නඩුව ඔක්තෝබර් සිට දිනපතා විභාගයට රහස් පොලිසිය තුළදී එහි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතාට මරණ තර්ජන කළ බවට චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති නඩුව ඔක්තෝබර් 30 වැනි දා සිට දිනපතා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (10) නියෝග කළේය. 10 July 2017
’රටේ නොසන්සුන්කම් වලට හේතුව සංහිඳියාකාරයන්ගේ කුණුගොඩවල් ’- සුදත්ත හිමියෝ මේ රටේ දැන් ඇතිවී තියෙන නොසන්සුන්කම් වලට හේතු වී ඇත්තේ සංහිඳියාකාරයින්ගේ කුණුගොඩවල් යැයි සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් මාගල් කන්දේ සුදත්ත හිමියෝ පැවැසූහ. 10 July 2017
සුළු ජන කොට්ඨාස වෙනුවෙන් උප ජනාධිපති ධූරයක් ඉල්ලති යෝජිත නව ව්‍යවස්ථාව තුළින් සුළු ජන කොට්ඨාස නියෝජනය වන උප ජනාධිපති ධූරයක් පිහිටුවිය යුතු යැයි දෙමළ ප්‍රගතශීලී සන්ධානය ප්රමුඛ සුළු දේශපාලන පක්ෂ හතරක් විසින් ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇත. 10 July 2017
මහින්දානන්දට එරෙහි නඩුව නොවැම්බරයේ විභාගයට අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙක හමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මුදල් විශූද්ධීකරණ පනත යටතේ පවරා ඇති නඩුව නොවැම්බර් මස 20 සහ 21 දිනවල විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(10) නියෝග කළේය. 10 July 2017
මුලතිව් මුහුදේ පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරු දෙන්නෙක් අත්අඩංගුවට මුලතිව් කොක්කුතුඩුවායි මුහුදු තීරයේදී මසුන් මැරීම සඳහා වෝටර්ජෙල් නැමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 10 July 2017
එස්ටීඑෆ් රථයකට ගල් ප්‍රහාරයක් යාපනය පේදුරුතුඩුව මනල්කාඩු හි වැලි ටිපර් රථයට එල්ල වූ පොලිස් වෙඩි ප්‍රහාරයකින් අයකු මිය යාමේ සිද්ධියට විරෝධය පා අදත් (10) පේදුරුතුඩුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ටයර් පිලිස්සීම් හා ගල් ප්‍රහාර වාර්තා වෙයි. 10 July 2017
ජනක බණ්ඩාර ඉවතට නන්දිමිත්ර ඇතුළට මාතලේ ප්‍රදේශීය සංවර්ධන කමිටුවේ නව සම සභාපති ලෙස හිටපු අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතා පත්කර ඇති බව ජනාධීපති ලේකම් කාර්යාලය මගින් මාතලේ මහ දිසාපති ඩි පි ජි කුමාරසිරි මහතා දන්වා එවා තිබේ. 10 July 2017
පැය 4 ක් අධිවේගයේ කඩුවෙල සිට කඩවත දක්වා මංතිරු වහයි අධි බලැති විදුලි රැහැන් පද්ධතියක හදිසි ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් අධීවේගී මාර්ගයේ කඩුවෙල සිට කඩවත දක්වා මංතීරු දෙපසම අද (10) පස්වරු 12.30 සිට සවස 4.30 දක්වා වසා තැබෙන බව අධිවේගි මාර්ග මෙහෙයුම් කාර්යාලය පවසයි. 10 July 2017
පර්පචුවල් සමාගමේ ණය ප්‍රශ්නයකට පෑන් ඒෂියා බැංකුවෙන් උපකාර පැතුවා 2016 වසරේදී පර්පචුවල් ටේරෂරීස් සමාගම ණය ප්‍රශ්නයකට මුහුණ පෑ අවස්ථාවේ දී ඔවුන් පෑන් ඒෂියා බැංකුවෙන් උපකාර පැතුවා. 10 July 2017
ඩෙංගු පැතිරුණු බස්නාහිර ඉඩම්වලට බද්දක් බස්නාහිර පළාතේ ඩෙංගු ව්‍යාප්තව ඇති ඉඩම්වලින් 2%ක බද්දක් රජයට අය කරගැනීමට අද(10) සිට පියවර ගෙන ඇතැයි බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පවසයි. 10 July 2017
අල්ලස් ගත් දෙන්නෙක් රිමාන්ඩ් පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයක පරික්ෂණ වාර්තා ප්‍රතික්ෂේප නොකිරිම සඳහා අල්ලස් වශයෙන් රුපියල් 75000ක් ලබාගත් බව කියන කුලියාපිටිය මුලික රෝහලේ කායික විශේෂඥ වෛද්‍යවරයා සහ පෞද්ගලික රෝහලක විකිරණ ශිල්පියෙකු ලබන 24 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ මහතා නියෝග කළේය. 10 July 2017
ශ්‍රී ලංකාවේ කෙටි චිත්‍රපටයට ලෝකයේ මුල්තැන ඉන්දීයාවේ නව දිල්ලි නුවර පැවති 3 වැනි ජාත්‍යන්තර ස්වාධීන චිත්‍රපට උළලේදී රටවල් 34 කින් ඉදිරිපත් කළ චිත්‍රපට 400ක් අතුරින් ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපටයක් ප්‍රථම වරට පළමු ස්ථානය දිනා ගැනීමට සමත් විය. 10 July 2017
ලක්ෂ 12 දුම්වැටි සමඟ තරුණයෙක් අල්ලයි විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධීව කුවේටයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ ව්‍යාපාරික තරුණයකු (29) කටුනායක ගුවන් තොටුපොළ දී අද (10) රේගුව විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්න මහතා පවසයි. 10 July 2017
වැලි ලොරියකට වෙඩි තැබු පොලිසියේ දෙන්නෙක් අත්අඩංගුවට පේදුරුතුඩුවේ පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය යාම සම්බන්ධයෙන් සැකපිට පොලිසියේ දෙන්නෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. 10 July 2017
දකුණු අධිවේගයට අධිබල විදුලි රැහැනක් වැටිලා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සහ කඩුවෙල අතර අධිබලැති විදුලි රැහැනක් කඩා වැටීම නිසා තාවකාලිකව වසා දමා තිබේ. 09 July 2017
පොලිසියට එරෙහිව පැමිණිලි 600ක් මෙම වසරේ ගත වු මාස කිහිපය තුළ පොලිසියට එරෙහිව පැමි‚ලි 600 ක් ජාතික පොලිස් කොමිසම වෙත ලැබී ඇති බව එම කොමිසම කියයි. 09 July 2017
නිමාලිට රන් පදක්කම ඉන්දියාවේ බුබනේෂ්වර් නුවර කාලිංග ක්‍රීඩාංගණයේදී පැවැති ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය වූ අද (9දා) නිමාලි ලියනාරච්චි (මීටර 800) රන් පදක්කමක් දිනාගැනීමට සමත් වූවාය. 09 July 2017
වෙඩි තැබීමකින් පසු පේදුරුතුඩුව උණුසුම් වෙයි පේදුරුතුඩුවේ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය යෑමෙන් පසු ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇති වී ඇතැයි පොලිස් ආරංචි කියයි. 09 July 2017
දෙමළ ජාතික සන්ධානය මහ නාහිමිවරුන් හමුවෙන්න සැරසෙයි ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් හමුවී යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡාකිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ. 09 July 2017
නව ධීවර පනතට තමිල්නාඩුවේ විරෝධය ශ්‍රී ලංකාව සම්මත කරගත් නව ධීවර පනත සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් තමිල්නාඩුවේ රාමේෂ්වරම් ධීවරයන් අද (09) සිට උපවාසයක් ආරම්භ කර ඇතැයි ඉන්දීය ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කළේය. 09 July 2017
‘උමා ඔය සහන කමිටුවට සිර දරඬුවම් ලැබූවෙක්‘ - කැෆේ උමා ඔය විපතට පත්වූවන් සඳහා සහන සැපයීම් කාර්යාලයේ ප්‍රධානියා ලෙස පත් කර ඇත්තේ නිල්ගල වන සංහාරයට අධිකරණය මඟින් මාස හයක සිර දඬුවම් නියම වූ තැනැත්තෙකු යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සහ කැෆේ සංවිධානය චෝදනා කරයි. 09 July 2017
දළදා තේවාව අස්ගිරියෙන් මල්වත්තට සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වය මගින් පසුගිය වසරේ ශ්‍රී දළදා දළදා වහන්සේ උදෙසා දෛනිකව සිදු කළ තේවා කටයුතු ඉදිරි වර්ෂය සඳහා සියම් නිකායේ මල්වතු පාර්ශ්වය වෙත පැවරීම පෞරාණික චාරිත්‍රානුකූලව අද (09) ශ්‍රී දළදා මාලිගාවේදී සිදුකෙරණි. 09 July 2017
ජනතාවගේ කැමැත්ත සහිත ව්‍යවස්ථාවක් ගෙනෙනවා ආණ්ඩුව ගෙනෙන්නට සැරසෙන්නේ 1972 හා 1978 ව්‍යවස්ථාවන්ට එහා ගිය පාර්ලිමේන්තුවේ හා ජනතාවගේ කැමැත්ත ලබාගත් පරිපූර්ණ ව්‍යවස්ථාවක් යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසයි. 09 July 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026