(ඉන්දිකා රාමනායක)
හම්බන්තොට විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගත් තරුණයකුට හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතා ප්‍රසිද්ධියේ පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇත.
හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ දීර්ග කාලීන බදු පදනම යටතේ ඉන්දියාවට පැවරීමට එරෙහිව හම්බන්තොට දී ඉකුත් 6 වැනි දා එම විරෝධතාව පැවැත්විණි.
එහිදි අත්අඩංගුවට ගනු ලැබූ තරුණයකුට අදාළ සහකාර පොලිස් අධිකාරිවරයා පහර දී තිබිණි.මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ මෙම පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප‍්‍රචාරය වු වාර්තා කෙරෙහි අවධානය යොමුකර මෙම පියවර ගත් බවයි.
මෙම වාර්තාව ඉදිරි දිනවල දී තමන් වෙත ලැබෙනු ඇති බවත් එම වාර්තාවේ අඩංගු කරුණු අධ්‍යනය කර අවශ්‍ය කි‍්‍රයා මාර්ග ගන්නා බවද ලේකම්වරයා පැවසීය.
පොලිස් කොමිසමේ මෙම වාර්තාවට අමතරව ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියමයෙන් ද මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
මෙම විරෝධතාවේදී පුද්ගලයින් 28 දෙනකු අත්අඩංගුවට ගෙන තිබු අතර ඉහත තරුණයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටින අතරතුර මෙම සහකාර පොලිස් අධිකාරිවරයා එම ස්ථානයට පැමිණ තරුණයාට වැරෙන් පහරක් එල්ල කරන අයුරු විද්‍යුත් මාධ්‍ය රැසක ප‍්‍රචාරය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්ධිය ගැන ගුටි කාපු පුද්ගලයා පැමිණිල්ලක් කරලා නැද්ද?
ඔය දළුවත්ත කියන කෙනාට වහාම දඬුවම් කරන්න! එතකොට දළු නිකම්ම කොලවේවි.
මොන විකාරද...? මොන දඬුවම්ද....? වැඩිම වුනොත් වන්දියක් ගෙවයි. ඒ ගෙවන්නෙත් ජනතාවගේ සල්ලි. ඒත් මේ නින්දිත නිවට තුච්ච වැඩේ කරපු අය නම් සත්තුම තමයි. අර අත් දෙකෙන් අල්ලාගෙන හිටපු මිනිහගේ කනට ගහපු විලාසය දැක්කහම තේරෙනවා මේ අය කොයි තරම් මෝඩ අහංකාර නිවටද කියලා.
මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිගේ නියමයෙන් විමර්ෂණය කරන්නේ ඇයි? පොලිස්පතිට එහෙම නියමයක් කරන්න බැරි හේතුවක් තියෙනවාද?
මේ ගහපු පොලිස්කරුවා පෙනුමෙන් විශ්‍රාම යන්න කිට්ටු කෙනෙක් වගේ. විශ්‍රාම ගියාට පස්සේ ඔහොම ගහන්න ගියොත් කන් දෙකම පලාගන්න වෙනවා.
වාර්තාවක් මොනවටද? කවුරුත් දන්න සිද්ධියක් නේද? මේ වාර්තාවල් ඉල්ලන්නේ යට ගහන්න තමයි. හිටපු නාවික හමුදාපතිත් මාධ්‍ය වේදියෙකුට ගහපු වෙලාවේ මේ වගේ සුපුරුදු පරිදි වාර්තාවක් ඉල්ලුවා. නමුත් මොකක්ද වුණේ?
පොලිස් මහත්තයා වැඩ ඇරිලා ගෙදර යන වෙලාවක මග ඉඳන් කන් දෙකටම දුන්නා නම් මිස මේ රටේ නීතියෙන් නම් මේවා විසඳෙන්නේ නැහැ.
අන්තිමට මේ තරුණයා කියයි මම මටම කන පැලෙන්න ගහ ගත්ත කියලා.
ඒකාබද්දෙට හරි කණගාටු ඇති පොලිස් නිලධාරියා මොහුට වෙඩි නොතියපු එකට ...