ගයාන් සූරියආරච්චි
තෝරාගත් කුකුළු මස් වර්ග කීපයක් අලලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන් සිදුකළ පර්යේෂණයකදී බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ (පීකුදුවල) විස ආසනික් සංඝටක ඇති බව අනාවරණය වී තිබේ.
බ්‍රොයිලර් කුකුළන් වර්ධනය කිරීම සඳහා හෝර්මෝන, විටමින් සහ ඛනිජ ලවන සහිත ආහාර ලබාදන අතර කුකුළන්ගේ බඩවැල් ආශ්‍රිතව ජීවත්වන කුඩා ජීවීන් මරණයට පත්කිරීම සඳහා ආසනික් අඩංගු සංඝටක ලබාදෙයි. එම සංඝටක කාබනික වශයෙන් කුකුළන්ට ලබාදුන්නද උදරය තුළදී විස ආසනික් සංඝටක බවට පත්වේ.
රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය බී.ඒ. පෙරේරා මහත්මිය ‘ලංකාදීපය‘ ට අදහස් දැක්වූයේ මේ අයුරිනි.
‘දිවයින පුරා වෙසෙන ළමා, තරුණ, වැඩිහිටියන් ඇතුලූ බොහෝ පිරිස් ආහාර පි‚ස මස්වර්ග අනුභව කරනවා. සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අතරින් ප්‍රධාන වශයෙන් මස්වල ප්‍රෝටීන, මේදය, කොලෙස්ටරෝල්, සෝඩියම් සහ පොටෑසියම් වැනි සංඝටක අඩංගුවෙනවා. මස් පිළිබඳව කතා කරන විට වැඩි වශයෙන් ජනතාව ආහාරයට ගන්නා මස්වර්ගය ලෙස කුකුළු මස්වලට ප්‍රධාන තැනක් හිමිවෙනවා.‘
‘ආසන්න වශයෙන් සති 14 ක් පමණ වයසැති බ්‍රොයිලර් කුකුළන් මස් පි‚ස යොදාගන්නවා. කුකුළු මස් වර්ග කීපයක් උපයෝගී කරගෙන මෙම පර්යේෂණය සිදුකළා. සති 14 ක් වයසැති බ්‍රොයිලර් කුකුළන් වර්ධනය කිරීම සඳහා හෝර්මෝන, විටමින් සහ ඛනිජ ලවන සහිත ආහාර ලබාදන අතර කුකුළන්ගේ බඩවැල් ආශ්‍රිතව ජීවත්වන කුඩා ජීවීන් මරණයට පත්කිරීම සඳහා ආසනික අඩංගු සංඝටක ලබාදෙනවා. කුකුළන්ගේ බඩවැල් ආශ්‍රිතව සිටින කුඩා ජීවීන් මරණයට පත්වූ විට ආහාර වැඩිපුර ගැනීමේ හැකියාව ඔවුන්ට ඇතිවෙනවා. ඒ අනුව කුකුළන් හොඳින් වර්ධනය කරගැනීමට හැකියාව ලැඛෙනවා. මෙසේ බ්‍රොයිලර් කුකුළන් කෙටිකාලීනව වර්ධනය කරගැනීමට කාබනික වශයෙන් ආසනික අඩංගු සංඝටකය ලබාදුන්නද ඔවුන්ගේ උදරය තුළදී එය විස ආසනික සංඝටකයක් බවට පත්වෙනවා.‘
‘සාමාන්‍යයෙන් ආසනික් බැර ලෝහ ගණයට අයත්වන අතර මිනිස් සිරුරට ඇතුළුවූ විට ශරීරයෙන් බැහැර වෙන්නේ නෑ. මෙම පර්යේෂණයේදී බ්‍රොයිලර් කුකුළු මස් අපි විවිධ ආකාරයෙන් පිසීමට ලක්කළා. සුදුළුණූ, සියඹලා සහ දෙහි සමඟ තනි තනිව උයා බැලූවා. කුළු බඩු යොදාගෙන විවිධාකාරයෙන් පිසීමට ලක්කළා. එහෙත් එහි ඇති ආසනික් අඩු නොවන බව සනාථ වුණා. දිගු කාලීනව ආසනික අඩංගු කුකුළු මස් ආහාරයට ගැනීම නිසා එම බැර ලෝහ මිනිස් සිරුරේ තැන්පත්වෙනවා. පර්යේෂකයන් සිදුකළ පර්යේෂණවලට අනුව කුකුළු මස්වල පීකුදුවල වැඩිවශයෙන් විස සහිත ආසනික් තැන්පත් වන බව සොයාගැනීමට හැකිවුණා.‘
‘මෙම පර්යේෂණයෙන් තහවුරු වන පරිදි වඩා සැලකිල්ලට ලක්විය යුත්තේ කුකුළු මස් අනුභව කිරීමේදී පීකුදු ආහාරයට ගැනීම අවම කිරීමයි. මෙවැනි විස ආසනික දිගු කාලීනව ශරීර ගතවීමෙන් පිළිකා තත්ත්ව ඇතිවීම, ශරීරයේ අභ්‍යන්තර පද්ධතිවලට විසවීම ඇතුලූ නොයෙකුත් අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකියි.‘
පර්යේෂකයන් පවසන පරිදි සෑම කුකුළු මස් වර්ගයකම මෙම ආසනික් ඇතිබව තහවුරු වී නොමැති අතර මෙම පර්යේෂණය තෝරාගත් කුකුළු මස්වර්ග කීපයක් පමණක් යොදාගෙන සිදුකෙරි‚. ඉදිරියේදී මෙය තවත් පුළුල් මට්ටමින් සිදුකිරීමටත් මිනිස් සිරුරට ඇතිවන බලපෑම පිළිබඳව පුළුල්ව පර්යේෂණ සිදුකිරීමටත් විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කරන්නද අනේ, පෙරේතකම නිසා අහක බලාගෙනම කනවා. මම නම් ආසම කරන කෑල්ල ගැන තමයි මෙයත් මේ කියන්නේ.
විශ්වවිද්‍යාලය කරල තියන වැඩෙ නං ඉතා හොඳයි . නමුත් ආසනික් අඩංගු වර්ග අපිට කියන්න පුළුවන්ද ?
මිනිසා දියුණු වෙලානම් ගොස් තිබිය යුත්තේ වස විස නොමැති ලොවකටයි . නමුත් දැන් පිවිසී ඇත්තේ වස විස ලොවකටයි ... කුමක්ද මේ ලබලා කියන දියුණුව ? අති සුඛෝපභෝගීව ජීවත් මිනිසා මේ ගෙවන ජීවිතය සාර්ථකයි කියා හිතනවානම් එය ලොකු මායාවකි ...
මම අහල තියන්නේ මස් වලට ඇතිකරන කුකුල්ලු දවස් 45 විතර ජෙවත් කරවන්නේ කියල. ඒ කියන්නේ සති 6 හෝ 7 ක් සති 14 කන්න දීල මැරුවොත් ලාබයක් ගන්න පුලුවන්ද පරීක්ෂණය හොදයි ජනතාව දැනුවත් කරන්න
ඊටම හොඳ පර්යේසනයක්
පීකුදු කුඩා ළමුන්ටත් දෙන්න කියලා වෛද්‍යවරු පවසනවා. ජනතාව දැනුවත් කරන්න.
අපේ මුදලින් පරීක්ෂණ කරලා අපිට කියන්නේ නැහැ මොන මස්වලද ආසනික් තියන්නේ කියල. මොකටද ඔහොම පරීක්ෂණ. වෙන රටවලනම් නමත් සමග ප්‍රසිද්ද කරන්නේ.
අපි පොඩ්ඩක් ඊළඟ පරික්ෂණේ එනකල් ඉමු.
ශ්‍රී ජයවර්දනපුර විශ්ව විද්‍යාලය කියන්නේ ඉතාම හොද පුරාන පිරිවෙනක්. ධර්ම ධර බික්ෂුන් වහසේලා බිහි වුනේ ඔතනින්.අද විශාල සේවයක් සේවයක් කරන්න පුළුවන් විද්වතුන් බිහිවෙනවනම් කොපමණ හොඳද ළමයිනේ සන්ඩු සරුවල් කරන්නේ නැතිව ශ්‍රී සුමංගල හිමිගේ ප්රතිමවටත් ශ්‍රී සොරර්හ හිමියන්ගේ ප්රතිමවටත් උදේ හවස දන ගහල වන්නද පල්ලා
මස් ආහාරයට ගැනීම අපි විසින්ම අපේ ශරීරයට ලෙඩ ඇතූල් කර ගන්න වැඩක්. ඒ වෙනුවට ඇට වර්ග කොල ආහාරයට ගන්නවනං මිනිසා මෙන්ම අහින්සක සතෙකූගේ ජීවිතයද සුරක්ෂිත යි නේද?
මේ හා සමානම ලිපියක් ඊයේ අන්තර් ජාලයේ තිබී මා කියවා මාගේ මිතුරන්ටද කියවීම සඳහා එකතු කලා. මේ ලිපියට අදාළ ව ඇතමුන්ගේ ප්‍රතිචාර කියවීමෙදී පත්තරයක් කියවීමට තරම් බුද්ධියක් පිහිටීම පුදුමයක්.
කවුරුහරි බලන්නකෝ පිළිකා රෝගයටත් කුකුල් මස් අනුභව කිරීම සම්බන්ධ වෙනවද කියලා....
ජනතාව අනුන්ගේ මළමිනී කනවාට වඩා හැකි පමණින් හා හැකි ඉක්මණින් නිර්මාංශ ආහාරයට ගැනීමට හුරුවීම තමන්ගේ ජීවිත පැවැත්මට උපකාරී වේ.
විකල්ප තියෙනවා. ඕගනික් චිකන් කන්න. වස විස නැත. කිසිදු රසායනිකයක් එහි අඩංගු නැත.. බ්‍රොයිලර් චිකන් වලට ගහන කිසිදු බෙහෙතක් මෙ කුකුළන්ට ලබාදෙන්නෙ නෑ. මිල ටිකක් වැඩියි.. 1kg=1150/=ක් විතර වෙනව.. අන්තර්ජාලයේ සොයලා බලන්න..
දක්වලා තියන ප්‍රතිචාර වලින් පේනවා අපේ අයගේ තියන ආකල්ප. අනිත් සතුන් ගැන අපිට වැඩක් නෑ, අපේ බඩ පිරෙනවානම් වගේ අදහසක් තමයි ගොඩක් අයට තියෙන්නේ.
මස් නොකෑවට රසැති, ගුණැති ආහාර ඕනෑ තරම් ඇත. සතෙකු මරා මස් අනුභව කිරීමට අපට අයිතියක් නැත.