
(අංජුල මහික වීරරත්න)
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79වන ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගි වී සිටින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා බංගලිදේශයේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන රාජ්‍ය අමාත්‍ය M.A. Muhit සහ භූතානයේ සෞඛ්‍ය අමාත්‍ය Tandin Wangchuk යන මහත්වරුන් හමුවී විශේෂ ද්වි පාර්ශවීය සාකච්ඡා පැවැත්වීය.
ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ දී මෙම සාකච්ජා පැවැත්විණි.
මෙරට සෞඛ්‍ය සේවාවේ අනාගත ප්රගමනය වෙනුවෙන් නව තාක්ෂණය, දැනුම මෙන්ම වර්තමානය වන විට බලපා ඇති සෞඛ්‍ය අභියෝගයන් සහ ඒවාට ලබාගත හැකි කෙටි,මධ්‍ය හා දීර්ඝකාලීන විසදුම් හා ඉදිරි සැලසුම් පිළිබදව අවධානයක් යොමු කරමින් එම සාකච්ජා සිදුවිය.
මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ මෙන්ම තාක්ෂණික සහාය ඇතුළු විවිධ සහයෝගයන් ලබා ගැනීමේ දී බංගලිදේශය නිරන්තරයෙන් ලබාදෙන සහයෝගය අමාත්‍යවරයා මෙහි දී විශේෂ ඇගයීමට ලක්කර සිටියේ ය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නි දිග ආසියානු කලාපීය සෞඛ්‍ය සමුළුවේ සභාපතිවරයා ලෙසින්ද, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කලාපයේ ප්රමුඛ රටවල්වන මෙම රටවල ක්‍රියාත්මක ප්‍රාථමික,ද්විතීයික හා තෘතීයික සෞඛ්‍ය සේවාවන් සහ ක්‍රමවේදයන් පිළිබදව අවධානයක් යොමුකරමින් ඊට අදාළව දීර්ඝව කරුණු විමසීමක් සිදුකරමින් මෙම සාකච්ඡා පැවැත්වීම විශේෂත්වයකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd