(රංජන් කස්තුරි)
පශ්චාත් සීමාවාසික පත්වීම් ලැයිස්තුව සම්බන්ධ ගැටළුවලට සඳුදා වන විට විසඳුමක් නොලැබුණහොත් අඟහරුවාදා(10) වැඩ වර්නජයක් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියයි.
වෛද්‍ය පත්වීම් ලැයිස්තුවේ ගැටළුව විසඳාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් නියෝජිතයින් රාජ්‍ය සේවා කොමිසම සමග හෙට (09) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ අලුතින් පිහිටුවන ලද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තමයි "ජී එම් ඕ" කියන්නේ... රටේ ජනතාවගේ කරුමේ කියන්නේ පරණ තිබුණු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ මිනිස් ජීවිත රැකගන්න මරණ අඩු කරගන්න විනාස වලකන්න. මේ අවලම් "ජී එම් ඕ" කියන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ ජනතාවනි, මැරෙන්න සුදානම් වෙන්න, බොටුව මිරිකලා, ලේ උරාබීලා අපි අපේ සටන ජය ගන්න දැන් සුදානම් වෙන්නයි කියලා...
වර්ජනයෙන් තොර ලෝකයක් මේ සංගමයට ඇත්තේම නැද්ද? උගත් වෘත්තිකයන් යනු ප්‍රශ්න වලට විසඳුම් උගතුන් ලෙස විසඳීම මිස නූගත් ශිෂ්ට සමාජ විරෝධීන් ලෙස හැසිරීම නොවේ.
මේ අයට වැඩකරන්න දවසක් ඉතිරි වෙන්නෙ නෑ. මහජන මුදලින් පඩිගත්තම ඔයාලට සාප වෙනවනේ....
රාජිත ඇමැතිතුමා පැමිණි දවසේ ඉඳලා වර්ජන විතරයි. හැමදේම අවුල් කරනවා.
අනේ හැබෑට මේ පැරදිච්ච මහ රජෙකුට කඩේ යන පිස්සෝ රැලක්. මේගොල්ලන්ට විතර විසඳාගන්න බැරි ප්‍රශ්න කැටියක් තිබෙන අය මේ ලෝකේ තවත් නැතිව ඇති. මෙයාලාගේ මේ මෑතකදී හඳුනාගත් එක එක හැඩයේ දිරවන්නේ නැති ප්‍රශ්න විසඳන්නට මහජනතාවම පෙළගැසුනොත් නම් සොරිම තමයි.
GMOA එක මෙච්චර ඉක්මනට වර්ජන වලට එළඹෙන්න එපා.අනික සෞඛ්‍ය ඇමතිතුමා කරුණාකරල ගැටළු විසදගන්න පුළුවන් විදියට ක්‍රියාකරන්න,තමාගෙ හයිහත්තිය,ගණන්කාරකම පෙන්නන්නෙ නැතුව.ඔබතුමා නිසාම මේ ආණ්ඩුවටත් වැඩි ආයුෂ නෑ වගේ දිගටම කැත්තට,පොල්ල වගේ ඉදලා.
සාමාන්‍යයෙන් වෘත්තීය සමිති සාමාජිකයෝ කරන්නේ හැමදාම රාජකාරිය කරන අතරේ ඉඳ හිට වැඩ නොකර ඉන්න දවසක් හොයා ගැනීමයි. මේ ගොල්ල කරන්නේ හැමදාම වර්ජනය කරන අතරේ ඉඳ හිට වැඩකරන දවසක් හොයා ගැනීමයි.
ඔබගේ තීරනය 100% නිවැරදියි.
අපි අහල තියෙන හැටියට නම් රටක බලය තියෙන්නේ, රට පාලනය කරන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කියන ආයතන තුන විසින්. අපේ රට පාලනය කරන්නේ තනිකරම දොස්තර මාෆියාව විසින්. මාරුවීම් ලැයිස්තු, වෛද්‍ය සභාව වැඩකළ යුතු නීති රීති ආදිය පැනවීම දොස්තර ව්‍යවස්ථාදායකය විසින්ද, ඒවා ක්‍රියාත්මක කරවීම සහ නොකලොත් ජනතාවට රිදවීම වන දේ දොස්තර විධායකය විසින්ද, තමන්ට අවශ්‍ය දේ විනා වෙනත් දෙයක් කිරීම නීති විරෝධී බවට තීරණය කර ජනතාවට දඬුවම් කිරීම වැනි දේ දොස්තර අධිකරණය විසින්ද කරනු ලැබේ. එතකොට ආණ්ඩුව? 14 වැනි ලුවී රජ්ජුරුවෝ 'රට නම් මමය' කිව්වා වගේ 'ආණ්ඩුව නම් දොස්තර මාෆියාවය'.
කරුණාකර මෙම වැඩ වර්ජන කාලය පඩි සහිතද නැත්නම් පඩි රහිතද යන්න සැලකිලිමත් වන්න. අපේ මුදල් කාබාසිනියා කරන්න ඉඩ දෙන්න එපා.
රාජිත ඇමතිතුමනි, මහජනතාව පීඩාවට පත්කරන මෙම හිතුවක්කාරී ආයතනය මර්දනය කරන්න බැරිනම් ඉල්ලා අස්වී ගෝඨාභය රාජපක්ෂ මහතාට බාර දෙන්න. තව කොච්චර කලක් ඉවසන්නද. සෑම වර්ජනයකදිම රෝගීන් මරණයට පත්විය.
ගහන ගහන පාරට වඳින එකත් මෝඩයා...වඳින වඳින පාරට ගහන එකත් මෝඩයා.......කවදාවත් නොදැන බව දැන දැනත් ස්ට්‍රයික් කරනවා.....GMOA එක හරියට සිංහයා පස්සේ ගිය නරියා වගේ....
අමාත්‍යංශ මඟින් දුන් පත්වීම් වලට ඇමතිගේ පෞද්ගලික ලේකම්ලා පත් කරනකොට වර්ජනය නොකර කොහොමද?
මිට වඩා හොඳ විදිහට හිතන්න බැරිද?
සයිටම් ප්‍රශ්නයටත් විසදුම වර්ජන තර්ජනයි, මේකටත් ඒකයි මේකද ඔබතුමාලගේ දැඩි ක්‍රියාමාර්ගය, අපිට තේරුම් නැත්තේ ඔබළා ඉල්ලා සිටින්නේ සයිටම් වහන්නද නැත්නම් සියලු පෞද්ගලික අධ්‍යාපන ආයතන වහන්නද? මහාචාර්ය කාලෝ වරක් කීවේ අවශ්‍යතා සපුරන්නේ නම් ඔහු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ නැති බවයි නමුත් දැන් GMOA... උත්සාහ ගන්නේ SAITM වසාදැමීමටයි, ඒ සදහා සිසුන් ගේ බලය මදි, මෙහි ප්රබළම කන්ඩායම වන වෛද්‍යවරු වර්ජන කළ යුතුය.