(චන්ද්‍රසේන ගමගේ,ඉන්දිකා රාමනායක)
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට මහතාට හෙට (10) දිනයේ දී හම්බන්තොට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද හෙට (10) අළුත්කඩේ උසාවියේ නඩුවක් ඇති බව පවසා ඔහු අද (9) හම්බන්තොට පොලිසියට පැමිණියේය.
අධිකරණය විසින් තහනම් නියෝග නිකුත් කර තිබියදී එම නියෝග උල්ලංඝණය කර හම්බන්තොට දී විරෝධතාවයේ නිරතවීම ඔහුට ඇති චෝදනාව වේ.
අද (9) දින ප්‍රකාශයක් ගැනීමට කාලය ප්‍රමාණවත් නැති බව පැවසූ පොලිසිය ඉදිරියේදී තමන්ට පොලීසියෙන් නැවත පැමිණිට දැනුම් දෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මල්ලි පොල්මලේ කෙස් එකක් වත්ද ? කියන්න බය නැතුව පොල් මලේ කෙස් එක "හනස්ස " කියලා.
අළුත්කඩේ උසාවියේ නඩුවක් කතාකරන්න කලින් අධිකරණය විසින් නිකුකරන තහනම් නියෝග මොනවාදැයි ඔහු දැනගත යුතයි . ඒකවත් නොදැන නඩු කතා කරන්නේ කොහොමද ?
කෙබර ඇද බාන්නේ නැතිව පොලිසියට ගිහින් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. කරපු වැරදි පිළිඅරගෙන උසාවි යන්න සූදානම් වෙන්න !
නඩුත් තියෙනවා එහෙනම්, ඇ? සන්තෝසයි එහෙම දුක් මහන්සියෙනුත් කීයක් හරි හොයාගන්න උත්සාහ කරන එකට. ඒත් මං මේ කල්පනා කරන්නේ කතාකරන නඩු ගානද, වැටෙන්න යන නඩු ගානද වැඩි කියල.
බලයක් නොමැතිව මෙහෙම අධිකරණ නියෝග කඩකරනවානම්, බලයක් ලැබුණානම් කොහොමද කියලා අපිට හිතාගන්න පුළුවන්.
තව ටික දවසක් යනකොට ලංකාවේ මිනිස්සුන්ට නිදහසේ ඉන්නවත් බැරිවෙයි. ඒකටත් පොලීසිය තහනම් නියෝග ගනියි. එතකොට කෝ දැන් කනපලපු පොලිස් ලොක්කා. එයා ගැන පරීක්ෂණ නැද්ද? නැත්තම් උසාවි නියෝග තිබ්බද කන් පලන්න පුළුවන් කියලා.
හොඳ පවුල් පසුබිමක් ඇති අය රටවල නායකයින් නොවීමේ පළ විපාක තමයි මේවා.