(ඉන්දිකා රාමනායක)
අධිකරණයේ තහනම් නියෝග උල්ලංඝනය කරමින් හම්බන්තොට දී විරෝධතාවයේ නිරත වු පුද්ගලයින් සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
මාතර හා තංගල්ල බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ මෙම පරීක්ෂණ සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
අධිකරණ නීති උල්ලංඝනය කිරීම, පොදු දේපළවලට හානි කිරීම,පොලිස් නිලධාරීන් සිව්දෙනකුට තුවාල සිදුකිරීම, පොලිසියේ රාජකාරියට බාධා කිරීම යන කරුණු යටතේ මෙම පරීක්ෂණය සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වල පළවු වාර්තා සහ පොලිස් නිලධාරීන් ඇසින් දුටු සාක්කි පදනම් කරගෙන මෙම පරීක්ෂණය සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාතර හා තංගල්ල බාර නියෝජ්‍ය පොලිස්පතිතුමන්ලාගෙන් අසන්න ඇත්තේ මොන කෙහෙල් මලක්ද හොයන්නේ කියලයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලකයෝ තමා මේක සංවිධානය කරලා මේ විනාසේ කලේ... පත්තර වල ටීවී එකේ මේ අය උන්නේ... හොඳින් පැහැදිලිව ගිහින් දැන් අත්අඩංගුවට අරන් දඬුවම් කරන්න. ලෝකෙට පේන්න බොරුවට පත් කරන කමිටු මාස ගනන්, අවුරුදු ගනන් කලේ... කාලා අන්තිමට මහජන මුදල් විනාශ කරලා ජනතාව ගොනාට අන්දලා වැරදි කරපු ... ආයේ අයෙත් පාර්ලිමේන්තුවට පත්කරගන ගේම ගහගන යනවා. දැන්වත් පිස්සු කෙලින්නේ නැතිව ඇහැට පේන වරදට ඇස් ඉදිරිපිට ඉන්න වරදකරු දැන දැනම මග නොහැර දඬුවම් කරන්න.
නීතිය පිළිබඳ අවබෝධයක් ඇතැයි කියන උදවියත් ඒ අතර සිටියා නේද? ඉස්සෙල්ලාම ඒ උදවිය උසාවියට ඉදිරිපත් කරන්න තරාතිරම නොබලා. එහෙම වුණොත් පොදු ජනයාට හරි දේ වැරදි ඒ ගොල්ලෝ කියලා දෙයි.
විරුද්ධතාවයන් වලට එකතු වූ අය හොයනවාට වඩා නරකද ඒවා සංවිධාන කරලා, බඩ ගෝස්තරේ පුරවාගන්න අසරණ කම්කරුවන්, සේවකයන් ඉදිරියට දමා, ඇටි කෙහෙල් ගිලපු උගුඩුවන් වගේ පස්සට වෙලා ඉන්න නායකයන් හොයා දඬුවම් දීම... වැඩිය පරීක්ෂණ කරන්න ඕනෑ මේ නඩය හොයා ගන්න. පුවත්පත්වල, රුපවාහිනී නාලිකාවල එහෙම මේ රංචුවල පින්තූර ඇති වෙන්න තිබුණා නේද? නාමල් බේබිගේ "ටූත් පේස්ට්" දැන්වීම් වල තිබෙන පරිදි විරිත්තන් මූණත්තහඩුව සමග "රාජපක්ෂ පවුල් සංස්ථාවේ" අය, ගෝලබාලයන් එහෙම හොඳට තියෙන නිසා පොලිසියට මේ පරීක්ෂණ සතියකින් පමණ අවසන් කර කඩාකප්පල්කාරීන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පුළුවන් වේ යයි හිතන්න පුළුවන්.