(ඩබ්. ඒ. පියතිලක)
ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අද(9) පමණ පොළොන්නරුව ඇතුමල්පිටියේ ලක්ෂ උයන කණිෂ්ඨ විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරිමට පැමිණ එහි රැඳී සිටියදි පාසල ඉදිරිපිට නිවසක වෙඩි බෙහෙත් පුරවන ලද මෙරට ගිනි අවියක් ඇති බවට ලද තොරතුරක් මත ආරක්ෂක අංශ විසින් එය සොයා ගත් බව පොලිසිය පවසයි.
මෙම වෙඩි බෙහෙත් කොටන ලද තුවක්කුව නිවස පිටුපස තබා තිබියදි එය දුටු අයකු පොලිසියට දැනුම් දී ඇති අතර පසු එම අවිය පොලිස් භාරයට ගෙන ඇත. අවිය පිළිබද නිවෙස් හිමියාගෙන් පොලිසිය ප්‍රශ්න කිරිමේදි පවසා ඇත්තේ මිනිස් ජිවිත හානි කිරිමට නොව රතිඤ්ඤා දමා වඳුරන් පළවා හැරිම සදහා එය පාචිචි කරන බවයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වන බව පොලිසියේ උසස් නිලධාරියකු පැවසිය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ලී තුවක්කුවක්නේ. ඕන මෝඩයෙකුට තේරෙනවා ජීවිත හානි කරන්න මේකෙන් බැරිබව.
දැන් ඉතින් තිරනාටක, නාට්‍ය පිටපත් ගමකට අපිට කියවීමට හැකිවෙනු නියතය.
මේ වගා පාලුකරන වඳුරෝ එලවන්න හදාගත්ත රතිඤ්ඤා තුවක්කුවක්නේ... අපේ සීයාටත් තිබුණා ඕකක්.... මේවට තදින් හිනා යනවා. මේවා ඔය පැත්තේ ගෙවල් වල තියනවා.
ජනාධිපතිතුමා සාමාන්‍ය ජන ජීවිතයට බදා වනවානම් ඔය වගේ ගමන් නොගිහින් ගෙදරට වෙලා ඉන්න. දැන් ඔයා ආපු නිසා ගම් වැසියන්ට නිකරුනේ පොලිසි යන්නත් වෙලා.
මේක අත්අඩංගුවට ගැනීම ඉතා නිවැරදි ක්‍රියාවක් ලෙසටයි මම දකින්නේ.අයිතිකරු කියන විදිය හරිනම් .. ජනපතිතුමගේ ජීවිතයට ඍජු තර්ජනයක් ඔය තුවක්කුව.
මේක තුවක්කුවක් කිව්වේ මොන මෝඩයෙක්ද
හසිතට තේරුනා වගේ අනෙක් අයටත් මෙය තේරුනා නම් ජනාධිපතිතුමාගේ ආරක්ෂාවට කෙතරම් හොඳද.
ජනපති ගිය උත්සවය ආසන්නයෙන් "වඳුරන් පළවාහරින" තුවක්කුවක් ගෙන පැමිණි ගොවියෙකු අත්අඩංගුවට. වදුරන් පලවාහැරියද නැවත එන බැවින් වේදිකාවට ගිහින් දැලිපිහියක් දුන්නනම් එය රටට යහපතක් බව විශ්වාස කරමි. දැලිපිහිය ලැබුන වදුරා තමන් ලගම සිටින අය සහ තමාවම විනාශ කරගනී..
ආ ඔන්න උතුරු කොරියාවට සම්බාධක දැම්මා විතරයි ඕක ඔය එවල තියෙන න්‍යෂ්ටික අවියක්.හැක් පුක් අධෝමොඛයෙනුත් හිනා යනවා මේවට