2018 මුදල් වර්ෂය සඳහා අයවැය ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත හෙට (09දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා විසිනි.
2018 මුදල් වර්ෂය සඳහා රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 3,982ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, ඒ අනුව මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සකස්කර තිබේ.
රජයේ සමස්ත වියදමින් රාජ්‍ය ණය ආපසු ගෙවීම, වැන්දඹු හා අනත්දරු අරමුදල සඳහා වූ දායක මුදල් වැනි දැනටමත් පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනත් යටතේ දැරීමට නියමිත වියදම රුපියල් බිලියන 2,005.1කි.
2018 වර්ෂයේ රජයේ පුනරාවර්තන වියදම රුපියල් බිලියන 1,308.9ක් ලෙසත්, ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 668ක් ලෙසත් ඇස්තමේන්තුගත කර තිබේ. එමෙන්ම 2018 වර්ෂයේ අපේක්ෂිත රාජ්‍ය ආදායම හා විදේශීය ප්‍රදානයන්හි එකතුව රුපියල් බිලියන 2,175ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, ඒ අනුව, රජයේ අත්තිකාරම් වියදම් කටයුතු සඳහා වූ රුපියල් බිලියන 06ක මුදලද සැලකිල්ලට ගත් කල්හි රුපියල් බිලියන 1,813ක් දේශීය හා විදේශීය මූලාශ්‍ර මගින් ණය වශයෙන් ලබාගත යුතුව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන් කට්ටියගේ ටෙන්ඩර් සාක්කුවලටයි, ඇමති තුමන්ලාගේ කාර් බාර් ආදියටයි වෙන් කලාට පස්සේ මොනවා හරි ඉතුරු වෙනවා නම් ඔන්න ඔහේ ඉස්පිරිතාලවලට බෙහෙත් ගන්නත් කීයක් හරි දීල දාන්න.
මෙම මුළු මුදලින් කොපමණ ප්‍රමාණයක් දියවන්නඔය මඩවගුරේ ලගින අදිකසුඛෝපබෝගී ජිවිත ගත කරන "කුම්බාණ්ඩයන්ට" වෙන්කරතිබේද ?
දැන් ගසාකන එක ටිකක් අඩුයි .ඉස්සර මහරජාගේ කාලේ වගේ දන්සල් නෑ. සාකුවලට දාගන්න ගාණත් සැලකිය යුතු ලෙස අඩු වෙලා.
මේ වියදම් වලින් 95% ක් ම අවශ්‍ය කරන්නේ රාජ්‍ය සේවය නඩත්තු කරන්නයි. රටේ සියලු දේශපාලකයන් සහ ලක්ෂ 13 කට අධික රජයේ සේවකයන් සහ රජයේ ආයතන නඩත්තුවට තමයි මේ මුදල් ඕන කරන්නේ. එහිදී මේ මුදල් හොයාගන්නේ පුද්ගලික අංශයේ ආයතන, සේවකයන් , එදිනෙදා කියක් හරි හොයාගන්නා මිනිහට අධික බදු ගසා...රජයේ ආයතන සහ සේවකයින් ට ගෙවන පඩියට සරිලන සේවයක් මේ රටේ ජනතාවට ඔවුන්ගෙන් ලැබෙනවද ? නැත ... සුදු අලියෙක් වන රාජ්‍ය සේවය අපේ රටට වහක්. කරන්න තියෙන හොඳම දේ තමයි වරාය සහ ගුවන්තොටුපොළ බදු නැතිකර , ආනයන අපනයන බදු ඉතාමත්ම අඩුකර , විදේශ ආයෝජන වලට ලංකාවට පැමිණෙන්නැයි ආරාධනා කිරීමයි .. ඒ වගේම සියලුම රජයේ ආයතන සඳහා පැහැදිලිව විනිවිද පෙනෙන නිති රාමුවක් සකස් කිරීමයි ... දැනට තිබෙන නිති රාමුව තුල සියලුම රජයේ සේවකයන්ට වැඩ නොකර පඩි ලබාගැනීමටත් , අල්ලසට වැඩකිරීමේ හැකියාවත් ඉතාම ලේසියෙන්ම ලබාදී තිබෙනවා .. මේ ක්‍රමය තිබෙන තාක් කල් අපේ රටේ වාර්ෂික රජයේ වියදම වැඩිවෙනවා මිස කිසිදිනක අඩු නොවේ ..
දොන් මහතා, ඔබ කියන නීති රාමුව අපට තියෙනවා. රජයේ මුදල් රෙගුලාසි ඉතාම පැහැදිලියි. ආදායම් ලබාදෙන රේගු අඥා පනත, දේශීය ආදායම් පනත ආදිය අවශ්‍ය නීතිමය රාමුව සකස්කර දී තිබෙනවා. වරද ඇත්තේ ක්‍රියාත්මක වීමේදීයි. ඉහලම තැන සිට පහලටම හොරකම්! හොරකම් වංචා දුෂණ වැළක්වීමේ යාන්ත්‍රණය ඉහල පුද්ගලයන් විසින් ඕනෑකමින්ම අක්‍රිය කරලා. වගකීම පිලිබඳ සිද්ධාන්තය අහලවත් නෑ වගේ. ඕන වංචාවක් කරලා ඒක වීරත්වයක් හැටියට හුවා දක්වමින් ප්‍රකාශ නිකුත් කරන දේශපාලුවනුත්, ඒ අයව හරියි කියල වන්දනාමාන කරන වහල්ලුත් ඉන්න තාක් කල් "අපේ රටේ වාර්ෂික රජයේ වියදම වැඩිවෙනවා මිස කිසිදිනක අඩු නොවේ".
පුරවැසියා, ඔයාගෙ ගම තුම්පනේද. මෝඩ කතා ලියල තියෙන නිසයි මම එහෙම ඇහුවේ. ඔයා දන්නවනම් අපිටත් කියන්නකො ගිය ආණ්ඩුව හොරකම් කරපු ගානයි දැන් ඉන්න අය ගසා කන ගානයි.