(නිමන්ති රණසිංහ)
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ති‍්‍රක ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කළැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ මහත්මියට අදාළ නඩු දෙකෙහි වැඩිදුර විභාගය නොවැම්බර් 20 වැනිදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (9) තීරණය කළේය.
මෙම නඩුවේ විත්තිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා වෙනත් නඩුවක් සදහා කොළඹින් බැහැරව අධිකරණය හමුවේ පෙනී නොසීටීම හේතුවෙන් සාක්ෂි විභාගය වෙනත් දිනයකට කල් තබන ලෙසට විත්තියෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙලෙස තීරණය කළේය.
එසේම, අවස්ථා තුනකදී විත්තිය විසින් මේ අයුරින් සාක්ෂි විභාගය සදහා සූදානම් නොවීමේ හේතුවෙන් සාක්ෂි ලබාදීමට පැමිණී සාක්ෂිකරුවන් මෙන්ම අධිකරණයද අපහසුතාවයට පත්වූ බවත්, ඒ හේතුවෙන් මින් ඉදිරියට මෙවන් ඉල්ලීමක් සැලකිල්ලට ගෙන සාක්ෂි විභාගය කල් තැබීමට කිසිදු දිනයක් ලබා නොදෙන බවත් මහේස්ත්‍රාත්වරයා විත්ති පාර්ශ්වයට අවවාද කරමින් එලෙස දින ලබා දෙනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නඩුව විභාග කොට තීන්දුවක් ලැබුනොත් කවුරුත් සන්තෝෂ වේවි.
කොහොම උනත් නඩුකාර උන්නාන්සේගේ අවවාදය නම් මසුරන් වටිනවා. විභාගය නොවැම්බර් 20 වැනිදා පටන් ගන්නා විට, මැඩම් අසනීපවී රෝහල් ගතවීම නම් පැහැදිලියි.
මේ වගේ සුළු නඩු නිමිත්තක් ගැන තීරණයක් ගන්න වසර 3 කට අසන්න කාලයක් ගත උනානම් මේ වගේ අදිකරණ කුමකටද? ඊලග නඩු දිනය 2020.
කිසි උගත්කමක් නැති දේශපාලන වන්දිබට්ටයන්ගේ බිරින්දෑවරුන්ට “මැඩම්“ කියන්න ලැජ්ජා නැදද?
මෙහෙම විනිසුරුවරුන් ඉන්නවනම් නඩු වසර ගණන් ඇදෙන්නේ නැහැ. මෙය නොකරන එකයි වැරැද්ද අනෙක් නඩු වලටත්
“අවස්ථා තුනකදී විත්තිය විසින් මේ අයුරින් සාක්ෂි විභාගය සදහා සූදානම් නොවීමේ හේතුවෙන් සාක්ෂි ලබාදීමට පැමිණී සාක්ෂිකරුවන් මෙන්ම අධිකරණයද අපහසුතාවයට පත්වූ බවත්..“ ඕන්න මහා ලොකු දේශප්රෙමියාගේ බිරිඳ කරන වැඩ. රජයේ මහජන මුදල් නේද මේ නිකරුනේ කල් ඇදිම නිසාත් නාස්ති වෙන්නේ?
නිතියට හොද පොෂ්‍යදායි අහාර වෙිලක් අවශ්‍ය වෙනවා. මන්ද පොෂණ තත්වය යටතේ වැරදි කරනඅය නිති මර්ගයෙන්ම නිතියට කොකා පෙන්නමින් යහතින් වැජබෙනවා. නිතිය නැවත නිතිය ගැන නිත්‍යානුකුලවම සිතාබලා නිතියේ ගෞරවය ආරක්ෂාවන විදිහට ගොඩනගාගත යුතුයි. නඩුවක් මාස 3 ක් 6 වගේ උපරිමකාලයදි විසදිමට කටයුතු කල යුතුයි. නිතිය, නිතිය නිවැරදිව හා කාර්්යක්ෂම ක්‍රියාත්මක කර නිතියේ ගෞරවය රැකගත යුතුයි. නිතියට කොකා පෙන්නන අයට නිතිය, නිතියෙන් ක්ෂණික ක්‍රියාමර්ග ගත යුතුයි. නිතියේ ගෞරවය රැකගැනිම නිතිය සතු පරම වගකිමයි යුතුකමය.
නඩුව කල්යාමත් විදේශ කුමන්ත්‍රණයක් .
ගුවන් ගමන් බලපත්‍රයක් ද? නැතිනම් විදෙස් ගමන් බලපත්‍රයක් ද?
අන්තිමේ මේකත් කැකිල්ලේ නඩු තීන්දුවක් නොවේවා කියා අපි පතමු . පාස්පෝට් වල නිර්මාතෘ නිසා මෙතුමිය මේ අබග්ගයේ වැටුනා කියා අහන්න ලැබේවිද දන්නේ නැහැ .
වියග්රයා දැන් බයවෙලා වගෙයි...