(නිමල කොඩිතුවක්කු)
ලෝක ප‍්‍රමිති දිනය ලබන 14 වනදාට යෙදෙන බැවින් ඒ නිමිත්තෙන් 09 වනදා සිට ලබන 15 වනදා දක්වා ජාතික තත්ත්ව සතියක් ප‍්‍රකාශයට පත්කර ඇතැයි ශ්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ සභාපති ප‍්‍රදීප් ගුණවර්ධන මහතා අද(9) පැවසීය.
මෙයට සමගාමීව මාධ්‍ය හරහා දැනුවත් කිරීමේ වැඩසටහන්, ආයතන දැනුවත් කිරීමේ වැඩසටහන්, පාසල් සිසුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කරන බව ද ගුණවර්ධන මහතා කීවේය.
එට්කා ගිවිසුමට අදාළව භාණ්ඩ හා සේවාවන්හි ප‍්‍රමිතිය සම්බන්ධයෙන් ඉන්දියාව සමග සාකච්ජා ආරම්භ කර ඇති බවත් ඒ අනුව භාණ්ඩ හා සේවා ආනයනයේදී හා අපනයනයේදී ශ්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ ප‍්‍රමිතීන්ට අනුකූලනම් පමණක් ඒ සදහා අවස්ථාව ලබා දෙන බවත් සභාපතිවරයා කීවේය.
ශ්‍රී ලංකා ප‍්‍රමිති ආයතන ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ කී ඔහු මෙරට භාණ්ඩ හා සේවාවන්හි ප‍්‍රමිතිය සම්බන්ධයෙන් යම් ගැටලූ ඇති වුවහොත් ඒ පිළිබඳකරුණු විමසා බැලීමට ආයතනයක් ස්ථාපිත කිරීමට ඉන්දියාව සමග සාකච්ජා සිදුකළ බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තත්ත්ව සහතික ගත්ත සමහර කොම්පැනිවල නිෂ්පාදිත සමහර නිෂ්පාදන තත්වයෙන් ඉතාම බාල බව ඒවා ප්‍රයෝජනයට ගන්න අය කියනවා මමත් අත්දැකලා තිබෙනවා