(නිමල කොඩිතුවක්කු)
හම්බන්තොට විරෝධතාවට එල්ල වු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමට පැමිණිළි කිරීමට සහ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් නඩු පැවරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.
ප්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය තුළ පොලිස් කොමිසමට පැමිණිළි කරනු ඇති බවත් මූලික අයිතිවාසිකම් නඩුවක් පවරනු ඇති බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (08) පුංචි බොරැල්ල වජිරාශ්රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.
නිරායුධ උද්ඝෝෂකයින්ට සහ ජනමාධ්‍යවේදීන්ට පොලීසිය සිදුකළ මෙම පහර දීම බලය ඉක්මවා කළ ම්ලේච්ජ ප්‍රහාරයක් බවත් ඒකාබද්ධ විපක්ෂය එම ප්‍රහාරය පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත් ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගස්ගේම්බන්ගේ කියමන් අහල වැඩ කරපු ගොබිලයින්ට දෙයියන්ගේම පිහිටයි.
හම්බන්තොට විරෝධතාවය අධිකරණයෙන් තහනම් කරලා තිබුණා නේද? තහනම නොතකා කටයුතු කලාම එය අධිකරණයට කල අපහාසයක් නේද අධිකරණයට අපහාස කරලා මානව හිමිකම් උල්ලංඝනය වුණා කියලා නඩු දාන්නත් පුළුවන්ද?
අද යම්තාක් දුරට හෝ නීතිය ක්‍රියාත්මවීම සතුටක්..
මහජන උද්ඝෝෂණ මැඩලන විනිසුරුවන්ගෙන් සාධාරණයක් ඉටු වෙයි කියලා හිතෙනවද ?
තාත්තගෙන් අහලම නඩු දැම්මා නම් නරකද? තාත්තගේ කාලේ මූණු පොතේ වත් විරෝධයක් දක්වන්න පුළුවන් කමක් තිබ්බේ නෑ.
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.
අමතක වෙලා අප්පච්චිගේ කාලේ වෙඩි තියලා මරපු අයටත් නඩු දායිද?
එතකොට නිරායුධ උද්ඝෝෂකයින්ට ඉස්සර කාලේ වගේ වෙඩි තියලා මැරුවොත් එතකොට නඩු දාන්නේ නැද්ද?
වෙඩි තියලා මරන්නේ නැතුව කනට ගහල එවපු එක ගැන සතුටු වෙන්න... මේක තමයි යහපාලනේ, අප්පොච්ච හිටිය නම් කොල්ලට බඩුම තමා...
ඒකාබද්දෙට තුරුම්පු ගහල ගහල තවත් ගහන්න දෙයක් ඇත්තෙම නෑ ... බුද්දිමත් ජනතාව මොවුන්ට අහුවෙන්න නම් එපා ...
රොෂේන් චානක , ඇන්ටනි එහෙම අමතකද දන්නේ නෑ ඒකාබද්දෙට ?
මෙයාගේ න්‍යාය අනුව රෑට ගෙවල් බිඳින්න ගිහින් කළුවරේ පුටුවක් හැප්පිලා කකුල තුවාල වුනහම මංකොල්ල කාරයට මුලික අයිතිවාසිකමක් ලැබෙනවා නොසලකිලිමත්කමින් පුටුවක් තියල තමන්ගේ කකුල් තුවාල කලාට ගෙහිමියාගෙන් වන්දි ඉල්ලන්න. ඊට වඩා නීති දැනුමක් අපිට බලාපොරොත්තු වෙන්නත් බෑ ඉතින්.
නාමල් රාජපක්ස මහතාට මතක නැද්ද පියාණන් වහන්සේ වතුර ඉල්ලු ජනතාවට වෙඩි තිබ්බා
තුවක්කුව සෙල්ලම් - නිසා නඩු නැත්නම් -පැරදී දාන සෙල්ලම් - බලාගෙන අපි බත්ම කන්නම් -