(සනත් ගමගේ)
තංගල්ලේ සිට බිබිල දක්වා ගමන් ගත් කුඩා මාළු ලොරියක මාළු පෙට්ටි අස්සේ සඟවාගෙන රැගෙන යමින් තිබූ අරක්කු බෝතල් 28 ක් සමග පුද්ගලයකු අද (04) අම්බලන්තොට වලවේ ගඟ පාළම අසලදී අත්අඩංගුවට ගත් බව මාතර තංගල්ල දිසා විශේෂ විෂ මත්ද්‍රව්‍ය වැටලිම් ඒකකය කියයි.
හෙට (05) පෝය දිනය හේතුවෙන් අරක්කු තැබෑරුම් වසා දමන හෙයින් වැඩි මිලට විකිණීම සඳහා මෙම අරක්කු රැගෙන යන්නට ඇතැයි අනාවරණය වූ බව පොලීසිය කියයි.
සැකකරු සමඟ අත් අඩංගුවට ගත් අරක්කු බෝතල් අම්බලන්තොට පොලිසියට බාර දී ඇත.
තංගල්ලෙන් මාළු පටවා අම්බලන්තොට තැබෑරුමකින් අරක්කු ගෙන මාළු පෙට්ටි අතරේ සඟවාගෙන යන බවට පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන අරක්කු පාවිච්චි කරන මාළුත් ඇති... සීතල නිසා ටිකක් දා ගන්නත් පුළුවන්නේ.
මාළු කල් තබා ගන්න ෆෝමලින් දැම්මහමත් අත් අඩංගුවට ගන්නවා. මාළු කල් තබා ගන්න අරක්කු දැම්මහමත් අත් අඩංගුවට ගන්නවා. අනේ මන්ද, මෙහෙමත් පොලිසියක්.
මගේ ළඟට ඇවිත් ආපසු හැරිලා යන්නෙපා ..... ඇතුලේ බඩු තියනවා ....
මාළු නරක් නොවී දිගු කලක් තබාගතහැකි ක්‍රමයක් විය හැකියි. මොනවා උනත් කල් තබා ගැනීමට ෆෝමලීන් වෙනුවට අරක්කු යොදා ගන්න එක හොඳයි.
රටේ මත්පැන් වලට තිබෙන දැඩි නීති ලිහිල් කළ යුතුය.... එතකොට ජාවාරම් කාරයන්ට ඉඩක් නැත . දැනට තිබෙන නීති නිසා පොහොසත් වෙන්නේ සුරාබදු නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් .