සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් කැලණිය සරසවියේ වෛද්‍ය පීඨය හැර සෙසු සියලුම පීඨ වසා දැමීමට තීරණය කර තිබේ. පැවැත්වීමට නියමිතව තිබූ වෛද්‍ය ප්‍රදර්ශනය අවලංගු කර ඇත.
සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් කැලණිය සරසවියේ වෛද්‍ය පීඨය හැර සෙසු සියලුම පීඨ වසා දැමීමට තීරණය කර තිබේ. පැවැත්වීමට නියමිතව තිබූ වෛද්‍ය ප්‍රදර්ශනය අවලංගු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න.....රටට වැඩදායි නියම එළකිරි කොල්ලෝ සෙට් එකක්.... ...තව හොඳට ගහ ගනිල්ලා..ජයවේවා!!! .
මම නිවැරදිය අනිකා සම්පුර්ණයෙන්ම වැරදිය යන මතයේ සිටිනතාක්කල් මෙවැනි සිදුවීම් නිරතුරුවම අපට දැක ගැනීමට හැකිවනු ඇත.විශ්වවිද්‍යාල වල පමණක් නොව ඕනෑම ශේස්ත්‍රයක මෙවැනි සිදුවීම් වැලැක්විය නොහැක.
ලංකාවේ සරසවි සිසුන් යනු බාහිර සමාජයේ අදහස් වලට ඇහුම් කන්දෙන හෝ ගරු කරන කොටසක් නොවෙයි. ඔවුන් සිතනුයේ උසස්පෙළ සමත් නිසා තම මතය අන් අයගේ මතයට වඩා සෑම විටම නිවැරදි බවයි. අන් අදහස් තර්කනුකුලව බැහැර කිරීම කල නොහැකි විට "අපි සරසවි සිසුන්, අපිට තේරෙන දේ උඹලට තේරෙන්නේ කොහොමද" යන තර්කය යොදාගනිමින් බැහැර කරනවා. අන් අයගේ අදහස් තඹ දොයිතුවකට මායිම් නොකර පිස්සු නටන විචාර බුද්ධිය ඉතා දුර්වල මෙවන් පිරිසකට මහජන මුදල් වැයකොට අද්‍යාපනය ලබාදීමට සිදු වීම ජාතියේ අවාසනාවකි.
හරිහැටි යමක් ඉගෙන ගන්න කලින්ම ඔලුවේ අං පැළවුණාම ඉතින්, ඒ අන්දෙකෙන් වැඩක් ගන්න බලනවා මිසක්, වෙන වැඩක් කරන්න හිත දෙන්නේ නැතිව ඇති...
නිදහසේ ඉගෙනගත හැකි වාතාවරණයක් දැන් සරසවි තුළ නැත. මුලික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැති රටක සරසවි තුල ඕනෑම දෙයක් විය හැක.
ඒ ඉතුරු කට්ටියටත් ඈත ඉඳන් ගල් පාරක්වත් දුන්නා නම් සේවක මහත්තුරු සියලු දෙනාටම ගෙදරට වෙලා විවේකයක් ගන්න තිබුණා.
මේ වෛද්‍ය ප්‍රදර්ශනයේ, ප්‍රදර්ශනය කිරීමට තිබුනේ වර්ජන කිරීම, පාරේ හූ කීම, අට්ටාල උඩ නැගීම වැනි දේද?
කෙනෙක් මුලික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ගැන කතා කරනවා , සිසු ගැටුකම් කියන්නේ මොකද්ද හැමදේටම රජයක් ගාවගෙන සුදනෝ වෙන්න හදනවා
කිසිම දෙයක් දන්නේ නැතුව බොරුවට කෑ ගහන්න එපා දැන් කැම්පස් යන්න බැරි උන අයට ගොඩක් රිදිලා තියෙන්නේ
විනයක් නැති බංකොලොත් දේශපාලන පක්ෂ රජකරන සරසවි තමා අපේ රටේ තියෙන්නේ.
ඉඳුනිල් ලියලා තියෙන්නේ බොහොම ප්‍රාථමික අදහසක්. මොලයේ ප්‍රමාණයට නොවැ සිතුවිලිත්.
මෝඩ අයාලේ ගිය දරුවන්! ජවිපේ වගකිව යුතුයි. මේ ඔක්කොටම!
මොකෝ අපි නොදන්නේ ..හොඳට දන්නවා වෙන දේවල් ..... ඕවයේ වෙන ඒවා දැනගන්න කැම්පස් යන්නම ඕනේ නැත.
මෙතන අදහස් දාලා තියන උගත් බුද්ධිමත් නෝනා මහත්තුරු දන්නවාද දන්නෑ. මිනිසාගේ හැසිරීම, ඉතිහාසහය තුළත්, වර්ථමානය තුළත් අවේගකාරි ප්‍රචන්ඩකාරීයි. එ්කට උගත්ද, නූගත්ද බුදධිමත්ද, ජාති, පන්ති, පුරුෂ භේද කියලා නෑ. එ්ක මිනිසාගේ හැටි. එ්ක මානව විද්‍යාවෙන් ද පිළිගත් දෙයක්. හිතට එකඟව හිතන්න ඔයාලා කවදාවත්ම තරහ අරගෙන, රණ්ඩුවෙලාම නැද්ද? කැම්පස් කොල්ලො එක්ක තරහ තියන අයත් මේ වගේ දෙයක් අහුවුනාම උඩපැන පැන ගහනවා එ්කත් මිනිසාගේම ගතියක් තමා. මතක තියාගන්න ගැටීම කියන්නේ හැම තැනම. හැම වෙලේම තියන දෙයක්. ජේසුස් වහන්සේ කුරුසෙට තියලා අැන ගැහුවා. එතනත් තිබ්බේ ගැටීමක්. කෝ දෙවියන්ටවත් එ්ක නවත්තන්න පුලුවන් වුනා ද?
ඔය වාගෙ කැම්පස්වලට නොයන එකමයි හොඳ..
මේක හීන මානය තුළින් ඉබේම මතු කර ගන්න උත්සාහ කරන පන්ති සටනක් විනා අන් කිසිවක් නොවෙයි.
බද්රානි, එහෙමද මන් කොහොමත් ඔයාල ලොකු මොලයක් තියනවා කියලා හිතන් ඉන්න අයට අනුකම්පා කරනවා. කැම්පස් එකේ ඉන්න ඉඳලා තියෙන අය දන්නවා ඇත්ත.
ප්‍රාථමික වුණාට සරල ඇත්ත කථාව ඉඳුනිල් කියලා තියෙන්නේ. කැම්පස් ළමයි ගහගන්න එක හොදයි කියන් නෑ. ඒත් ලද අවස්ථාවෙන් බොර දියේ මාළු බාපු එක සමහරක් මෙතන කරලා තියෙන්නේ.
ඉඳුනිල් , රිදෙන්නේ කැම්පස් නොගිය අයට නෙවෙයි මේ කියන රණ්ඩුවෙලා ගුටි කාපු තරුණ උගත්තු ටිකට.! උගත්කම කියන්නේ බුද්ධිමත්කම නෙවෙයි. අධ්‍යාපන සහතික වලින් වැඩක් නැහැ රටට බරක් නොවී ජීවත් වීමේ කුසලතාව නැති නම්.
ඉඳුනිල් කියන කෙනා, හිතන්නේ සරසවියට ගිය පලියට රටේ ඔක්කොම මිනිස්සු මෝඩයන් සහ සරසවි සිසුන් සහ උපාධිධාරීන් පමණක් බුද්ධිමත් උදවිය කියායි. එතකොට බැරි වෙලාවත් ඔයාගේ පවුලේ වැඩිහිටියන් සහ සෙස්සෝ උපාධිධාරීන් නෙවෙයි නම් ඒ ගොල්ලන්ව දමන්නේත් ඔය කියන මෝඩ ගණයටද?
හසිත් නැත මගේ ප්‍රතිචාරය දුන්නේ බද්රනි දැමු ප්‍රාථමික යන වචනයට මිසක් වෙන දෙයක් නෙමේ.