(ඉන්දිකා රාමනායක)
යතුරුපැදියක ලියාපදිංචි පොතේ පිටපතක් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගෙන් ලබා ගැනීමට රුපියල් 2000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් තැරැව්කරුවකු සහ අල්ලස් ලබා දුන් පුද්ගලයකු අද (4) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.
මෙම ස්ථානයේ සේවාවන් සපයා ගැනීමට තැරැව්කරුවන් සිටින බවට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට ලැබුණ තොරතුරු මත නිලධාරීන් එම ස්ථානයේ ආවේක්ෂන රාජකාරියේ නිරත වී සිට ඇත.
ඒ අනුව අදාළ පුද්ගලයින් මෙම අල්ලස් හුවමාරු කරගන්නා අවස්ථාවේදීම අත්අඩංගුවට ගත් බව එම කොමිසම කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් 2000 ගත්ත මිනිහව ඇල්ලුවට මිලියන 160 ගෙයක් ගත්ත මිනිහව අල්ලන බැහැනේ.