(සමන් පාලිත නානායක්කාර)
බණ්ඩාරවෙල සිට මරංගහවෙල දක්වා ධාවනය වූ ලංගම බස් රඛයක් හපුතලේ උඩවිහාරගල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන ගල් ඇන්දක හැපීමෙන් දෙදෙනකු මියගොස් 20 දෙනකු පමණ තුවාල ලබා රෝහල් ගත කළ බව හපුතලේ පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ අනතුරට පත් බසයේ රියැදුරා වූ කීර්ති බණ්ඩාර පද්මසිරි සහ බණ්ඩාර පොලිසියේ කොස්තාපල් බණ්ඩාර (42826) නමැත්තෙකි.
තුවාල කරුවන් හපුතලේ දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තත්ත්වයේ පසුවූ දස දෙනකු දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
හපුතලේ බෙරගල බෑවුම් සහිත මාර්ගයේ ගමන් ගත් බස් රථය තිරංග ක්‍රියා විරහිත වී දකුණු පස ගල් ඇන්දට හරවා නතර කර ගැනීමට එහි රියදුරා ක්‍රියකර ඇති බව මූලික පරික්ෂණවලින් හෙළිවී ඇතැයි හපුතලේ පොලිසිය කියයි.
ගල් ඇන්දේ වැදීමෙන් බස් රථයට දැඩි හානි වී ඇත. වම් පසට ගියේ නම් අඩි දහස් ගණනක් ප්‍රපාතයට පෙරළිය හැකි ව තිබූ බව ද එහි නැරඹීමට පැමිණි පිරිස් අප සමග පැවැසූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසන් මොහොතේ ජීවිතගණනනාවක් බේරාගෙන තම ජීවිතය පුද කරන්න උනා. ඉතාම කණගාටුයි. ඔබ දෙපලට නිවන් සුව පතමි. මේ බස් රථ නම් බොහෝ පරණ ඒවා මේ වගේ ප්රදේශ වලට යොදන එක සුදුසු නැහැ. සමහර විට නඩත්තු අඩුපාඩු තියෙන්න ඇති.
කඳු පළාත් වල දුවන බස් වල ක්ලච්, තිරිංග සහ රෝද වල තත්ව පරීක්ෂාවක් සතියකට වරක්වත් කළ යුතුයි. එන්ජිමේ හෝ අනෙකුත් උපාංග වල දෝෂ තිබුණත් නැතත් සතියකට වරක් කරන පරික්ෂවලින් මෙවැනි අනතුරු වලක්වා ගත හැකිය. මේ පරික්ෂාවට ඉංග්රීසියෙන් කියන්නේ ප්රිවෙන්ටිව් මේන්ටනන්ස් කියලා.
එතකොට මේ බස් වල හෑන්ඩ් බ්රේක් නැද්ද ?
ගිය සතියේම කතා කරේ එල්ලිලා මැරිච්ච නළුවෙක් ගැන. මේ වගේ වීරයෝ ගැන කතාකරන්න කියලා මම ඉල්ලා සිටිනවා.